සේවක එක්රැස් වීමේ නිදහස පිළිබඳ කමිටුව Committee on Freedom of Association (CFA)

සේවක එක්රැස් වීමේ නිදහස පිළිබඳ කමිටුව Committee on Freedom of Association (CFA)

සේවක එක්රැස් වීමේ නිදහස සහ සාමූහික කේවෙල් කිරීම වූකලි ජගත් කම්කරු සංවිධානයේ ILO සමාරම්භක මූලධර්ම අතර පවත්නා ඒවා ය. සේවක එක්රැස් වීමේ නිදහස සහ සාමූහික කේවෙල් කිරීම පිළිබඳ අංක 87 සහ 98 දරණ සම්මුතීන් සම්මත කළ පසුව, සේවක එක්රැස් වීමේ නිදහස පිළිබඳ මූලධර්මය සඳහා වැඩි දුර අධීක්ෂණ ක‍්‍රියා පටිපාටියක් අවශ්‍ය ය යන නිගමනයට ILO ඉක්මනින් ම එළඹිණ. ඉන් අපේක්ෂා කළේ එකී සම්මුතීන්ට අත්සන් කර නැති රටවල් තුළ ඊට අනුකූලතාව සහතික කිරීම යි.

1951 දී ILO විසින් සේවක එක්රැස් වීමේ නිදහස පිළිබඳ කමිටුව (CFA) පිහිටුවූයේ මෙම නිගමනයේ ප‍්‍රතිඵලයක් ලෙස ය. එහි අභිමතාර්ථය වූයේ යම් රටක් අදාළ සම්මුතීන්ට අත්සන් කර තිබුණත් නැතත් සේවක එක්රැස් වීමේ නිදහස උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි විභාග කිරීම යි. සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධානවලට සාමාජික රාජ්‍යයකට එරෙහිව පැමිණිලි කළ හැකි ය. CFA යනු පාලක මණ්ඩලයේ කමිටුවක් වන අතර, ස්වාධීන සභාපතිවරයෙකුගෙන් ද, රජයෙන්, සේවා යෝජකයන්ගෙන් සහ සේවකයන්ගෙන් එක් අයෙකු බැගින් නියෝජිතයන් තිදෙනෙකුගෙන් ද සමන්විත ය. එය පැමිණිල්ල භාර ගැනීමට තීරණය කළ හොත්, අදාළ රජය සමග සංවාදයේ යෙදී කරුණු තහවුරු කර ගනියි. සේවක එක්රැස් වීමේ නිදහස පිළිබඳ ප‍්‍රමිතීන් හෝ මූලධර්ම උල්ලංඝනය කිරීමක් සිදුව ඇතැයි සොයා ගත හොත් එය පාලක මණ්ඩලය මාර්ගයෙන් වාර්තාවක් නිකුත් කරයි. එමෙන් ම, තත්ත්වයට පිළියම් යෙදිය හැකි ආකාරය පිළිබඳව නිර්දේශ ද ඉදිරිපත් කරයි. අනතුරුව, සිය නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව වාර්තා කරන ලෙස රජයන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. රට අදාළ සම්මුතීන්ට අත්සන් කර ඇති අවස්ථාවල දී, පැමිණිල්ලට අදාළ නීතිමය පැතිකඩවල් විශේෂඥ කමිටුව වෙත යොමු කෙරේ. රජයේ නිලධාරීන් සමග ද, සංවාද ක‍්‍රියාවලියක් මාර්ගයෙන් සමාජීය හවුල්කරුවන් සමග ද එක්ව ගැටලූවට විසඳුම් සෙවීම සඳහා අදාළ රජය ”ඍජුව ඇමතීමේ” දුත මෙහෙයුමක් “direct contacts” mission යෝජනා කිරීමට ද තීරණය කළ හැකි ය. පනස් වසරකට වැඩි කාලයක් තිස්සේ කළ වැඩ කටයුතු තුළ දී CFA විසින් පැමිණිලි 2,500 කට වඩා විභාග කර ඇත. මහාද්වීප පහට අයත් රටවල් 60කට වැඩි සංඛ්‍යාවක් එහි නිර්දේශ අනුව ක‍්‍රියා කර ඇති අතර, සේවක එක්රැස් වීමේ නිදහස සම්බන්ධයෙන් සිදු වුණු ධනාත්මක වර්ධනයන් පිළිබඳව අදාළ රාජ්‍යයන් විසින් පසු ගිය 25 වසර තුළ එය දැනුවත් කර ඇත.

