සෞඛ්‍ය වෘත්තීයවේදීන් හෙට සිට වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීයවේදීන් හෙට සිට වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම් හතක් සඳහා විසඳුම්දීඹට රජය සහ සෞඛ්‍ය බලධාරින් අපහොසත්වීම හේතුවෙන් හෙට (07) දින සිට  දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජන ආරම්භ කරන බවත් එම කාලසීමාව තුල හදිසි/ජීවිතාරක්ෂක සේවාවන් පවත්වා ගැනීම පිළිබඳ දැනුවත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යවමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලපමණ්ඩලය දන්වා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අපේ අංක FHP/Gen/2022(02) දරණ 2022.01.27 දිනැති ලිපියෙන් දැනුම් දුන් පරිදි අදාල ගැටළු විසඳීම සඳහා වගකිවයුතු පාර්ශ්වයන්ගේ නිසි මැදිහත්වීමක් මේ වන තෙක් සිදුවී නොමැති වන බැවින් තීරණය කරගත් පරිදි 2022.02.07 වන දින උදෑසන 07 සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව නැවත දැනුම් දෙමු.

කෙසේ නමුත්, මෙම වර්ජන කාලය තුල මහජනතාවගේ පාර්ශ්වයෙන් අපට ඇති වගකීම පිළිබඳ සැලකිලිමත් වීමේදී විශේෂිත රෝහල් කිහිපයක සහ ප්‍රධාන රෝහල් හී හදිසි, ජීවිතාරක්ෂණ සේවා ස්වේච්ඡා පදනම යටතේ පවත්වා ගැනීමට අප සංගමයේ විධායක සභාව තීරණය කර ඇති බවද දැනුම් දෙමු.



තවත් පුවත් කියවන්න මෙතැනින්..

බස්නාහිර පළාත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය හා උද්ඝෝෂණය (PHOTO)

Omicron සීග්‍රයෙන් වැඩිවෙද්දී සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනයේ ආරම්භ කරයි

උතුරුමැද පළාත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය හා උද්ඝෝෂණය (PHOTO)

දකුණු පළාත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය (PHOTO)



මෙම සේවාවන් සපයනු ලබන්නේ සම්පූර්ණයෙන්ම ස්වේච්ඡා පදනම යටතේ වන බැවින් ඊට අදාලව ඉල්ලීමක් තිබිය යුතු වන අතර, ඒ පිළිබඳව මූලික එකඟතාවයක් ආයතන ප්‍රධානීන් ලබාදිය යුතුව ඇත.

ඇතැම් ආයතන ප්‍රධානීන් විසින් සේවාවන් පෞද්ගලික අංශයට යොමු කිරීම මඟින් ලැබෙන කොමිස් මුදල් සහ වෙනත් වාසි සැලකිල්ලට ගනිමින් මෙම සේවාවන් කඩාකප්පල් කිරීමට උත්සහ දැරීම සහ අප වෘත්තීය ක්‍රියාමාර්ගයට බාධා කිරීම සඳහා සැළසුම් සහගතව ක්‍රියාකිරීම , මෙම සේවාවන් පවත්වා ගැනීමට බාධාවක් වී ඇත.

උක්ත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආයතන ප්‍රධානීන් විසින් නිසි අන්තර් සහයෝගයකින් තොරව කටයුතු කරන ඕනෑම ස්ථානයක් එම හදිසි සේවාවන් වලින්ද ඉවත් වීමට අප සම්මේලනය පූර්ව වශයෙන් තීරණය කර ඇති බැවින්, වර්ජන කාලය තුල හදිසි සේවාවන් පවත්වා ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමු. ඒ සඳහා සුදුසු කඩිනම් අවස්ථාවක් ලබා දෙන්නේ නම් කෘතඥ වෙමු.