උපාධිධාරී ගුරු පත්වීම් ගැසට් වෙයි -මේ අවස්ථාව ගුරු අපේක්ෂාවෙන් සිටින ඔබටයි

උපාධිධාරී ගුරු පත්වීම් ගැසට් වෙයි -මේ අවස්ථාව ගුරු අපේක්ෂාවෙන් සිටින ඔබටයි

බස්නාහිර පලාත් සභාවේ රජයේ පාසැල් උපාධි ගුරු විවෘත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවා ඇත. විෂයයන් 31 ක පුරප්පාඩු සඳහා, සිංහල, දෙමල හා ඉංග්‍රීසි භාෂා මාධ්‍යයන්ගෙන් ගුරු සේවයේ 3 පන්තිය 1 (අ) ශ්‍රේණියට මෙලෙස බඳවා ගනි. බස්නාහිර පළාතේ ස්ථිර පදිංචි, අවු. 18 නොඅඩු සහ අවු. 40 නොවැඩි, උපාධිධාරින්ට මීට ඉල්ලුම් කළ හැක.

අයදුම්කරුවන් ලිඛිත තරඟ විභාගයකට සහ ප්‍රායෝගික පරීක්ෂණයකට මුහුණ දිය යුතුය.

මාර්ග ගත ක්‍රමය මඟින් (Online) අයඳුම්පත් කළ හැකි අවසාන දිනය 2021.05.10 වෙයි.මෙම දිනට පෙර මාර්ගගත ක්‍රමය මඟින් අයඳුම් කිරීමෙන් පසු බාගත කරන ලද යොමු අකය (Reference No) සහිත අයඳුම්පත්,අයඳුම්කරුගේ අත්සනින් යුතුව හා අත්සන් සහතික කර ගැනීමෙන් පසුව 2021.05.17 වැනි දිනට හෝ ඊට පෙර "ලේකම්, බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, නො.628,10 වන මහළ, ජනජය සිටි ගොඩනැඟිල්ල, නාවල පාර, රාජගිරිය යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි.

සම්පූර්ණ නිවේදනයට මෙතනින් පිවිසෙන්න...