සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවිධිමත් දත්ත වලින් වසංගතය ගැන වැරදි මතයක් ජනගත කරනවා

ravi-kumudesh
  • කොවිඩ් ආසාධිතයන් 40,000 කට අධික ප්‍රමාණයක් සමාජයේ ඉන්නවා

සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් පරීක්ෂණ සඳහා ලබා දෙනු අඩු සැලකිල්ල සහ විද්‍යාත්මක පුරෝකථනයන් කරන්න දක්වන අකමැත්ත නිසා රට තුල කෝවිඩ් වසංගතය පිළිබඳව වැරදි මතයක් සහ තක්සේරුවක් සමාජගත වෙනවා.

රටේ පවතින පරීක්ෂණ කිරීමේ දුෂ්කරතාවය නිසා තමන්ට කෝවිඩ් ආසාදනයක් තිබෙන බව හොඳින්ම දන්නා ආසාධිතයන්ගෙන් භාගයකටත් වැඩි ප්‍රමාණයකට පරීක්ෂණයක් කරගන්න ලැබෙන්නේ නෑ. ඒ විදිහට කෝවිඩ් පරීක්ෂණයක් කරගන්න හිතෙන තරමට රෝග ලක්ෂණ හෝ සංකූලතා මතුවෙන්නේ ආසාධිතයන්ගෙන් 80% කටත් වඩා අඩු ප්‍රමාණයකට.

ඒ වගේම රෝහල් වල සහ ක්ෂේත්‍රයේ පරීක්ෂන වලින් භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට දත්ත විදිහට එකතු කර ගැනීමේ හැකියාවක් ඇත්තෙත් නෑ. ඒ විදිහට පරීක්ෂණ කරල වාර්තා කරන ආසාධිතයන් ගණන පවා මාධ්‍යයට නිවැරදිව වාර්තා වෙන්නේ නෑ.

ඇත්තම තත්වයට අනූව, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්තා කරන කෝවිඩ් ආසාධිතයන් ගණන වගේ 20 ගුණයකටත් වඩා වැඩි ආසාධිතයන් ප්‍රමාණයක් රට තුල ඉන්න බව අපිට උපකල්පනය කරන්න පුළුවන්. මාධ්‍ය වාර්තා කරන ප්‍රමාණයට සාපේක්ෂව ගත්තොත් එම සංඛ්‍යාව 40 ගුණයකට ආසන්න ප්‍රමාණයක්.

උදාහරණයකට පසුගිය 29 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය තුල පවතින වාර්තාවල සඳහන් වන ආසාධිතයන් සංඛ්‍යාව 1993 ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. නමුත් මාධ්‍යයට නිකුත් කරපු වාර්තා අනූව මාධ්‍ය වාර්තා කරන්නේ අසාධිතයන් සංඛ්‍යාව 1045 ක් කියලා. එතනම දෙගුණයකට ආසන්න අඩුවීමක් තියෙනවා. පරීක්ෂණ කරන්න බැරුව හැරිල ගිය හෝ පරීක්ෂණ නොකරපු අය මේ ගොඩට එකතු කලොත් එම සංඛ්‍යාව තවත් දෙගුණයකින් විතර වැඩි වෙනවා.

ඒ වගේම කොවිඩ් ආසාදනයේ ස්වරූපය ගත්තහම රට තුල ඉන්න ඇත්ත ආසාධිතයන් සංඛ්‍යාව ගැන අදහසක් ගන්න මේ සංඛ්‍යාව පස් ගුණයකින් විතර වැඩි වෙන්න ඕන.

ඒ අනූව මාධ්‍ය වාර්තා කරන කෝවිඩ් ආසාධිතයන් වගේ 40 ගුණයකට ආසන්න ප්‍රමාණයක්, එහෙම නැත්නං 40,000 කට වඩා වැඩි ආසාධිතයෝ ප්‍රමාණයක් මේ වෙලාවේ අපේ සමාජය තුල සැරිසරන බව අනුමාන කරන්න පුළුවන්.

සෞඛ්‍ය අමාත්‍යාංශය වසංගතය පුරෝකථනය කරන්නේ නැතිව අයාගේ යන ගමන නිසා වසංගතය අනවශය ලෙස සම්ප්‍රේෂණය වෙන එකත් වලක්වා ගන්න බැරිවෙලා තියෙනවා නිවැරදි විද්‍යානූකූල පරීක්ෂණ ක්‍රමවේදයකට අවතීර්ණ වෙලා නිවැරදිව වසංගතය පුරෝකථනය කරල දෙන එක රසායනාගාර සේවාවේ වගකීමක් උනත් එහෙම අවබෝධයකින් රසායනාගාර සේවා අංශයේ ප්‍රධානීන් කටයුතු නොකිරීම ජාතියේ අවාසනාවක්.

රවී කුමුදේශ්

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය