ගිනිහත්හේනේ දී, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ප්‍රොටෙක්ට් සංගමයෙන් වැඩසටහන් මාලාවක් !

ගිනිහත්හේනේ දී, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ප්‍රොටෙක්ට් සංගමයෙන් වැඩසටහන් මාලාවක් !
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් සහ ලක්ෂපාන ශාඛාවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු වැඩසටහන් මාලාවක් ඊයේ (09) ගිනිගත්හේන නගරය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්විණ. ඒ සඳහා ගෘහස්ථ ශ්‍රමිකයන් ඇතුළු අවිධිමත් අංශයේ සහ ස්වයං රැකියාවල නියුතු කාන්තාවන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
 
එම වැඩසටන් මාලාවේ පළමුවැන්න ලෙස ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් සහ ලක්ෂපාන ශාඛාවල සාමාජිකයන් විසින් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලිපියක් බාර දෙමින්, සංගමය විසින් අවිධිමත් අංශයේ සහ ස්වයං රැකියාවල නියුතු වන කම්කරුව්න් වෙනුවෙන් පවත්වනු ලබන පුහුණු වැඩසටහන්වල දී අවශ්‍යය කරන සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.
ඉන් අනතුරුව අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට ගිනිගත්හේන නගරය වෙත පා ගමනින් පැමිණි පිරිස ගිනිගත්හේන නගරයේ පොදු ජනතාව දැනුවත් කරමින් ඔවුන්ට ආරාධනා කළේ, 'තිරසාර හෙටක් සඳහා අද ස්ත්‍රී-පුරුෂ සමාජභාවය වෙනුවෙන් නැගී සිටීමට' පෙරට පැමිණෙන ලෙසයි. ඒ අතරවාරයේ ම 'වැඩබිම් තුළ කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය වෙනුවෙන් පෙළගැසෙමු' යන මැයෙන් අත්සන් ව්‍යාපාරයක් (Signature campaign) ද සංවිධානය කොට තිබිණි.
 
 


 
IMG1
 
low1
 
ඉන් අනතුරුව ප්‍රොටෙක්ට් සංගමය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුමක් ගිනිගත්හේන සී/ස විවිධ සේවා සමූපකාර සමිති ශාලාවේ දී පැවත්විණි. එහි දී කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පැමිණ සිටි පිරිස වේදිකා නාට්‍යයක් ඇසුරෙන් ද දැනුවත් කරන ලදි.  මෙම අවස්ථාවට ගිගත්හේන පොලීසියේ කාන්තා සහ ළමා ඒකකය නියෝජනයනය කරමින් නිලධාරිනියක්, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරයා, ගිණිගත්හේන- පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියත් යන නිලධාරීන් පැමිණ සිටි අතර ලංකා වතු සේවා සංගමය ඇතුලු වෘත්තීය සමිති නියෝජනය කරමින් එහි නියෝජිතයන් සහ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් පිරිසක් ද සහභාගි වී සිටියහ.
 

-ප්‍රොටෙක්ට් සංගමය-