කඩිනමින් නව ගුරු පත්වීම් 26,000ක් - පළාත් මට්ටමින් උපාධිධාරීන්ට අවස්ථාව

කඩිනමින් නව ගුරු පත්වීම් 26,000ක් - පළාත් මට්ටමින් උපාධිධාරීන්ට අවස්ථාව

පලාත් මට්ටමින් ගුරු රැකියා අපේක්ෂාවෙන් සිටින උපාධිධාරීන්ට වැදගත්වන නිවේදනයක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් නිකුත්කර තිබේ.

දීපව්‍යාප්ත පාසල්වල පවතින ගුරු හිඟයට පවතින ගුරු හිඟයට පිළියම් වශයෙන් කඩිනමින් ගුරුවරුන් 26000 ක් බඳවා ගැනීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ප්‍රකාශ කර තිබේ.

නුවරඑළිය ප්‍රදේශයේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.




ඉදිරි සති කිහිපය තුළ ගුරු – විදුහල්පති හිඟයට විසඳුම් ලබාදීමට රජය සැලසුම් කරමින් සිටින බවත් පළාත් මට්ටමින් සාකචිඡා ආරම්භ කර ඇති බවත් පළමුව එය වයඹ පළාතින් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කලේය.