සුදුසුකම් සැපිරූ අයට 4 වෙනිදා සිට ක්‍රියාත්මකවන පරිදි ගුරු පත්වීම්

සුදුසුකම් සැපිරූ අයට 4 වෙනිදා සිට ක්‍රියාත්මකවන පරිදි ගුරු පත්වීම්

2017 සහ 2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ලබන 4 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ගුරු පත්වීම් ලබා දීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පාසල් සඳහා පත්වීම් ලැබීමට නියමිත ශික්ෂණලාභීන්ගේ නාම ලේඛනය සියලු තොරතුරු සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේ http://www.moe.gov.lk වෙබ් අඩවියේ පළ කර ඇති බවයි.

ජාතික පාසල් සඳහා අනුයුක්ත කර ඇති පත්වීම්ලාභීන්ගේ පත්විම් ලිපි මේ වනවිට අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති අතර, ඔවුන් ලබන මැයි මස 4 වැනිදා අදාළ පාසලේ විදුහල්පති හමුවී පත්වීම් ලිපිය ලබාගෙන අදාළ පත්වීම් භාර ගැනීම සිදු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.




පළාත් පාසල් සඳහා අනුයුක්ත කර ඇති පත්වීම්ලාභීන් හට අදාළ ලිපි පළාත් අධ්‍යාපන ලේකම් විසින් ලබා දීමට නියමිතව බව ද නිවේදනයේ සඳහන්.