All Stories

ලෙබනනය ආර්ථික අර්බුදයේ උග්‍රම අවදියක

අදවනවිට ලෙබනනයේ ආර්ථික අර්බුදය දැඩි ලෙස උග්‍ර වී තිබෙන බවයි විදෙස් පුවත් සෙවා වාර්තා කරන්නේ.
 
ආර්ථික අර්බුදය  තුල එරට බැංකු පද්ධතියද දින නියමයකින් තොරව වසා දමා තිබෙන අතර ඒ හේතුවෙන් ජනතාව කෝපයට පත් වී සිටිනවා. බොහෝදෙනා තම මුදල් ලබා ගැනීමට බැංකු වෙත පැමිණියත්, ඒවා වසා තිබීම හේතුවෙන් ඔවුන් බැංකු කඩා බිඳ දමා විරෝධය පළ කරමින් සිටින බවත් සඳහන්.
 

ලෙබනනයේ ජනතාවගෙන් සියයට 80 කට වැඩි පිරිසකට ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොලැබෙන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. ලෙබනනය, මේ වන විට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති අතර, ඉදිරියේදී තවත් අර්බුද රැසක් ඇති විය හැකි බවයි, විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ.

ලෙබනනය ආර්ථික අර්බුදයේ උග්‍රම අවදියක

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image