රාජ්‍ය අංශය තුළත් කාන්තාවන් හිංසනයට හා ප්‍රචණ්ඩත්වයට පත්වන අවස්ථා සුලභවී තිබේ

රාජ්‍ය අංශය තුළත් කාන්තාවන් හිංසනයට හා ප්‍රචණ්ඩත්වයට පත්වන අවස්ථා සුලභවී තිබේ

රැකියාවල නියුතු වර්ථමාන කාන්තාව සිය රාජකාරි වලදී , ඒ හා අදාල අනෙකුත් කුදු මහත් සියළු අනුශාංගික කරුණු හා සමපාත විය යුතුය. එසේ වී ඇත්තේ ඇතැම් සේවා වල පත්වීම් ලිපියෙන්ම නියම වී ඇති ආකාරයට රාජකාරියේදී තම සේවා වාරයට හිමි සියළුම කාර්යන් නොපැකිලවත්, නොපිරිහෙලාත් ඉටු කිරීමට බැඳී සිටින හෙයිනි. ඇතැම් ආයතන වල හා සේවාවන් වලදී කාන්තාවට සිය සමාජ වගකීම් අමතක කර රාජකාරිව ඉටු කිරීමට සිදු වන අවස්ථා ඇත.

දකුණු ආසියානු කාන්තාව නිසර්ගයෙන්ම සංස්කෘතික සත්වයෙකි. ඇය විසින් ඉටු කල යුතු සහ ඇගෙන් ඉටු විය යුතුයැයි සමාජය අදහන වගකීම් රැසකින් ඇය බැඳී ඇත. එහෙත් රැකියවක් කරන කාන්තාවගෙන් එකී සමාජ සත්වයාම නිර්ධය ලෙස රාජකාරිය තුල ඇයව පෙලමින් ඇගේ සමාජ කාර්යන්හි බරද උර මතින් තබයි.

සේවා ස්ථානයක් තුල එකී සේවාවන් හා කටයුතු පවත්වාගන යාම සඳහාත් එම ආයතනික සේවා ගුණාත්මක භාවය උදෙසාත්, සේවක අභිප්‍රේරණය උදෙසාත්, සෙවක සුභ සාධනය උදෙසාත් විවිධ වැඩසටහන්, පුහුණුවීම් ආදිය පවත්වාගන යාම සිදු වේ.

එහෙත් එකී පුහුණු සැසි, රාජකාරි ගමන් බිමන්, ඇතැම් විට රාජකාරි නොවන චාරිකා ආදියට සහභාගී වීමට වරණයක් ලැබීමේ අවස්ථා අඩු විය හැක. ඇතැම් තනතුරු වල රාජකාරි ඉටු කිරීමේදී අනිවාර්යයෙන් ක්ශේත්‍ර රාජකාරි ඉටු කිරීමට සිදු විය හැක. ඇතැම් තනතුරකදී තම ප්‍රධානියාගේ සහායට කාර්යාලයෙන් බාහිර ස්ථානවලට යාමට සිදු විය හැක. (උදා: ලේකම්වරියන්, පෞද්ගලික සහකාරවරියන්) මෙසේ කාර්යාලයෙන් බැහැරයාම් සඳහා ඇතැම් කාන්තාවනට දුෂ්කරතා තිබිය හැකි වුවද වරණයකින් තොරව එය ඉටු කිරීමට ආයතන ප්‍රධානීන්ගෙන් බලපෑම් ඇති වීම ඉතා සුලබව සිදුවන්නකි.

රාජකාරි සම්බන්ධ ගමන් බිමන් වලදී එයට සහභාගී වීම අනිවාර්යෙන් අවශ්‍යය නොවුනත් ඇතැම් ආයතන ප්‍රධානීන්ගෙන් ඒ සඳහා කාන්තාවන්ට බලපෑම් ඇතිවේ. එසේ කිරීම හරහා සිය බලය පෙන්වා ප්‍රචණ්ඩත්වය දැක්වීමත්, ඇතැම් විට බලය පෙන්වා හිංසනය කිරීමත් දැකියහැක. රාජකාරි ගමන් සඳහා රාජකාරියෙන් පසු වේලාවල් යොදා ගැනීම, නිවාඩු දින වල සේවයට කැඳවීම ආදියෙන්ද, තමාට අවශ්‍ය නොවුනද, රාජකාරියට අත්‍යවශ්‍ය බාවයක් නොමැති බව දැන දැන වුවද, ඇතැම්විට බලෙන් ක්ෂේත්‍ර රාජකාරි වල යෙදවීම හරහා කාන්තාවට සිය ගෞරවයරැක ගැනීමට මහත් උත්සාහයක් දැරීමට සිදු විය හැක. එසේ ය ගෞරවය රැකගෙන රාජකාරිය ඉටු කිරීම නොහැකි වන ඇතැම් කාන්තාවන් රැකියාව අතහැර සිය පවුලේ බර වැඩි කර ගන්නා අවස්ථාවන් නැතුවා නොවේ.

පුහුණු සැසි වලට සහභාගී කිරීමේදීද ඇතැම් විට කාන්තා සේවිකාවන් හිංසනයට ලක්වන පරිදි තේරීම් කෙරෙයි. එහිදී ප්‍රති⁣ක්ෂේප කල නොහැකි ලෙස කාන්තාව අසරණ කොට පුහුණු කිරීම් සඳහා බල කිරීම සිදුවේ. මෙය වැඩ බිම තුල සිතාමතාම සිදුවන කාන්තා හිංසනයකි.

රාජකාරි ගමන්, පුහුණුවීම් මෙන්ම විනොද චාරිකා වැනි සේවක ශුභ සාධන කටයුතු වලදීද වැඩ බිම තුල කාන්තාව හිතාමතාම මෙන්ම අනපේක්ෂිතව හිංසනයට, ප්‍රචණ්ඩත්වයට ලක්වන අවස්ථා බොහොමයක් වේ. මෙවැනි අවස්ථා පිලිබඳව පෞද්ගලික අංශය තුලින් පමණක් නොව රාජ්‍ය අංශය තුලින්ද උදාහරණ මතුකර දිය හැක. ඇතැම් විට රාජ්‍ය අංශයතුල මෙම තත්වය බරපතල විය හැක. මක් නිසාද යත් සේවා වාර වල යෙදවීමේදී සමානාත්මතාවය ඉටු කරන ලෙස කෑමොර දෙන පිරිමි සේවකයන් හේතුවෙනි. එහෙත් රාජකාරියේ යෙදෙන සිය බිරිඳ විනාඩි 5ක් රෑබෝවී නිවසට පැමිණ ආහාර පිළියෙල කිරීම ප්‍රමාද වීම රුස්සන්නේ නැතිව ගෘහස්ථ හිංසනයේ යෙදෙන්නේද එවැනි පිරිමින් බව නොකියාම බැරිය.

නිලන්ති රණසිංහ