වරාය නගරයේ ඉතිහාසය, ව්‍යුහය හා පලවිපාක

වරාය නගරයේ ඉතිහාසය, ව්‍යුහය හා පලවිපාක

අතිශයින්ම වැදගත් පනතක් රජය හොර රහසේම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් ජනතාව අවදිවුණි. ‘කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව’ :ීෑක්‍* ස්ථාපිත කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළේ අප්‍රේල් 08 වන දිනයි. මෙය අභියෝගයට ලක් කිරීමට එක් වැඩ කරන දිනක් පමණක් ඉතිරිව තිබුණි. ආර්ථික කලාප ලොව බහුලව දක්නට ලැබේ. ඒවායේ මුඛ්‍ය පරමාර්ථය නම් ආර්ථික කටයුතු හා ආයෝජන දිරිගන්වා මහත් සේ අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීමයි. 1978 සිට අප රටේ මහ කොළඹ ආර්ථික කොමිසම පැවතුණි. භාණ්ඩ නිෂ්පාදනය දිරිගැන්වීම ඉන් ප්‍රධාන අරමුණ විය. කටුනායක, බියගම, කොග්ගල ආදි ප්‍රදේශවල පිහිටි ආර්ථික කලාප පාලනය වන්නේ ආයෝජන මණ්ඩලය මගිනි.

ලොව කිසිම රටකට හුදකලා පැවැත්මක් නැත. අද අප ජීවත්වන්නේ විශ්ව ගම්මානයකයි. සෑම සංවර්ධනය වන්නා වූ රටකට ආනයන භාණ්ඩ සපයා ගැනීම සඳහා විදේශ විනිමය අවශ්‍යය. විදේශ සෘජු ආයෝජන (වි.සෘ. ආ.) මගින් මෙය පහසුවෙන්ම ලබා ගත හැක. වි.සෘ.ආ. ආකර්ෂණය කරගැනීම සඳහා මූලිකවම අදාළ රටේ දේශපාලන ස්ථාවරත්වයද, සාමයද, අවශ්‍ය යටිතල පහසුකම්ද තිබිය යුතුය. කොන්දේසි හා නීතිරීති ලිහිල් හා නම්‍යශීලි විය යුතුය. මූල්‍ය නගර වඩාත්ම ආකර්ෂණීය යෝජනා ඉදිරිපත් කරනු ලැබේ. ඒවා මූලික වශයෙන් සේවා සැපයීම ප්‍රධාන අරමුණ කරගත් ආර්ථික කලාප වන්නේය. කොළඹ වරාය නගරයද ඉන් එකකි. මෙහි ඉතිහාසය, විකාශනය, ව්‍යුහය හා ඉන් ඇතිවන සමාජ, ආර්ථික හා භූ-දේශපාලන චලනයන් පිළිබඳව බොහෝ දෙනෙක් තුළ ඇත්තේ අල්ප දැනීමක් බැව් පෙනෙන්නට තිබේ. මෙය වෙස්වලාගත් ආශීර්වාදයක්ද? ට්‍රෝජන් අශ්වයෙක්ද? අපේක්ෂිත ඉලක්කයන් ළඟා කරගත හැකිවේද? බලවතෙකුගේ මහත් වූ ග්‍රහණයකට අපට යටත් වන්නට සිදුවේද? අපේක්ෂිත ලාභ ලැබෙයිද? ඒවා සාධාරණ අයුරින් බෙදී යන්නේද? අවසානයේ අපේ ආර්ථිකයද සමග අපේ රටද, ආත්මයද පාවා දෙන්නට සිදුවේද?

ඓතිහාසික විකාශනය

මෙම සංකල්පය මුල් වරට සැලකිල්ලට ගැනුණේ 1991 දීය. ශ්‍රී ලංකා රජය 2004 දී කොළඹ ව්‍යාපාරික දිස්ත්‍රික්කය පු`ඵල් කිරීමේ සැලසුමක් සකස් කරන ලදි. එහෙත් එය අසාර්ථක විය. ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපයේ රටවල් සමඟ වෙළඳ ගනුදෙනුවල යෙදේ. මැදපෙරදිග ඇරුණු විට අප අපේ භාණ්ඩ අපනයනය කරනු ලබන්නේ ඇමරිකාව හා යුරෝපීය රටවලටයි. එහෙත් අපේ ආනයන අවශ්‍යතාවන් බහුතරයක් ගෙන්වාගනු ලබන්නේ මහජන චීනයෙනුයි. යුද්ධය අවසන් වීමෙන් පසු අපේ ආර්ථිකය බෙහෙවින් අඩාල වී තිබුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් :ෂඵත්‍* අපහට ඇමරිකන් ඩොලර් බිලියන 2.9ක ණයක් ලැබුණි. බටහිර රටවල ණය දෙන විට විවිධ කොන්දේසි පනවනු ලැබේ. මිනිස් අයිතිවාසිකම් සුරැකීම හා ඒවා බිඳින්නන්ට දඬුවම් පැමිණවීම, අරපිරිමැස්ම, රාජ්‍ය සේවයේ ප්‍රතිසංවිධානය හා දූෂණය තුරන් කිරීම ඉන් සමහරෙකි. මෙම වකවානුවේදීම චීනය ඩොලර් බිලියන 6.1ක ණයක් දුන්නේය. චීනය ණය දෙනු ලබන්නේ අධික පොලියටය. බටහිර රටවල් පනවනු ලබන කොන්දේසි කිසිවක් චීනය ණය දීමේදී ඉල්ලා සිටින්නේ නැත.

චීනයේ ත්‍යාගශීලිත්වයට තාර්කික හේතුවක් තිබේ. ර්‍ණඑක් තීරුවක් එක් පාරක්” වෙනත් වචනයෙන් කියතොත් ර්‍ණසේද මාවතක්” ඊැකඑ ්බා ඍද්ා ෂබසඑස්එසඩැ :ඊඍෂ* යන සංකල්පය වර්තමාන චීන පාලකයන්ගේ මහත් වූ අපේක්ෂාවකි. මෙම මාවතේ හරි මැද ශ්‍රී ලංකාව පිහිටා තිබේ. එබැවින් චීනයේ අනාගත අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහාලංකාවේ පිහිටීම භූ-දේශපාලනිකවද අතිශයින් චීනයට වැදගත් වන්නේය. මේ හේතුව නිසා ලංකාව අරභයා චීනයේ බලපෑම තරකර ගැනීම චීනයට ක්‍රමෝපාය අවශ්‍යතාවකි. වර්ෂ 2010යේ සිට කොළඹ වරායේ විශාලම ජැටිය පවත්වාගෙන යනු ලබන්නේ චීන සමාගමක් මගිනි. 2010යේ පමණ සිට චීනය ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය පසුපස ආක්‍රමණශීලි ලෙස හඹා ගොස් ඇති බව පෙනේ. චීනය, වරාය, ගුවන් තොටුපළ, අධිවේගී මාර්ග පමණක් නොව විදුලි බලාගාර තැනීම දක්වා සිය බලපෑම් පුළුල් කළේය. එවකට සිටි රජයන් මින් ඇතිවන්නා වූ ආර්ථික, දේශපාලනික හා රාජ්‍යතාන්ත්‍රික විපාක නොසලකා අධික පොලියට ලැබෙන්නා වූ චීන ණය දොහොත් මුදුන් දී ලබා ගත්තේය.

