කම්කරුවා වහලුන් කරන කෙටුම්පත හකුලාගනු -  EPF/ETF/W&OP මංකොල්ලය පරදවමු

කම්කරුවා වහලුන් කරන කෙටුම්පත හකුලාගනු -  EPF/ETF/W&OP මංකොල්ලය පරදවමු

කම්කරු අමාත්‍යංශය ඉදිරිපිටදී  - 2023.07.14 දින වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්ව පැවැත්වූ විරෝධතාවයේ සටන් පාඨ  

1.         කාගෙද මේ        -           බලවේගේ

            කම්කරු අපෙ     -           බලවේගේ

            මොකක්ද මේ     -           බලවේගේ

            පොදු ජනතා       -           බලවේගේ

2.         මොකක්ද මේ     -           විරෝදේ

            කම්කරු අපෙ     -           විරෝදේ

            අපිව රකින         -           නීති මකන

            ඇමතියටයි        -           විරෝදේ

3.         මොකක්ද මේ     -           විරෝදේ

            සේවක අපෙ       -           විරෝදේ

            අපිව රකින         -           අරමුදලට

            කෙලින එකට     -           විරෝදේ

4.         වැඩ මුරයේ        -           තිබූ පැය අට

            වැඩි කරලා        -           දහසයකට

            කොම්පැනිවල    -           ලාභ වලට

            කම්කරුවා         -           වලපල්ලට

5.         පඩි සහිතව         -           සති නිවාඩු

            මුං කපලා          -           අපෙ නිවාඩු

            කම්කරුවට        -           කරල පාඩු

            මුං ගන්නව         -           අපෙන් වාඩු

6.         වැඩ මුරයට        -           මුං කෙලියා

            නිවාඩු වට          -           මුං කෙලියා

            රැකියාවෙන්       -           නෙරපන්නට

            කොම්පැනියට    -           ඉඩ දුන්නා

           

7.         නරියන් හට        -           දී කුකුල්ලු

            කොම්පැනියේ    -           මහ මෝල්ලු

            සමිති හදන         -           එක කඩන්න

            නව නීතිය          -           හරි ෂෝක් ලු

8.         හිතුන ගමන්       -           නෙරපන්නට

            නිවාඩුවට           -           කෙලවන්නට

            වැඩ මුරයට        -           කෙලවන්නට

            ඉඩ දෙනවද        -           ආණ්ඩුවට

9.         කම්කරුවා         -           රකින නීති

            අකුලාලා           -           ගෙනෙන නීති

            වහල් යුගේ        -           යලි ගේන්න

            එපා එපා             -           වහල් නීති

10.       වහල් නීති          -           අකුල ගනිං

            තොපේ නීති       -           අකුල ගනිං

            අයි එම් එෆ්        -           කපටි උගුල්

            එපා අපිට           -           අකුල ගනිං

11.       ණය අරගෙන     -           ලෝකෙ වටෙං

            රට යැව්වා         -           මුං හොම්බෙන්

            ණය ගෙවන්න    -           බැරුව ඉතිං

            කම්කරුවට        -           කෙලිනව මුං     

12.       ඊ පී එෆ්             -           ඊ ටී එෆ්

            කම්කරුවා         -           රැක්ක මුදල්

            ණය කපනා        -           සූදුවකට

            දමනු එපා          -           අපේ මුදල්

13.       කම්කරුවගෙ      -           ෆන්ඩ් එකකට

            අත නොතබව්     -           ෆන්ඩ් එකකට

            අත තියලා          -           අරමුදලට

            එන්න එපා         -           අපේ ගමට

14.       නීති නීති            -           වහල් නීති

            අපට එපා           -           වහල් නීති

            අපෙ හිමිකම්      -           කපන නීති

            එපා එපා             -           වහල් නීති

           

15.       ඊ පී එෆ්             -           ඊ ටී එෆ්

            මංකොල්ලය      -           නතර කරව්

            හොර හැත්තගෙ -          පව් ගෙවන්න

            අරමුදලට           -           අත නොතබව්

16.       නීති වලට          -           කෙලවාලා

            ෆන්ඩ් එකකට     -           අත තියලා

            වැඩ කෙරුවොත් -           පිටුපාලා

            ආණ්ඩුවට          -           බායි ටටා

17.       ඊ පී එෆ්             -           අරමුදලට

            එකතු කළේ       -           අපෙ දහදිය

            ඒ මුදලට            -           අත තියන්න

            රනිල් උඹට        -           නැහැ අයිතිය

18.       රනිල් ඔයා         -           පිං ජනපති

            ජනවරමක්         -           නැති ජනපති

            ජනතාවගෙ        -           අරමුදලට

            අත තියන්න       -           දෙන්නෑ අපි

19.       මෑන් පවර්          -           වහල් ක්‍රමේ

            නීති පොතට       -           ගෙනත් ඇතේ

            ධඔ නැතිව         -           වැඩ ගන්නට

            නීති සකස්          -           කරල තියේ

20.       කරව් කරව්         -           නතර කරව්

            කොල්ල කෑම    -           නතර කරව්

            ඊ පී එෆ්             -           ඊ ටී එෆ්

            හොරා කෑම       -           නතර කරව්

21.       ජනතාවනි          -           මේ අහන්න

            ඊ පී එෆ්             -           බේරගන්න

            ඊ ටී එෆ්             -           බේරගන්න

            වහල් නීති          -           පරදවන්න

            අපේ මුදල්          -           බේර ගන්න

            හොර තක්කඩි    -           එළව ගන්න

            මේ සටනට         -           එකතු වන්න

වැඩ කරන ජනතාවට ජයවේවා !

කම්කරු පන්ති අරගලයට ජයවේවා !!

එක්වෙමු ! ஒன்றிணைவோம் ! UNITE !