කොවිඩ් තුන්වන රැල්ලක් ගැන PHI සංගමයෙන් අනතුරු හැඟවීමක්

කොවිඩ් තුන්වන රැල්ලක් ගැන PHI සංගමයෙන් අනතුරු හැඟවීමක්
එළඹෙන උත්සව සමයේදී රජය විසින් සංචරන සීමා පැනවීමක් සිදු නොකළත්, මහජනතාව විසින් ස්වයං සීමාවන් පනවා ගැනීමට කටයුතු නොකළහොත් කොවිඩ් 03 වන රැල්ලක් ආරම්භ වීමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංමගය ප්‍රකාශකර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ එලෙඹෙන උත්සව සමය වෙනුවෙන් නව රෙගුලාසි සකස් කිරීම අත්‍යාවශ්‍ය බවයි.
 

එමෙන්ම,උත්සව සමයේ ජනතාවගේ සංචරණය සීමා කිරීමට කටයුතු කිරීම වඩා වැදගත්වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.