වර්ෂ 2011 දී චීන රජයට අයිති සමාගමක් වන චීන සන්නිවේදන හා ඉදිකිරීමේ සමාගම ඤක්‍ක්‍ක්‍ක්‍% වරාය නගරයක් ඉදිකිරීමේ යෝජනාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කළේය. මේ අනුව ශ්‍රී ලංකා රජය ඉහත සමාගමේ අනුබද්ධ සමාගමක් වන ක්‍යසබ් ්‍ය්රඉදර ෑබටසබැැරසබට ක්‍දරදචැර්එසදබ :ක්‍්‍යෑක්‍* යන සමාගම සමග ගිවිසුමකට එළඹුණි. 2014 සැප්තැම්බර් මස 17 වන දින චීන ජනපති අතින් මෙම ව්‍යාපෘතිය කොළඹදී ආරම්භ වුණි. රජය පැරදුණි. නව රජයක් බලයට පත්වුණි. මුහුද ගොඩකර දූපතක් සාදා එහි නගරයක් ඉදිකිරීම හා එය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්කිරීම එකී ව්‍යපෘතියයි. මෙම ව්‍යපෘතිය ඩැහැගැනීමට එවකට පැවති රජය තුළ තිබූ මහත් වූ ආශාව නිසාදෝ අවශ්‍ය වන්නා වූ තාක්ෂණික ඇගයීම් කිසිවක් නොකර ගොඩ කරන භූමිභාගයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් ක්‍්‍යෑක්‍ සමාගමට සින්නක්කරව අයත් වන සේ ගිවිස ගත්තේය. 2015 රජය ව්‍යපෘතිය නතර කළේය. ඇගයීම් සිදුකෙරුණි. නෛතික තත්වයන් වෙනස් කෙරුණි. ඒ අනුව සමස්ත දූපත නගර සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට තීරණය කෙරුණි. ඉන් චීනයට අයත්වන කොටස 99 අවුරුද්දකට බද්දකට දීමටද, මෙහි පරිපාලනය අදාළ රේඛීය අමාත්‍යංශයන්හි ප්‍රධානීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් සිදුකිරීමටද දෙපාර්ශ්වය එකඟ වුණි. 2016 දී නැවත වැඩ ආරම්භ කළේය. ඒ අනුව හෙක්ටයාර් 269ක භූමි ප්‍රමාණයෙන් යුත් දූපතක් ඉදිකිරීමට එකඟ විය. සියලු ඉදිකිරීම් අවසන් වන්නේ වර්ෂ 2041 දීය.

අරමුණු

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වන්නේ,

1. මුහුද අසබඩ නිවාස, කාර්යාල හා විනෝදාත්මක පහසුකම් සැපයීමෙන් සංචාරකයන් සහ වෘත්තිකයන් ඇද ගැනීම.

2. ව්‍යාපාර පහසුව ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකීය අවස්ථා ආයෝජන පහසුකම් සලසන්නෙකු වීමද, ක්‍රමෝපාය වැදගත් ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමද, කලාපය තුළ පිහිටා ඇති ඉඩම් අලෙවි කිරීම සම්බන්ධයෙන් ගනුදෙනුවලට එළඹීමද, කලාපය තුළ ජාත්‍යන්තර වෙළඳාම, නාවික ප්‍රවර්ධන මෙහෙයුම්, අක්වෙරළ බැංකු කටයුතු සහ මූල්‍ය සේවාවන් තොරතුරු තාක්ෂණයේ සහ ව්‍යාපාර ක්‍රියාවලිය බාහිර ප්‍රභවයන්ට දීම හා ජාත්‍යන්තර ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටවීම මෙම ව්‍යාපාරයේ අරමුණු සමහරෙකි.

මින් රැකියා අවස්ථා 83,000ක් නිර්මාණය වේ යැයි අපේක්ෂා කෙරේ. එය කවර විටකවත් අද හෙට සිදුවන්නක් නොවේ. මෙම ව්‍යාපාරය පරිපූර්ණ වන්නේ වසර 40කට පසුවයි.

