විධිමත් හා අවිධිමත් අංශවල වෘත්තීය සමිති හා එක්ව ප්‍රොටෙක්ට් සංගමය ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි!

විධිමත් හා අවිධිමත් අංශවල වෘත්තීය සමිති හා එක්ව ප්‍රොටෙක්ට් සංගමය ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි!

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය විසින් සංවිධානය කරන ලද කාන්තා දින සැමරුම ඊයේ (13) බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී පැවැත්විණි. ඒ සඳහා ප්‍රොටෙක්ට් සංගමයේ හැටන්, ලක්ෂපාන සහ කොළඹ යන ශාඛාවල සාමාජිකාවන් සහභාගි විය. ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය අවිධිමත් අංශයේ කම්කරුවන් සංවිධානය කරන වෘත්තීය සමිතියක් වුවත් මෙම සැමරුම සඳහා සඳහා විධිමත් අංශයේ කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිති නායකයින් සහ සාමාජිකයින් සහභාගි වීම ද විශේෂත්වයකි.

n8

n4

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ ප්‍රධාන තේමාවන් වූ  "තිරසාර හෙටක් සඳහා අද ස්ත්‍රීපුරුෂ සමාජභාවීය සමානාත්මතාවය වෙනුවෙන් පෙළ ගැසෙමු" යන්න සහ "පක්ෂග්‍රාහීත්වය බිඳ දමමු" යන තේමාවන් දෙක කේන්ද්‍ර කොට ගනිමින් මෙම සැමරුම සංවිධානය වී තිබිණි. එහි දී 'සමාජයේ කාන්තාවට හිමි තැන සහ රාජ්‍ය අංශයේ කාන්තාව මුහුණදෙන ගැටලු' යන තේමාව ඔස්සේ,ජාතික වෘත්තීය සමිති පෙරමුණේ ජාතික සංවිධායක තමරා දයානි සහෝදරිය අදහස් දැක්වූ අතර, 'තිරසාර හෙටක් සඳහා අද ස්ත්‍රීපුරුෂ සමාජභාවීය සමානාත්මතාවය' යන තේමාව ඔස්සේ ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමයේ විධායක කමිටු සාමාජික නිලන්ති රණසිංහ සහෝදරිය අදහස් දැක්වීය. ඊට අමතරව, 'ඇඟලුම් කර්මාන්තයේ සේවය කරන කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය සහ ඔවුන් මුහුණ දෙන ගැටලු' යන තේමාව ඔස්සේ ඩාබිඳු සාමූහිකයේ ජාතික සංවිධායක චමිලා තුෂාරි සහෝදරිය මෙම කාන්තා දින සැමරුමෙහි සිය අදහස් දැක්වීය.

n3

n5

n9

මෙම කාන්තා දින සැමරුමේ දේශන වලට අමතරව සංගමයේ සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් නර්තනාංග සහ වේදිකා නාට්‍යක් ද රඟ දක්වනු ලැබීය. මෙම සැමරුමෙහි ප්‍රධාන දේශන තුනට අමතරව පැවති අදහස් දැක්වීම් සහ අනෙකුත් අංග සියල්ල ප්‍රොටෙක්ට් වෘත්තිය සමිතියේ සාමාජිකත්වය දරන ගෘහස්ථ කම්කරු කාන්තාවන් ඇතුළු අවිධිමත් අංශයේ සේවයෙහි නියුතු කාන්තාවන් විසින් පවත්වනු ලැබීම විශේෂත්වයකි.

-ප්‍රොටෙක්ට් සංගමය-