ලුණු භාවිතය පිළිබඳ දැනුවත් කිරිමේ සතිය 2021

ලුණු භාවිතය පිළිබඳ දැනුවත් කිරිමේ සතිය 2021

හැඳින්වීම

ශ්‍රි ලංකාවේ සිදුවන මරණ වලින් 83%ක් බෝනොවන රෝග නිසා සිදුවේ. එයින් 34% සිදුවන්නේ හෘදය හා රුධිර වාහිනි සම්බන්ධ රෝග තත්ත්වයන් නිසා වන අධික රැධිර පිඩනය,හෘදයාබාධ සහ ආඝාතය (අංශභාගය) නිසාය. අධික රුධිර පිඩනය ඇතිවිමට ප්‍රධාන හේතුව ලෙස පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ අධික ලුණු භාවිතයයී.

අධික සිනි භාවිතය නිසා දියවැඩියාව ඇති වන බව බෝහෝ දෙනා දැනසිටියත්, අධික තෙල් සහිත ආහාර හා අධික ලුණු භාවිතය නිසා අධික රුධිර පිඩනය ඇති වන බව බොහෝ දෙනා නොදනිති.එමෙන්ම ආහාර රස කිරිමට ලුණු අධිකව භාවිතයේ අහිතකර ඵලවිපාක ගැන ප්‍රජාවට එතරම් අවබෝධයක් නැති බව පෙනී යයී. අධික රුධිර පීඩනයට ලක් වු පසුව ලුණු අඩු ආහාර ගැන අවධානය යොමු කළත් ඊට පෙර ඒ ගැන දක්වන සැලකිල්ල ඉතා අඩුය.ලෝකය පුරාවට මෙන්ම ලංකාවේ ද ජනතාව එක් පුද්ගලයෙක් සඳහා දිනකට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5ට (කැපු තේ හැඳි 01 ක ප්‍රමාණය) වඩා දෙතුන් ගුණයක ලුණු ආහාරයට ගනිති. ලංකාවේ එම ප්‍රමාණය දිනකට ග්‍රෑම් 9 සිට 12 දක්වා ප්‍රමාණයක් දක්වා වන ඉහළ අගයකි.

ලුණු භාවිතය අඩු කිරිම තුලින් වසරකට ලෝකයේ සිදුවන මරණ වලින් මිලියන 2.5ක් අඩුකර ගත හැකි බව පෙන්වා දී ඇත.

තේමාව

“ලුණු අඩුවෙන් - රස වැඩියෙන්”

අප ලුණු වැඩිපුර ආහාරයට ගන්නේ කෙසේද?

01. බත් පිසින විට ලුණු එකතු කිරිමෙන්

02. අධික ලෙස සකස් කල ආහාර (Ultra Processed Foods) එනම් රෝල්ස්, පැටිස්, ප්‍රේස්ටිස්

සහ පීට්සා වැනි දේ ආහාරයට ගැනිමෙන්

03. බේකරි නිෂ්පාදන,බිස්කට් වැඩිපුර ආහාරයට ගැනිමෙන්

04. පෙර පිසින ලද ආහාර (pre-cooked) වන සොසේජස්, මීට් බෝල්ස්, චිප්ස් වැනි ආහාර වලින්

05. “රයිස්”, කොත්තු, බිරියානි වැනි කැම වර්ග නිතර භාවිතයෙන්

06. කරවල, හාල්මැස්සන් චට්නි, ටින් කල ආහාර නිතර භාවිතයෙන්

අධික ලුණු භාවිතයේ අහිතකර ප්‍රතිඵල මොනවාද?

01. අධික රුධිර පිඩනයට ඉතා අඩු වශයෙන් ගොදුරු විම නිසා හෘදයාබාධ ,ආඝාතය.කාලික වකුගඩු රෝග වලට ගොදුරු විමේ අවධානම වැඩිවීම.

02. අමාශයේ පිළිකාවන්ට ගොදුරුවිමේ අවධානම

03. ඔස්ටියොපොරොසිස් නැතිනම් අස්ථි ගෙවීයාමේ තර්ජනයට ලක්විම (ඒ හේතුවෙන් අස්ථීවල ඇති කැල්සියම් දියවි‍ම නිසා අස්ථී තුනිවිම හේතුවෙන් භග්න ඇතිවිම)

04. “ඇදුම” වැනි රෝගි තත්ත්වයන් ඇතිවිමට ඇති අවධානම හා ඇදුම රෝගින්ගේ රෝගි තත්ත්වය උත්සන්න වීමට ඇති අවධානම වැඩිවිම.

