කුවේටයේ සිටින විදේශිකයින්ට වීසා සම්බන්ධයෙන් අලුත් නිවේදනයක්!

කුවේටයේ සිටින විදේශිකයින්ට වීසා සම්බන්ධයෙන් අලුත් නිවේදනයක්!
ගෘහ සේවිකාවන් සදහා ඇතුලත්වීමේ වීසා ( entry visa duration) කාලය මාස 3 සිට 6 දක්වා දීර්ඝ කරන ලෙස කරන ලද ඉල්ලීමකට කුවේටයේ අභ්යන්තර කටයුතු අමාත්යාංශයේ අනුමැතිය ලබා දී තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 

ගෘහ සේවිකාවන් සඳහා ඇතුලත්වීමේ වීසා කාලය මාස 3 සිට 6 දක්වා දීර්ඝ කරන ලෙසත් ඔවුන්ගේ වීසා වලංගුභාවය වසර දෙකක් වෙනුවට මාස දහ අටක් නම්  විදේශ ගමන් බලපත්‍ර වල මුද්‍රණය කරන ලෙසත් කරන ලද ඉල්ලීමකට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය අනුමැතිය ලබා දී තිබේ.

ගෝලීය කොරෝනා වසංගතයේ හේතුවෙන් මෑත මාස වලදී කුවේටය විසින් පනවා ඇති සංචාරක සීමාවන් හේතුවෙන් ගෘහ සේවිකාවන් ඇතුළු විදේශීය ශ්‍රමිකයන් දහස් ගණනක් කුවේටයෙන් පිටත නැවත පැමිණීමට නොහැකිව රැඳී සිටී.

මේ සතිය මුලදී කුවේටය කියා සිටියේ නේපාලය , පකිස්තානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රථ වලින් පැමිණෙන මගීන් වැඩිදුර දැනුම් දෙන තුරු රට තුළට ඇතුල්වීම තහනම් බවයි.

පසුගිය මාසයේ අගදී කුවේට් බලධාරීන් විසින් ඉන්දියාව සමඟ ඇති සියලුම වානිජ ගුවන් ගමන් තවදුරටත් දැනුම් දෙන තුරු තහනම් කරන ලදී.