CFA Image

සේවක එක්රැස් වීමේ නිදහස පිළිබඳ කමිටුවේ ක‍්‍රියාකාරිත්වය

1994 දී ජාත්‍යන්තර නිදහස් වෘත්තීය සමිති මහා සම්මේලනය (ICFTU) සහ ලෝක කම්කරු මහා සම්මේලනය (WCL) වෘත්තීය සමිති අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඉන්දුනීසියානු රජයට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළේ ය. එමගින් ස්වකීය තෝරාගැනීම මත නිදහසේ සංවිධාන පිහිටුවීමට සේවකයන්ට ඇති අයිතිය ප‍්‍රතික්ෂේප කිරීම, රජයේ බලධාරි ආයතන, හමුදාව සහ සේවා යෝජකයන් අඛණ්ඩව වෘත්තීය සමිති ක‍්‍රියාකාරකම්වලට මැදිහත් වීම සහ සාමූහික කේවෙල් කිරීම සහ වැඩ වර්ජනයේ නියැලීම සම්බන්ධයෙන් ඒ වන විට ක‍්‍රියාත්මකව පැවති සීමා පැනවීම් මෙන් ම, වෘත්තීය සමිති නායකයන් අත් අඩංගුවට ගැනීම සහ ඔවුන්ට වධබන්ධන පැමිණවීම සමග සේවකයන් සහ වෘත්තීය සමිති ක‍්‍රියාකාරකයන් අතුරුදන් කිරීම සහ ඝාතනය කිරීම සම්බන්ධ අතිශය බරපතළ චෝදනා ද එම උල්ලංඝනය කිරීම් අතර විය. මෙම කාල පරිඡේදය තුළ දී රඳවා තබා ගැනුණු වෘත්තීය සමිති නායකයන් විශාල සංඛ්‍යාව අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂයේ කම්කරු ක‍්‍රියාකාරිනි සහ ඉන්දුනීසියානු කම්කරු අරගල මධ්‍යස්ථානයේ සභාපතිනි දිතා ඉන්දා සාරි සහ ඉන්දුනීසියානු සමෘද්ධි වෘත්තීය සමිතියේ (SBSI) සභාපති මුක්තාර් පක්පහන් ද වූහ. වෘත්තීය සමිති ක‍්‍රියාකාරකම් හේතුවෙන් රඳවා ගෙන සිටින වෘත්තීය සමිති නායකයන් නිදහස් කරන ලෙස ජාත්‍යන්තර ප‍්‍රජාව මාර්ගයෙන් ඉන්දුනීසියාවට අඛණ්ඩව පීඩනය යෙදී ය. 1998 දී මුක්තාර් පක්පහන් නිදහස් කළ අතර, ඉන් වසරකට පසුව දිතා සාරි නිදහස් කල අතර, ඒ සමගම ඈ ඉන්දුනීසියානු ජාතික කම්කරු අරගල පෙරමුණේ FNPBI සභාපතිනිය ලෙස ඒකඡන්දයෙන් තෝරා පත් කර ගැනුණා ය. ILOව සමග ඉන්දුනීසියාව සිදු කල ක්‍රියාවලිය රට තුළ කම්කරු අයිතිවාසිකම් පිළිබඳ සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය. එවක පටන් ගෙවුණු වසරවල දී, වෘත්තීය සමිති අයිතිවාසිකම්වල ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා ඉන්දුනීසියාව සැලකිය යුතු පියවරයන් ගෙන ඇති අතර, මූලික සම්මුතීන් අට ම අත්සන් කරමින් එය ආසියානු-ශාන්තිකර කලාපය තුළ එසේ කර තිබෙන ජාතීන් කිහිපය අතරින් එකක් බවට පත් වූවා ය. දිතා සාරි පිළිබඳ සිද්ධිය ඉන්දුනීසියාවට පමණක් සුවිශේෂී වූවක් නො වේ. ILO කමිටුව අදාළ පැමිණිලි විභාග කිරීමෙන් පසුව, පසු ගිය දශකයේ දී පමණක් ලොව පුරා වෘත්තීය සමිති ක‍්‍රියාකාරකයෝ 2,000කට වැඩි සංඛ්‍යාවක් බන්ධානාගාරවලින් නිදහස් කෙරුණහ.

මූලාශ්‍රය: www.ilo.org

4 වන රූප සටහන

Final 4