එතෙරින් මෙතරට/ මෙතරින් එතෙරට මුදල් ගෙන යාමේදී ඔබ දැනගත යුතුම දෑ

එතෙරින් මෙතරට/ මෙතරින් එතෙරට මුදල් ගෙන යාමේදී ඔබ දැනගත යුතුම දෑ
විදේශීය මුදල් මෙරටට රැගෙන ඒම

යම් පුද්ගලයෙකුට

  • සාමාන්‍ය බැංකු මාර්ග ඔස්සේ නීත්‍යානුකූලව උපයාගත් විදේශ මුදල් ඕනෑම ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුලට එවිය හැකිය.
  • තැපැල් කාර්යාලයීය ආඥා පනතේ සිමාවන්ට යටත්ව, විදේශීය මුදල්වලින් ප්‍රකාශිත මුදල් ඇනවුම් හෝ තැපැල් ඇනවුම් තැපෑලෙන් ප්‍රේෂණයකළ හැකිය.
  • යම් විදේශීය මුදලක් තමා වෙත හෝ ගමන් මලු තුල රැගෙන ආ හැකිය.  එහෙත් සමස්ත මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 15,000.00 ක් හෝ ඊට සමාන වෙනත් විදේශීය මුදල් ප්‍රමාණය ඉක්මවන්නේ නම්, පැමිණීමේ පර්යන්තයේදී රේගුවට ලිඛිතවප්‍රකාශයක් කළ යුතුය.
  • ඔහු හෝ ඇය, ඇ.ඩො.5000/= කට වැඩි හෝ ඒ සමාන අගයක විදේශ මුදල් නෝට්ටු ආපසු ගෙන යාමට අදහස් කරන්නේ නම් තමා ගෙන එන සමස්ත මුදල් ප්‍රමාණය ඇ.ඩො.15000/= ක වටිනාකමට වඩා අඩුවූවත්  එම මුදල් පිළිබඳව පැමිණීමේ පර්යන්තයේදී රේගුවට ප්‍රකාශ කර සිටීම අවශ්‍ය වේ.
විදේශීය මුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට රැගෙන යාම
  • බලයලත් විදේශ මුදල් ගනුදෙනුකරුවෙකුට සිය සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී අත්කර ගෙන ඇති විදේශ මුදල්, ලබාදී ඇති අවසරයේ සීමාවන් තුල, ශ්‍රී  ලංකාවෙන් පිටතට යැවිය හැකිය.
  • ශ්‍රී  ලාංකිකයෙකුට විනිමය පාලන පනතේ නියමයන්ට යටත්ව නීත්‍යානුකූලව උපයාගත් විදේශ මුදල් පිටතට ගෙනයාමට හෝ යැවීමට හැකිය.  විදේශ මුදල් සන්තකයෙහි තබාගැනීම සම්බන්ධයෙන් විනිමය පාලකවරයාගේ 2007.09.25 දිනැති අංක 1516 /19 දරණ ගැසට් නියෝගයට අනුව, තමා සන්තකයෙහි  රඳවාගෙන සිටින විදේශීය මුදල් පිටතට රැගෙන යා හැකිය.
  • විදේශිකයෙකුට අවසන් වරට තමා ගෙනඑන ලද, වියදම් නොකර ඉතිරි වූ විදේශීය මුදල් ප්‍රමාණය පිටතට ගෙන යා හැකිය. එහෙත් සමස්ත මුදල් වටිනාකම ඇ.ඩො.10,000/= හෝ වෙනත් මුදල් වර්ගයකින් ඒ හා සමාන මුදලක් ඉක්මවා යන්නේ නම් හෝ නෝට්ටුවලින් නම් ඇ.ඩො.5000/=ක් හෝ වෙනත් මුදල් වර්ගයකින් ඒ හා සමාන මුදලක් ඉක්මවන්නේ නම්, ඔහු හෝ ඇය ඒ පිළිබඳව රේගුවට ලිඛිත ප්‍රකාශයක් කළ යුතුය.

ආයතනයේ තොරතුරු

රේගු දෙපාර්තුමේන්තුව

නො 40,
කෙලින් වීදිය,
කොළඹ 11.

කේ. ඩී. එන්. ඒ මිල්රෝයි මහතා
දුරකථන:+94-11-2470945 to +94-11-2470948
ෆැක්ස් අංක:+94-11-2446364
විද්‍යුත් තැපෑල:This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වෙබ් අඩවිය: www.customs.gov.lk

මූලාශ්‍රය රේගු දෙපාර්තමේන්තුව

වැඩබිම