බස් සංගම් හදිසියේ තීරණයක් ගනී

බස් සංගම් හදිසියේ තීරණයක් ගනී

ඉන්ධන නොමැති වීම හා ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පෞද්ගලික බස් රථ දහඅට දහසකින් බස් රථ පහළොස් දහසක්ම ඊයේ (27 වැනිදා) ධාවනය නොවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙයි.

මෙරට තුළ පෞද්ගලික බස් රථ දහඅට දහසක් ඇතත් කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ධාවනයට එක්ව ඇත්තේ බස් රථ දහතුන් දහසක් පමණක් බවත් එයිනුත් ඊයේ ධාවනය වූයේ බස් රථ තුන්දහසක් පමණක් බවත් සභාපතිවරයා කීවේය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබාදීමේ වැඩපිළිවෙළක් හඳුන්වාදී ඇතත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවද ඔහු කීවේය.

අද දිනයේදී මෙම බස් රථ සංඛ්‍යාව හෝ ධාවනය වනු ඇතැයි බලාපොරොත්තු තැබිය නොහැකි බවද හෙතෙම කීවේය.