ගිවිසුමේ හරය

රජය සහ ව්‍යාපෘති සමාගම වන ක්‍්‍යෑක්‍ අතර ඇති වූ ගිවිසුමේ හරය නම්, ව්‍යාපෘති සමාගම ඩොලර් බිලියන 1.4ක් ආයෝජනය කොට මුහුද ගොඩකරමින් මෙම දූපත ඉදිකිරීමත්, ව්‍යාපෘතියේ වෙළඳ සහ මූල්‍යමය අවධානය මෙම සමාගම භාරගැනීමත්, විදුලිය, ජලය හා මල ප්‍රවාහනය ආදි ප්‍රවර්ධනයට අවශ්‍ය දෑ සැපයීම ශ්‍රී ලංකා රජයේ ආයෝජනය ලෙස සැලකීමත්ය.

ඉඩම් බෙදීයාම

සමස්ත දූපතේ වපසරිය හෙක්ටයාර් 269 කි. ඉන් හෙක්ටයාර් 91ක් පාරවල්, දිය කඩිති, උද්‍යාන ආදි විනෝදාස්වාද සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වෙනුවෙන් වෙන් කොට ඇත. හෙක්ටයාර් 116 ක් ඤ43්‍ර% ව්‍යපෘති සමාගමට ඔවුන්ගේ බිලියන් 1.4ක ආයෝජනය වෙනුවෙන් වෙන් කොට ඇත. 2019 එළඹි ගිවිසුමෙන් මෙය 99 අවුරුද්දක බද්දකට යටත් කෙරුණි. ශ්‍රී ලංකා රජයට අයත් වන්නේ හෙක්ටයාර් 62කි. එනම් 18% ක ප්‍රමාණයකි. 2019 පාර්ලිමේන්තුවේ සම්මත වූ මෝසමක් මගින් වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් බවට පත්කෙරුණි. ඒ අනුව 2019 ගිවිසුම ශ්‍රී ලංකාව පැත්තෙන් බලන විට මහත් ඵලදායී ගිවිසුමකි.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා කෙටුම්පත

මාර්තු 24 වන දින මෙය ගැසට් කිරීමෙන් පසු රජය අප්‍රේල් 08 වන දින මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළේය. එදින සිට දින 07ක් ඇතුළත අධිකරණයේ අභියෝගයකට ලක් කළ යුතු බැවින්, ඒ සඳහා ඉතිරිව තිබුණේ එක් වැඩ කරන දිනක් පමණි. මෙය රජය විසින් හිතාමතා කරන ලද්දකි. මෙම ව්‍යාපෘතිය අපේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයක් බව රජය කියයි. එය එසේ නම් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍යය. රජයේ මේ ක්‍රියාකලාපයත්, චීන රජයේ සම්බන්ධයත් නිසා මහජනයා තුළ මෙම ව්‍යාපෘතිය පිළිබඳව සාධාරණ සැකයක් ජනිත වී තිබුණි. එබැවින් මේ දෙස ප්‍රවේශමෙන්ද සැකයෙන්ද බැලීමට කවුරුත් නැඹුරු වූහ.

කොමිසමේ ව්‍යුහය

මෙම පනත සම්මත වීමත් සමඟ ර්‍ණකොළඹ වරාය නගරය ආර්ථීක කොමිෂන් සභාව” :ීෑක්‍* ස්ථාපිත වන්නේය. ඒ සමඟම ආර්ථික කලාපයද නීතිගත වන්නේය. කොමිසමේ සාමාජිකයන් සංඛ්‍යාව 05 කට නොඅඩු 07 කට නොවැඩි විය යුතුය. ඔවුන් පත්කරනු ලබන්නේ ජනාධිපතිතුමා විසින් සිය පරම අභිමතය පාවිච්චි කරමිනි. ඔවුන් ශ්‍රී ලංකා පුරවැසියන් විය යුතු නැත. ඔවුන් කවුරුන්දැයි පනතේ සඳහන් නොවේ. සමස්ත නගරයේ නියාමනය හා පරිපාලනය කොමිෂන් සභාවට භාරවේ. නගරයට බලපාන්නා වූ නීති රෙගුලාසි සම්මත කරගැනීමට කොමිසමට බලය තිබේ. මෙම රීති මාස 03 ක් ඇතුළත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු වුවද, එකී මාස 03 තුළ මෙම රීති යටතේ සිදු කළ කිසියම් හෝ ක්‍රියාවක්, අදාළ රීතිය අනුමත නොවූයේ වුවද වලංගු වන්නේය. මෙයින් පෙනෙන්නේ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම හුදු රැවටිල්ලක් පමණඛ් බවයි. මෙලෙස බලන විට කොමිෂන් සභාවට ව්‍යවස්ථාදායක බලයක් පවරා තිබේ. ඒ අනුව කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් නීති පැනවීමේ බලයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නොමැත.

කොමිසමේ ගිණුම් පරීක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ගණකාධිකාරීවරුන් කොමිසම විසින්ම පත්කරනු ලබන්නේය. පාර්ලිමේන්තුව සතු රාජ්‍යයේ මූල්‍ය පාලනය මින් ඉවත් වන්නේය. රජයේ ගණකාධිකාරීවරයාට රාජ්‍ය ආයතනවල හා දෙපාර්තමේන්තුවල ගණන් පිරික්සීමේ බලය තිබේ. එම බලය මෙම විශේෂ වූ ආර්ථික කලාපය පිහිටවනු ලබන වරාය නගරය සම්බන්ධයෙන් බලාත්මක නොවන්නේය. එපමණක් නොව නගරය තුළ බදු හා වෙනත් අයකිරීම් තීරණය කිරීමේ පරම අයිතිය කොමිසම සතුය. තක්සේරු වටිනාකම් තීරණය කිරීම හා අය කිරීම කොමිසමේ කාර්යයභාරය වන්නේය.

පවතින නීති බල රහිත කිරීම

මෙම පනත සම්මත වීමත් සමඟ පනතේ තුන්වන උපලේඛනයේ සඳහන් දැනට බලාත්මකව පවතින පහත සඳහන් පනත් 07 කොළඹ වරාය නගරයේ බළ ප්‍රදේශය තුල අදාළ නොවන පනත් ලෙස සැලකේ. නාගරික සංවර්ධන අධිකාරී පනතත මහ නගර සභා ආඥා පනතත ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පනත; නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත; ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතත පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත හා ශ්‍රී ලංකා අයෝජන මණ්ඩල පනත. මෙම පනත්වලට අදාල කරුණු සම්බන්ධයෙන් නීති සම්මත කිරීමේ බලය කොමිසම සතු වන්නේය.

නිදහස් කිරීම හෝ දිරිගැන්වීම

පනතේ 09 වන පරිච්ඡේදයට අනුව ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර ලෙස හඳුනාගත් ව්‍යාපාර සම්බන්ධයෙන් දිරිගැන්වීම් දෙනු ලැබේ. එපමණක් නොව, වඩාත් භයානක වන්නේ රජයට ආදායම් උපයන්නා වූ පනත් 14ක බලපෑමෙන් එකී ව්‍යාපාර නිදහස් කිරීමයි. එකී පනත් නම්, ආදායම් බදු පනතත එකතු කළ අගය මත බඳු පනතත මුදල් පනත් දෙකක්; සුරාබදු පනතත හරබදු පනත; රේගු ආඥා පනතත වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත; අපනයන සංවර්ධන පනත; විනෝද බදු පනත; විදේශ විනිමය පනතත කම්කරුවන් රක්ෂා අවසන් කිරීමේ පනතත කැසිනෝ ව්‍යාපාර පනතත ඔට්ටු ඇල්ලීමේ පනත.

