‘ආණ්ඩුව මහජන මතයට හිස නමා ගෙදර යන්න’ - ෆ්‍රොටෙක්ට් සංගමය

‘ආණ්ඩුව මහජන මතයට හිස නමා ගෙදර යන්න’ - ෆ්‍රොටෙක්ට් සංගමය

‘ආණ්ඩුව මහජන මතයට හිස නමා ගෙදර යයි’ යන තේමාව මුල්කර ගනිමින්  ගෘහස්ථ වෘත්තීය සමිතියක් වන ෆ්‍රොටෙක්ට්  සංගමය හැටන් නගරයේදී මැයි දින රැළියක් සහ පෙළපාලියක් පවත්වන ලදි..

 ප්‍රොටෙක්ට් සංගමයේ දිස්ත්‍රික් සංවිධායක කරුප්පයියා මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැලිය සහ පෙළපාලිය, https://wedabima.lk/union-news/local/2022-03-02-03-29-41හැටන් ජැස්මින් හන්දියෙන් ආරම්භ වූ පෙළපාලිය හැටන් හරහා රැස්වීම් ශාලාව වෙත පැමිණිනෙන ලදි.

රටේ පවතින ආර්ථික අර්බුදයෙන් වැඩිපුරම පීඩාවට පත්ව සිටින්නේ ගෘහ සේවිකාවන් බවත්, ඔවුන් සේවය කරන නිවාස ආර්ථික අර්බුදයට ලක්ව ඇති නිසා ඔවුන්ට වැටුප් ගෙවා ගැනීමට නොහැකිව විශාල ලෙස ආර්ථික ගැටලුවලට මුහුණ පා සිටින බවද බවත්, ගෘහ සේවය මෙතෙක් අවිධිමත් රැකියාවක් ලෙස සැලකූ බැවින් ස්ථීර වැටුපක් නොමැතිව අඩු වැටුප් ලබන අප අද අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවත් මෙම රැළියේදි අදහස් දැක්වමින් කාන්තා නායිකාවන් පවසා සිටියා.



එබැවින් තම ගෘහ සේවය විධිමත් රැකියාවක් ලෙස පිළිගෙන අවම වැටුපක් සහ අනෙකුත් මූලික අයිතීන් ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියා.