කොරෝනා තැපැල් කාර්යාල 22 වසා දමයි

කොරෝනා තැපැල් කාර්යාල 22 වසා දමයි

තැපැල් සේවකයින් 40 කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් කොම්පඤ්ඤ වීදිය, පානදුර, කෙසෙල්වත්ත හා ත්‍රිකුණාමලය ප්‍රධාන තැපැල් කාර්යාල වසා දමා ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් උප තැපැල් කාර්යාල 22 ක් ද තාවකාලිකව වසා දමා ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

 රාජිත රණසිංහ මහතා පැවසුවේ, දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල තැපැල් කාර්යාල කටයුතු ක්‍රියාත්මක නොවන බවයි.

(ශ්‍රී ලංකා මිරර්)