ස්ථිර පත්වීම් ලැබූ අභ්‍යාසලාභීන් අතුරින් ගුරු සේවයට කැමති අයටයි මේ සිහිපත් කිරීම

ස්ථිර පත්වීම් ලැබූ අභ්‍යාසලාභීන් අතුරින් ගුරු සේවයට කැමති අයටයි මේ සිහිපත් කිරීම

නව ස්ථිර පත්වීම් ලැබූ උපාධීධාරී අභ්‍යාසලාභීන් අතුරින් ගුරු සේවය සේවයට කැමති පිරිස් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත්, සුදුසුකම් සපුරා ඇති ඉගැන්වීමට හැකි පිරිසට ඒ සඳහා අවස්ථාව ඇති බවත්, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

අභ්‍යාසලාභී උපාධිධාරී පත්වීම් සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු දැක්වීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ පරිශ්‍රයේ (ජනවාරි 05) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් කමිටුවක් රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ බවත්, උක්ත කමිටුව විසින් යෝජනා කිහිපයක් ලබා දුන් බවත් රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා පැවසීය.

කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත්ව උක්ත පත්වීම්ලාභීන් ඉගැන්වීම් කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති බවද ලේකම්වරයා පැවසීය.

ඒ අනුව පාසල් වල පුරප්පාඩු තිබෙන විෂයයන් සම්බන්ධයෙන් සොයා බලා ඒවාට සුදුසු පුරප්පාඩු පිරවීමට කටයුතු කර ඇති බවත්, 2021 පුරප්පාඩු මොනවාද යන්න සම්බන්ධයෙන්, පාසල් මොනවාද යන්න සම්බන්ධයෙන්, විෂයයන් මොනවාද යන්න මේ වන විට යම් අධ්‍යයනයක් සිදුවන බවත්, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් පැවසීය.

ඉදිරියේදී කලාප මට්ටමින් දැනුම්වත් කිරීම් සිදු කෙරෙන බවත්, ඉගැන්වීම් සඳහා කැමැත්ත ඇති ඕනෑම අභ්‍යාසලාභියෙකුට ඔවුන්ගේ පත්වීම් ස්ථිර වූ විට ඒ සඳහා ඉල්ලීම් කළ හැකි බවත්, ඒ වෙනුවෙන් අධ්‍යපන අමාත්‍යංශය මගින් ඔවුන්ට විශේෂ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවත්, අදාළ සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලැබූ අයවලුන් ගුරු සේවයට අනුයුක්ත කිරීමට කටයුතු කරන බවත් ජේ ජේ රත්නසිරි මහතා පැවසීය. දැනට පාසල් සඳහා අනුයුක්ත කර ඇති අභ්‍යාසලාභින් සංවර්ධන නිලධාරීන් ලෙස සිටිමින් ඉගැන්වීම් කටයුතු සඳහා යොදාගන්නා බවත්, ඉදිරියේදී ඉහත කී ගුරු පුරප්පාඩු සඳහා සුදුස්සන් පත් කරන බවත්, රත්නසිරි මහතා වැඩිදුරටත් කීය.

මෙම පත්වීම් සඳහා තෝරා ගැනීමේ අවම වයස සහ අනෙකුත් සුදුසුකම් මොනවාද යන්න අප කළ විමසුමකදී ලේකම්වරයා පැවසුවේ දැනට යෝජනා වී ඇත්තේ උපරිම වයස අවුරුදු 45ක් යන්න වුවද ස්ථිර රාජ්‍ය සේවයේ වසර 20ක

වත් රැඳී සිටීමේ හැකියාව සොයා බලා වයස අවුරුදු 35ට වඩා අඩු පිරිස් බඳවා ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සළකා බලන බවයි.