අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු විදුහල්පති පත්වීම් ගැන අලුත් හෙලිදරව්වක්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු විදුහල්පති පත්වීම් ගැන අලුත් හෙලිදරව්වක්

උතුරු මැද පළාත් පළාත් ආණ්ඩුකාරවරයා විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකර ඇති පත්වීම් 107ක් නීති විරෝධී පත්කිරීම් බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

lankaguruseva

ඔවුන් පවසන්නේ ආණ්ඩුකාරවරයා විසින් අධ්‍යාපන පරිපාලන සේවයට අයත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු 107 ක පවතින පුරප්පාඩු සඳහා වැඩ ආවරණය කිරීමේ පදනමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ට නීතිවිරෝධී පත්වීම් සිදු කරමින් පවතින බවයි .



උපාධිධාරී ඔබට වැදගත් තවත් පුවත් කියවන්න...



රාජ්‍ය සේවා කොමිෂන් සභාව චක්‍රලේඛයක් මගින් එවැනි පත් කිරීම් ආණ්ඩුකාරවරුන්ට සිදුකළ නොහැකි බවට දන්වා තිබියදීත් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිදු කරගෙන යන මෙම ක්‍රියාවලිය තරයේ හෙළා දකින බවයි ඔවුන් පවසන්නේ .

ඒ හේතුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු බලතල ද අවභාවිතා කරමින් උතුරු මැද පලාත් ආන්ඩුකාරවරයා විසින් සිදුකර ඇති මෙම නීති විරෝධී අවිධිමත් පත්කිරීම වහාම අහෝසි කිරීමටත් ඒ අනුව දැනට පුරප්පාඩුව පවතින අදාල තනතුරු සදහා ව්‍යවස්ථානුකූල බඳවා ගැනීම් කඩිනම් ව සිදු කිරීමට කටයුතු කළ යුතු බවත් නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කරනවා.