ජෙඩා හා රියාද් නගරවල සිටි  ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම අවසන් 

ජෙඩා හා රියාද් නගරවල සිටි  ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම අවසන් 
 
සෞදි අරාබියේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අවසන් කණ්ඩායම ඊයේ (19) දින මෙරටට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
 
එම කණ්ඩායම රැඳවියන් 103 දෙනෙකුගෙන් සමන්විත විත බවත්, ඒ් අනුව  රියාද් සහ ජෙඩා හි කඳවුරුවල රඳවා සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන අවසන් කළ බවත් රජය නිවේදනය කරයි.
 
අමාත්‍යංශය පවසන පරිදි පසුගිය මාසයේ සිට කාන්තාවන් 49 ක් සහ පිරිමින් 131 ක් ඇතුළු පුද්ගලයන් 180 දෙනෙක් නැවත ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. 
 
2020 ජූලි මාසයේ සිට පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් 334 දෙනෙකු සෞදි අරාබියේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
 

පිටුවහල් කිරීමේ කඳවුරේ රැඳවියන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ මෙම ක්‍රියාවලිය සාර්ථක වූයේ සෞදි බලධාරීන්, රියාද්හි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය සහ ජෙඩාහි කොන්සල් ජනරාල් කාර්යාලය අතර පැවති අඛණ්ඩ සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.