ඔබ ගුරු අපේක්ෂාවෙන් සිටින අයෙක්ද?උපාධියට අදාල පත්වීම් ලබා දීම ගැන සුබ ලකුණක්

ඔබ ගුරු අපේක්ෂාවෙන් සිටින අයෙක්ද?උපාධියට අදාල පත්වීම් ලබා දීම ගැන සුබ ලකුණක්

ජාතික පාසල් හා පළාත් පාසල්වල සේවයේ නියුතු MN-04 වැටුප් තලයට අයත් උපාධිධාරීන් ඇතුළු ආශරිත සේවාවට අයත් උපාධිධාරීන් ගුරු සේවයේ පුරප්පාඩු සඳහා විෂය අවශ්යතාවය මත බඳවාගැනීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ සංවර්ධන නිලධාරී සේවා සංගමයේ පරධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා පහත සඳහන් කරුණු කාරණා සම්බන්ධයෙන් දැනුවත් කිරිමක් සිදුකර තිබේ.


එහිදී ඒ මහතා සඳහන් කරන ආකාරයට රාජ්‍ය සේවාවෙත්, පළාත් රාජ්‍ය සේවාවෙත්,ජාතික පාසල් වගේම පළාත් පාසල්වල දැනට සේවයේ නියුතු ගුරු නොවෙන උපාධිධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහනය කිරීම මෙන්ම ගුරු ක්ෂේත්‍රයේ නොවෙන ජාතික පාසල් හා පලාත් පාසල් නොවෙන MN-04 වැටුප් තලයට අයත් උපාධිධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමත් ඔවු න් හදාරා ඇති විෂයට අනුව පවතින ගුරු පුරප්පාඩුවලට අනුව ගුරු සේවයට බඳවා ගැනීම මුලික කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාශ ලේකම් මහාචාර්ය කපිල පෙරෙරා මහත්මාත් අනිකුත් රාජ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාව පවත්වා තිබේ.

අදාළ වීඩියෝපටය පහතින් නරඹන්න...