කොවිඩ් 19 පරපුරට ප්‍රකෘතිමත් සහ ආවර්ජනීය අධ්‍යාපනයක් | ජාත්‍යන්තර අධ්‍යාපන දිනය අදයි

කොවිඩ් 19 පරපුරට ප්‍රකෘතිමත් සහ ආවර්ජනීය අධ්‍යාපනයක් | ජාත්‍යන්තර අධ්‍යාපන දිනය අදයි

අධ්‍යාපනය යනු මානව අයිතිවාසිකමකි පොදු සුබසාධනයකි හා මහජන වගකීමකි. අදට යෙදී ඇති ජාත්‍යන්තර අධ්‍යාපන දිනය කොවිඩ් 19 පරපුරට ප්‍රකෘතිමත් සහ ආවර්ජනීය අධ්‍යාපනයක්  යන තේමාව යටතේ සමරනු ලැබේ.

සාමය හා සංවර්ධනය සඳහා අධ්‍යාපනයේ භූමිකාව සැමරීමට සමගාමීව, අද දින ජානවාරි 24 ජාත්‍යන්තර අධ්‍යාපන දිනය ලෙසින් එක්සත් ජාතීන්ගේ මහා සමුළුව ප්‍රකාශයට පත් කර ඇත.

සියලුදෙනා ඇතුළත් කර ගත් සහ සැමට සමාන ප්‍රවේශය ඇති ඉහළ ප්‍රමිතියෙන් යුත් අධ්‍යාපනය මෙන්ම ඒ සඳහා වන ජීවිත කාලීන අවස්ථා යනු සෑම රටකටම අත්‍යවශ්‍ය සාධක වේ. මෙම සාධක නොමැතිව කිසිදු රටකට ස්ත්‍රී පුරුෂ සමානතාවය ඇති කිරීමට හෝ දරිද්‍රතා චක්‍රය බිඳිය නොහැකි අතර මෙම ඌනතා නිසා ලොව මිලියන සංඛ්‍යාත ළමුන් හා වැඩිහිටියන් පීඩා විඳිමින් සිටීම නොසැඟවිය හැකි සත්‍යයකි.

මේ වන විට ළමුන් හා තරුණයින් මිලියන 258 කට විධිමත් පාසැල් අධ්‍යාපනය නොලැබෙන තත්වයක් ලොව පවතියි. එමෙන්ම ලියන්නට කියවන්නට බැරි හා ගණිත ගැටලු විසඳීමේ හැකියාව නොමැත්තන්ගේ සංඛ්‍යාව මිලියන 617 ක් බව යුනෙස්කෝ සංවිධානය පවසනවා.

සහරාවට දකුණු දෙසින් යුතු අප්‍රිකානු රටවල පහළ ද්වීතීය පාසැල් අධ්‍යාපනය ලබන ගැහැණු දරුවන්ගේ ප්‍රතිශතය 40 % කට වඩා අඩු වන අතර මෙම කලාපයේ පාසැල් අධ්‍යාපනය ලබා ගන්නට නොහැකිව සරණාගත කඳවුරුවල සිර වී සිටින ළමුන් හා තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව මිලියන හතරකි. මෙලෙසින් ලොව මිලියන ගණනාවක අධ්‍යාපන අයිතිය උල්ලංඝණය වෙමින් තිබෙයි. මෙය කිසිසේත් අනුමක කළ නොහැකි තත්වයකි.

(උපුටා ගැනීමකි)