සෞඛ්‍ය අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා හෝ ඊට ඉහල රජයේ බලධාරීන් විසින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලු සදහා විසදුම් ලබා නොදීම හේතුවෙන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ඇරඹූ සංඛේත වර්ජනය ඊයේ (26) දින බස්නාහිර පලාත මුල්කරගනිමින් කොළඹ දී පැවත්වන ලදි.
සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඊයේ උදේ 7ට උතුරු පළාතේ ආරම්භ කරන ලද සංකේත වැඩ වර්ජනය 26 දින උදේ 7ට අවසන් කිරීමට නියමිතය. මෙම වර්ජනය බස්නහිර පළාතේ සියළු රෝහල් හා සෞඛ්‍ය ආයතනහි ක්‍රියාත්මක වූ අතර, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් ඇතුළු සියළු පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයින් මෙම වැඩවර්ජනයට සහභාගී විය.
මෙම වර්ජනයට සමගාමීව කොළඹ ජාතික රෝහල අසලින් ආරම්භ කරන ලද පෙළපාලිය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතා රැලියක්ද පවත්වන ලදී.
ඉල්ලීම් 07ක් මුල්කරගනිමින් මෙම විරෝධතාවය අරම්භ කරන ලද අතර, පහත සඳහන් ඉල්ලීම් ඉටු කරන ලෙස මෙම විරෝධතාවය ආරම්භ කරන ලදි.
එහිදි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේස් මහතා බස්නාහිර පළාත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ උද්ඝෝෂණය අතරතුරු මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, වැටුප් කොමිසමේ රෙදි ගලවලා දාලා. අද නිර්වස්ත්‍රව ඉන්නේ. ආණ්ඩුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය හොදින් දන්නවා වෙලා තියන වරද මොකද්ද කියලා. ආණ්ඩුව අනිත් සේරම අනලා දැම්මා වගේ, රටේ වැටුප් ප්‍රතිපත්තියත් ඉවර කරලා දාලා තියෙන්නේ. දැං සෞඛ්‍ය ඇමතිවරයා හැංගිලා ඉන්නේ. මොල හතේ මුදල් ඇමති ආගිය අතක් නැහැ. ප්‍රශ්ණය මග හැරලා, ප්‍රශ්ණයෙන් පලා ගිහින් ප්‍රශ්ණ විසදන්න බැහැ. ඒ නිසා අපි කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිට, බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිට කියනවා ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න. වුවමණාවෙන් වරද්දා ගත්ත ප්‍රශ්ණයක් වුණත්, පෞරුෂයක් තියෙන ඇමති කෙනෙකුට සාකච්චා කරලා විසදුම් හොයන්න පුළුවං. ඒත් අපේ රටේ ඇමතිලා ප්‍රශ්ණ දැකලා හැංගෙනවා. රටේ ප්‍රතිපත්ති වුවමණාවෙන් අවුල් කරලා මඟ හැරලා පලා යනවා.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ, වගකීමක් නැති ඇමතිලා සහ ආණ්ඩුවක් එක්ක, නිරුවස්තරයෙන් ඉන්න වැටුප් කොමිසමක් තියන රටක, අපිට වර්ජන කරනවා හැර වෙන විකල්පයක් ඉතිරි වෙලා නැහැ.ඒ නිසා බස්නාහිර වර්ජනයත් උත්තර දෙන්න ආණ්ඩුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත්නම්, අපි පෙබරවාරි 7සිට අඛණ්ඩ වර්ජනයකට යනවා.
අපි ප්‍රශ්ණ විසදාගෙන වැඩට එනකං සෞඛ්‍ය බලා ගන්න කියලා අපි සෞඛ්‍ය ලේකම් ඇතුළු නඩයට කියනවා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
පහත සඳහන් ඉල්ලීම් ඉටු කරන ලෙස මෙම විරෝධතාවය ආරම්භ කරන ලදි.