ආහාරයෙන් ගන්නා ලුණු ප්‍රමාණය අඩු කරන්නේ කෙසේද?

01. බත් පිසින විට ලුණු එක් නොකිරිමෙන්.

02. කෑම මේසයේදි ලුණු එකතු කිරිමෙන් වැලකිම. ඒ වෙනුවට ස්වභාවික රසකාරක

ලෙස,මින්චි,කොත්තමල්ලි කොළ එකතු කිරිම හා කුරුඳු, කරපිංචා, රම්පෙ, සේර, ඉඟුරු, කොත්තමල්ලි සුදුරු, සුදු ලුණු, සියඔලා, දෙහි වැනි දැ ආහාර පිසින විට එකතු කිරිම.

03. ලුණු එකතු කරන ලද කෙටි කෑම වර්ග වන චිප්ස්, ඇට වර්ග, බේකන්, චිස් හා පෙර සකස් කල ආහාර හැකිතාක් අවම කිරිම.

04. එළවළු සහ පළතුරු වැඩිපුර අනුභව කිරිම (දිනකට එළවළු / පළතුරු 05 ක් වත්)

05. හැකි තාක් දුරට ලුණු අධික සෝස් වර්ග භාවිතය අඩු කිරිම.

06. ආහාර ලේබලයේ ඇති වර්ණ සංඥා (රතු, කහ,කොළ) කියවා ආහාර මිළදි ගැනීමට හුරු කිරිම.

මේ වසරේ තේමාව “ලුණු අඩුවෙන් - රස වැඩියෙන්” යන්නයි.

අපි ලුණු අඩුවෙන් - රස වැඩියෙන් ආහාර අනුභව කරන්නේ නෙසේද ?

  • ලුණු එකතු කරනු වෙනුවට ස්වභාවික රසය දනවන සුදු ලූණු, ඉඟුරු, ලූණු , දෙහි , සියඔලා මෙන්ම කොත්තමල්ලි, සූදුරු, උළුහාල්, ගම්මිරිස්, කුරුඳු, කරපිංචා, රම්පේ, සේර හා අබ ආහාර පිසින විට එකතු කරමු.
  • විවිධ රස ඇති පළතුරු එලවළු සලාද පිළියෙල කරන විට එකතු කරමු
  • ඕනෑම පුරුද්දක් වෙනස් කරන්නට සති 2-3 ක කාලය ප්‍රමාණවත්ඒ
  • නිසා වැඩිපුර ලුණු කැමට හුරු වු ඔබේ දිවට අඩුවෙන් ලුණු කැමට පුරුදු කරන්න.
  • සිතන්න, වැඩිපුර ලුණු රසට ඇබ්බැහි වී අධික රුධිර පිඩනයට ගොදුරු වෙනවාද, නැතිනම් ජිවිත කාලය පුරාවට නියමිත සෞඛ්‍ය ආරක්ෂිත රුධිර පිඩනය පවත්වාගෙන යනවාද යන්න පිළිබඳව.
  • මවක, ගෘහනියක වන ඔබට, පවුලේ ආහාර වේලට ලුණු අඩු කිරිම තුලින් පවුලේ සියළු දෙනාම සෞඛ්‍ය සම්පන්න කරවිමේ වගකීම, යුතුකම ඉටු කිරිමට හැකි බව.
  • බල ගන්වන්න ඔබේ දරුවා, ලුණු අඩුවෙන් ආහාරයට ගන්න, ලුණු අඩු ආහාර ගන්න,අනාගතයේදි අධික රුධිර පිඩනය,හාදයාබාධ,ආඝාතය (අංශභාගය) අවධානම අඩු පුද්ගලයෙකු වන්නට.
  • ගෙදර හදන කෑම වේල තුලින් සෞඛ්‍ය සම්පන්න ජිවන රටාවකට යොමු වෙමු.

 ලුණු භාවිතය පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ සතිය මාර්තු 8 -14, 2021

 බෝ නොවන රෝග ඒකකය - සෞඛ්‍ය අමාත්‍යාංශය - වෛද්‍ය ශාන්ති ගුණවර්ධන, ප්‍රජා වෛද්‍ය විශේෂඥ බෝ නොවන රෝග ඒකකය - සෞඛ්‍ය අමාත්‍යාංශය