ගුරු පත්වීම් අපේක්ෂාවෙන් සිටින ඔබ මේ අවස්ථාව මඟහැර ගන්න එපා

ගුරු පත්වීම් අපේක්ෂාවෙන් සිටින ඔබ මේ අවස්ථාව මඟහැර ගන්න එපා

රාජ්‍ය සේවයට ගුරුවරුන් බඳවා ගැනීමට අදාල ගැසට් නිවේදනයක් නිකුත් වී තිබේ. එම නිවේදනයට අනුව දකුණු පළාත් සභා සිංහල මාධ්‍ය හා දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සඳහා උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් හා අයඳුම්පත් යොමුකිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කර තිබේ.

පවතින පුරපාඩු වෙනුවෙන් 2021.03.31 දිනට නියමිත සුදුසුකම් සපුරා ඇති ඩිප්ලෝමාධාරීන්ට මේ සාඳහා අයඳුම් කිරීමෙ හැකියාව පවතී. නිවැරදිව සම්පූර්ණ කරන ලද අයඳුම්පත් 2021.03.31 වෙනි දින හෝ ඊට පෙර "ලේකම්, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ංයාශය, දක්ෂිණපාය, ලබුදූව, ගාල්ල. " යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතු වේ.

විස්තර ඇතුළත් සම්පූර්ණ නිවේදනයට මෙතැනින් පිවිසෙන්න....