එලෙස රටේ පවත්නා වූ වැදගත්ම නීති සමුච්චයක් ක්‍රමෝපාය ව්‍යාපාර සම්බන්ධයෙන් ඉවත් කිරීමේ බලය කොමිසම සතු වේ. එලෙස ගන්නා වූ තීරණ කැබිනට් මණ්ඩයේ අනුමැතිය ලැබුණු පසු හුදු දැනගැනීම සඳහා පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. එනම් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කළ හැකි කිසිවක් නැත. රටක පනතක් බලාත්මක වීම හෝ නොවීම තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව මගිනි. පනතක වගන්ති අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම පාර්ලිමේන්තුව සතු කටයුත්තකි. ීෑක්‍ පනත සම්මත වනවිටම පාර්ලිමේන්තුව සතු එකී බලය ඉහත කී පනත් අරභයා අහෝසි වී කොමිසමක් වෙත පැවරෙන්නේය. ඉහත නිදහස් කිරීම් මගින් එක් අතකින් ව්‍යවස්ථාදායක බලය කොමිසම වෙත ආරෝපණය කරගැනීමද අනෙක් අතින් පාර්ලිමේන්තුව සතු මූල්‍ය පරිපාලන බලය කොමිසම වෙත පවරා ගැනීමද මෙම පනත මගින් සිදු කරනු ලැබේ.

අවසානය

2019 දී වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් බවට ප්‍රකාශ කෙරුණි. පනත් කෙටුම්පතට අනුව නගරය තුළ පළාත් පාලන ආයතනයක් හෝ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් නොමැත. කොටින්ම කියතොත් රටේ සාමාන්‍ය පරිපාලන පද්ධතිය තුළට මෙම නගරය ඇතුළත් නොවේ. ව්‍යවස්ථාදායක සහ මූල්‍ය පරිපාලන බලය කොමිසම සතු වන්නේය. මේ හේතුව නිසාම මෙම කොමිසම පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කටයුතු පිළිබඳ කමිටුව ඤඣඡෑ% ඉදිරියට කැඳවිය නොහැක. රටේ අපරාධ නීතිය නගරය තුළ බලපවත්වන්නේ වුවද, එය ක්‍රියාත්මක කිරීමේදී චීන පොලීසියේ බලපෑමක් තිබේද යන්න බැහැර කළ නොහැක. ඒ මක්නිසාද ශ්‍රී ලංකා පොලීසිය සම්බන්ධයෙන් හෝ චීන පොලීසිය සම්බන්ධයෙන් හෝ නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ කිනම් ආයතනයක් විසින්ද යන්න පිළිබඳව හෝ ප්‍රකාශිතව කිසිදු සඳහනක් පනතේ නොමැති වීමයි. අවශ්‍ය වන්නේ නම් චීන පොලීසිය කැඳවීම සඳහා නීති සම්මත කිරීමට කොමිසමට බලය තිබේ. පනත සම්මත වීමත් සමඟ නාගරික සංවර්ධන පනත අහෝසි වන්නේය. ඒ අනුව ීෑක්‍ පනතේ විධිවිධානුකූලව වරාය නගරයේ සියලු ඉඩම්, නාගරික සංවර්ධන අධිකාරියේ නොව ආර්ථික කොමිසමේ ඉඩම් බවට පත්වන්නේය. නගරය තුළ භාවිත වන මුදල් ඒකකය වන්නේ රුපියල් නොවන, නම් කරනු ලබන විදේශ මුදලකි. එය බොහෝ විට චීන යුවාන් විය හැක. නගරය තුළට යනු ලබන ශ්‍රී ලාංකිකයන් මිලට ගනු ලබන සියලු භාණ්ඩ සම්බන්ධයෙන් පිටවීමේදී බද්දක් ගෙවිය යුතුය. රජය සතු වන්නා වූ ඉඩම් කොටස් සංවර්ධනය කිරීමෙන් හා විකිණීමෙන් ඩොලර් මිලියන දෙකක් පමණ උපයාගත හැකි වෙතැයි උපකල්පනය කර තිබේ. එය සිදුවන්නේ ක්ෂණිකව අද හෙට නොව ක්‍රමානුකූලව කාලයක් තිස්සේය. එසේ වන්නට මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය බෙහෙවින් බලපානු ඇත. චීන රජයේ සම්බන්ධයත්, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් උපදේශක ක්‍රියාවලියක් දියත් නොවී තිබීමත් හා මහජනයා දැනුවත් නොකිරීමත් නිසා මෙම ව්‍යාපෘතිය දෙස ජනතාව බැලුවේ සාධාරණ බියකින් යුත් සැකයකිනි. මෙය ඩැහැගැනීම සඳහා ශ්‍රී ලංකා දේශපාලකයන් තුළ තිබූ නොනිත් ගිජුබව නිසා ඉන් උද්ගත වන දේශපාලනික, සමාජීය, ආර්ථික, ජාතික හා ජාත්‍යන්තර විපාක සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් කළ බවක් නොපෙනේ.

අද රට ගමන් කරමින් තිබෙන්නේ ඉතා අඳුරු යුගයකටය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් චීන ණය උගුලට අපි හසු වී සිටිමු. එක් පොලී වාරිකයක් හෝ ගෙවීමට අපොහොසත් වුවහොත් අප බංකොලොත් රටක් සේ සැලකේ. ඒ සඳහා චීනයෙන්ම රජය තවත් ණය ගනී. පසුගිය දින කිහිපය තුළ ඩොලර් මිලියන 500ක ණයක් ලබා ගත්තේය. චීනය මෙලෙස ණය දෙන්නේ අප කෙරෙහි ඇති හුදු ආදරය නිසාම නොවේ.

2019 ගිවිසුම මෙම ව්‍යපෘතිය අරභයා කිසියම් තුලනයක් ස්ථාපිත කළේය. එය මෙම පනත් සම්මත වීමත් සමඟම අහෝසි වන්නේය. අදාළ කොමිසමට පු`ඵල් හා විවිධාකාර බලතල තිබේ. ව්‍යවස්ථාදායකයද, පරිපාලකයාද, නියාමනය කරන්නාද, විධායකයද වන්නේ කොමිසමයි. සියලු දෑ, පෙළ ගැසී ඇති ආකාරය දෙස බලන විට චීනය විසින් කොමිසමත්, වරාය නගරයත් අවසානයේ සිය ග්‍රහණයට ගනු ඇතැයි අප තළ සාධාරණ බියක් හටගත්තේය. මෙහි සාර්ථකත්වය අසාර්ථකත්වය මැන බැලීමට කල් වැඩිය. නීතිය කොතරම් ලිහිල් කොට තිබේද යත් මෙම ආර්ථික කලාපය තුළ බොහෝ අවකල් ක්‍රියා, මූල්‍යමය දුරාචාර හා මුදල් විශුද්ධිකරණ ආදි දුෂ්චරණ සිදුවිය හැකි බැව් පෙනේ. රටක් තුළ රටක් ඇත. නීති දෙකකි. රටවල් දෙකකි. රුපියලකි. යුවානයකිෟ

මෙම ව්‍යාපෘතියෙන් වැඩි අර්ථලාභයක් ලබන්නේ චීනයයි. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සහ මූල්‍යමය බලයන් ඉවත් කිරීම නිසා වෙනත් ඒකකයක් මේ මගින් බිහිවන බව පැහැදිලි වේ. එය එක් අතකින් ෆෙඩරල් රාජ්‍යක් හා සමානය. එය ශ්‍රී ලංකා රජයේ පාලනයට යටත් නොවන්නේය. අපේ ආර්ථිකය බිඳවැටී ඇත. අපි දැනටමත් චීන ග්‍රහණයට යටත් වී ඇත්තෙමු. මෙම පනත මගින් එය තවදුරටත් තීව්‍ර වන්නේය. වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ සමඟම අපගේ මව්රට චීනයේ තවත් පරිපාලන දිස්ත්‍රික්කයක් නොවේවායි ද ප්‍රාර්ථනා කරමු.

ජනාධිපති නීතිඥ තාරපති ජයනාග (anidda)