සංක්‍රමණික කම්කරුවන්ගේ අයිතිවාසිකම් ගැන ප්‍රොටෙක්ට් සංගමයෙන් දැනුවත් කිරීමක්

දෙසැම්බර් මස 18 වන දිනට යෙදුණ ජාත්‍යන්තර සංක්‍රමණික දිනයට සමගාමීව ප්‍රොටෙක්ට් සංගමය විසින් සංවිධානය කරන ලද මහජන දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ වීදි නාට්‍ය ප්‍රදර්ශනයක් පසුගිය දා (දෙසැ 19) දෙමටගොඩ මිහිඳුසෙන්පුර මහල් නිවාස සංකීර්ණයේ දී පැවැත් වුණි.
සංක්‍රමණික කම්කරුවන් යනු "රට විරුවන් ද ? මිනිස් බෝම්බ ද?" යන මැයෙන් මෙම වීදි නාට්‍ය ප්‍රදර්ශනය කෙරුණි. එය නැරඹීමට සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයන් හා මිහිඳුසෙන්පුර මහල් නිවාස වාසීන් විශාල පිරිසක් රැස්ව සිටියහ. එහි දී ප්‍රොටෙක්ට් සංගමයේ සාමාජිකයන් විසින් සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ද රැස්ව සිටි පිරිස් දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.



