උතුරුමැද පළාත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය හා උද්ඝෝෂණය (PHOTO)

mlt-anuradhpura

සෞඛ්‍ය අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා හෝ ඊට ඉහල රජයේ බලධාරීන් විසින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලු සදහා විසදුම් ලබා නොදීම හේතුවෙන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ඇරඹූ සංඛේත වර්ජනය ඊයේ (12) දින උතුරු මැද පළාත මුල් කරමින් අනුරාධපුර නගරයේදී පැවත්වන ලදි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඊයේ උදේ 7ට උතුරු පළාතේ ආරම්භ කරන ලද සංකේත වැඩ වර්ජනය 13 දින උදේ 7ට අවසන් කිරීමට නියමිතය. මෙම වර්ජනය උතුරු පළාතේ සියළු රෝහල් හා සෞඛ්‍ය ආයතනහි ක්‍රියාත්මක වූ අතර, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් ඇතුළු සියළු පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයින් මෙම වැඩවර්ජනයට සහභාගී විය.

මෙම වර්ජනයට සමගාමීව ගාල්ල නගරය පුරා විරෝධතා පා ගමනකින් ගොස්,  අනුරාධපුර නගර මධ්‍යයයේ විරෝධතා රැලියක්ද පවත්වන ලදී.

ඉල්ලීම් 07ක් මුල්කරගනිමින් මෙම විරෝධතාවය අරම්භ කරන ලද අතර, පහත සඳහන් ඉල්ලීම් ඉටු කරන ලෙස මෙම විරෝධතාවය ආරම්භ කරන ලදි.

1. පරීපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ උපාධිධාරී වැටුප් විෂමතාවය ඉවත් කිරීම

2. සමාන්තර සේවා සමග පවතින වැටුප් විෂමතාවය ඉවත් කල රනුක්ගේ වැටුප් කමිටු නිර්දේශ වහා ක්‍රියාත්මක කිරීම

3. වෛද්‍ය සේවාවේ ඒකාධිකාරියට ලක්ව ඇති සෞඛ්‍ය පරිපාළණය සදහා පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය නිළධාරීන් සදහා අවස්ථාව සලසා දීම.

4. පාළණයකින් තොරව ඉහල යන ඖෂධ මිල, ගජ මිතුරන්ගේ ගසා කෑම සදහා ස්ථාපිත කර ඇති තාක්ෂණික ඇගයිම් මාෆියාව වැලැක්වීම සදහා විධිමත් කළමණාකරණ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම.

5. දීමනා විෂමතාවය ඉවත් කිරීම

6. අමාත්‍ය මණ්ඩලයඅනුමත කල මාණ්ඩලික සේවා තත්වය, සහ 5/7 උසස්වීම් ක්‍රමය සදහා වහා චක්‍රලේඛ නිකුත් කිරීම

7. රාජ්‍ය පරිපාළණ චක්‍රලේඛ 6/2006 මගින් ඇතිකර ඇති සේවා වර්ගීකරණය, උසස් වීම් ක්‍රමය, ඇතුලු අසාධාරණය වැඩවසම් ප්‍රතිපත්තිය ඉවත්  කොට නව වැටුප් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම

mlt anuradapura 1 h

mlt anuradapura 3

mlt anuradapura 5

mlt anuradapura 6

mlt anuradapura 7

mlt anuradapura 4 h

mlt anuradapura 8

mlt anuradapura 9 h

mlt anuradapura 10