කොවිඩ් නව ප්‍රභේද හා නව විකෘතීන් පිළිබඳව කෙරෙන විද්වත් කතිකාවක්

College of Medical Laboratory Science Sri Lanka

රට තුළ නව වෛරස් ප්‍රභේද හමුවීම සහ බහුල වශයෙන් ව්‍යාප්ත වන වෛරස් වලට අදාල විකෘති ප්‍රභේද හමුවීමත් හේතුවෙන්, දැනට භාවිත කරනමින් ඇති ගොවි කොවිෂීල්ඩ් එන්නත භවිතය පිළිබඳවත්, කොවිඩ් පාලනයට ජාත්‍යන්තර වශයෙන් මැදිහත් වන විශේෂඥයෙකු මෙන්ම, කොවිඩ් සඳහා දැනට පවතින තාක්ෂණික හැකියාවන් පිළිබඳව සහ ජාත්‍යන්තර වශයෙන් භාවිතාවන ක්‍රමවේද පිළිබඳව හඳුන්වාදීමේ දේශනයක්ද ඊට අදාළ ජාත්‍යන්තර විශේෂඥයෙකු සමග සාකච්චා කෙරේ.

2021 මාර්තු මස 21 වන දින උදෑසන 10 සිට කොළඹ -02 ජයික් හිල්ටන් හෝටලයේ දී පැවැත්වෙන "වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය වෘත්තිය වේදීන්ගේ විද්වත් සංගමයේ වාර්ෂික සැසිය", කොරෝන වසංගතය මර්දනය කිරීම සඳහා, ශ්‍රී ලාංකේය ක්‍රියා පිළිවෙත න්‍යායාත්මකව නිවැරදි කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව, දේශීය හා විදේශීය විශේෂඥයින් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

නව ප්‍රභේද හඳුනා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක ජාන වන අනුක්‍රමික විශ්ලේෂක පරීක්ෂණ පිළිබඳවත්, හදුනාගත් නව ප්‍රභේද පිළිබදව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඊට අදාළ ප්‍රධානීන්ගේ න්‍යායාත්මක හෙලිදරව් කිරීම් සහ කොවිඩ් වාර්ථා නිවැරදව නිකුත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේද භාවිතාව මෙන්ම, බහුවිධ පරීක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම සිදු කළ යුතු වන්නේ කෙසේද යන්න පිළිබඳවත් මෙම සමුළුව තුළ දීර්ග වශයෙන් සාකච්ඡා කිරීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ පාර්ශව රැසක් සහභාගී වන මෙම සමුළුවේදී වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ගේ පර්යේෂණ කෘති කිහිපයක් එළිදැක්වීමට ද නියමිතව ඇත.

මෙම වැඩසටහන සඳහා අන්තර්ජාලය ඔස්සේ දේශීය හා විදේශීය විශේෂඥයන් රැසක් සහභාගිවීමට අපේක්ෂා කරන බැවින් ද, Zoom තාක්ෂණය ඔස්සේ මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරිකයන්, දේශපාලන නයකයින් සහ වෘත්තීයවේදීන් සඳහා ඊට සහභාගි වීමට විවෘත ඉඩකඩක් ලබා දී ඇති බැවින්, අදාළ ගැටළු නිරාකරණය කරගැනීමට එය අවස්ථාවක් කර ගැනීමටද හැකියාවක් ඇත.