ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්කරගත් ප්‍රචණ්ඩත්වයේ බලපෑම් 

ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්කරගත් ප්‍රචණ්ඩත්වයේ බලපෑම් 
2019 වසරේ දී පැවැත්වූ කාන්තා යහපැවැත්ම පිළිබඳ සමීක්ෂණයේදී  ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් 4 දෙනෙකුගෙන්ම එක් අයෙකු (24.9%) වයස අවුරුදු 15 සිට සහකරුගෙන් හෝ සහකරුවකු නොවන පුද්ගලයකුගෙන් ශාරීරික සහ/හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්වී ඇතිබව අනාවරණය වී තිබේ. ප්‍රචණ්ඩත්වයන් අතරින් වඩාත් පොදුවේ දක්නට ලැබෙන්නේ සමීපතම සහකරුවා මගින් ප්‍රචණ්ඩත්වයට ලක්වීම වන අතර මෙමගින් ලෝකය පුරා සිටින කාන්තාවන් මිලියන ගණනාවකට බලපෑම් ඇතිවේ. 
 
කොවිඩ් 19 වසංගතය නිසා රටවල් වසා දැමීම සහ සංචරණය සීමා කිරීම හේතුකොටගෙන කාන්තාවන්ට ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට උපකාරීවන ප්‍රජනන සෞඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශවීමට බාධාවන් ඇතිවී තිබෙන අතර මෙමගින් දැනට පවත්නා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය තවදුරටත් උග්‍රවී තිබේ. කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට මෙම සේවාවන් ලබාගැනීමට වඩාත් අවශ්‍යවූ අවස්ථාවන්හිදී එසේ සේවාවන් සැපයීමට අදාළ බලධාරීන්ට පවත්නා හැකියාවට වසංගතය මගින් බාධා පමුණුවා තිබේ.  ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයන් ඉහළ යමින් පවතින අතර විශේෂයෙන්ම  මව්වරුන්ගේ සහ අලුත උපන් ළදරුවන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම අවදානමකට පත්වී ඇත. 
 
සැමියා හෝ සහකරු විසින් සිදුකරනු ලබන ශාරීරික ලිංගික හෝ මානසික හිරිහැර කිරීම මාතෘ සහ ප්‍රජනන සෞඛ්‍යට බලපාන ප්‍රධාන කරුණක් වන අතර මෙමගින්  මාතෘ මරණ පවා සිදුවිය හැකිය. උදාහරණ වශයෙන් සමීපතම සහකරුවාගේ ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවිඳින කාන්තාවන්ට උපත්පාලන ක්‍රම භාවිතා කිරීමට හෝ ඒ පිළිබඳව අදහස් දැක්වීමට පවා අවස්ථාවක් නොමැති විය හැකි අතර මෙම තත්වය නිසා සැලසුම් නොකළ ගැබ්ගැනීම් සිදුවිය හැකිය. ශාරීරික පීඩා සහ ලිංගික අපයෝජනයට අමතරව මෙමගින් සිදුවන මානසික සෞඛ්‍ය ප්‍රතිවිපාක මගින් දැඩි බලපෑමක් ඇතිකරන අතර එමගින් කාංසාව, භීතීකාවන්, අවපීඩනය ආදි සෘණාත්මක මාතෘ මානසික සෞඛ්‍ය ගැටලුවලට ලක්වීමට සෘජුවම හෝ වක්‍රාකාරව හේතුවන අතර මේවා මවට සහ ළදරුවාට යන දෙදෙනාටම බලපෑම් අතිකරනු ලබයි.  
 
මෙම අන්තර් සම්බන්ධතාවයන් පිළිබඳව දැනුම්වත්භාවය වර්ධනය කිරීම සඳහා “ලිංගික සහ ස්ත්‍රීපුරුෂ සමාජභාවය පදනම්කරගත් ප්‍රචණ්ඩත්වය මාතෘ සහ ළමා සෞඛ්‍යයට බලපෑම් කරන අකාරය” පිළිබඳව විද්වත් කමිටු සාකච්ඡාවක්  පැවැත්වීමට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA)  නැවත වතාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය (SLMA) පාර්ශවකරනයට එලැඹිණි. මෙම සැසියට පදනම් වූයේ උපතේ දී ඇතිවන සංකූලතා පිළිබඳව පැවැති 9 වන අන්තර්ජාතික සම්මේලනයේ ප්‍රධාන රැස්වීමේදී සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින්  මීට පෙර පවත්වන ලද නව සාමාන්‍යකරණය යටතේ සියලුදෙනාට පරිපූර්ණ ලිංගික හා ප්‍රජානන සෞඛ්‍ය සේවාවන් ලබාදීම සඳහා  අයිතිවාසිකම් පදනම්කරගත් ප්‍රවේශයක් පිළිබඳ සැසියේදී සිදුවූ අදහස් දැක්වීම්ය. මෙහිදී කොවිඩ් 19 වසංගත තත්වය තුළ ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය, මාතෘ මරණ, රෝගීවීම, ළමා සෞඛ්‍ය, උපතේදී සංකූලතා ඇතිවීම සහ ආබාධිත තත්වයන් අතර පවත්නා සම්බන්ධතාවයන් පිළිබඳව අවධානය යොමුවිය.
 
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ කාර්යාල ප්‍රධානී ශාරිකා කුරේ මහත්මිය මෙහිදී අදහස් දක්වමින් ,ලිංගික සහ ස්ත්‍රීපුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය සහ මාතෘ මරණ, රෝගීවීම  අතර සම්බන්ධතාවය පිළිබඳව දැවැන්ත සාක්ෂි පවතින බැවින් කාන්තාවන් සහ ළමුන්ගේ ජීවිත බේරාගැනීම  සහ යහපැවැත්ම ඉහළ නැංවීම පිළිබඳ වැඩසටහන්වලදී  සහ ප්‍රතිපත්ති සම්පාදනයේදී ලිංගික සහ ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත පදනම්වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳව ඉක්මනින් ප්‍රමුඛතාවය  ලබාදිය යුතු, බව පැවසුවාය.  
 
මේ පිළිබඳව තවදුරටක් අදහස් ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනයේ සභාපතිනි වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මෙසේ කරුණු දැක්වීය.
 
"ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය මාතෘ මරණ සිදුවීම වැනි අතිශය නරක තත්වයන්ට මෙන්ම සෘණාත්මක මාතෘ සෞඛ්‍ය තත්වයන් ගණනාවකට සම්බන්ධ වෙනවා.  සාමාන්‍යයෙයන් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදයිකයින්ගෙන් බොහොමයක් මෙය ප්‍රශ්නයක් ලෙස නොසලකනු ලැබූවත් විවාහක සහ අවිවාහක යුවල් අතර සමීප සහකරුවාග් ප්‍රචණ්ඩත්වය බොහෝ අවස්ථාවලදී දක්නට ලැබෙනවාග  මෙම නිසා සාමාජිකයින් 4000කට වඩා සිටින ශ්‍රී ලංකාවේ පැරණිතම වෛද්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනය ලෙසට සම්බන්ධතාවයක් ඇතිව හෝ නැතිව, සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව හඩක් නැගීම අපගේ වගකීමක් බව මම සිතනවා” යැයි පැවසුවාය.  
 
භූතානයේ UNFPA  කාර්යාල ප්‍රධානී මධුෂා දිසානායක මහත්මිය විද්වත් කමිටු සාකච්ඡාව මෙහෙයවනු ලැබූ අතර , සාමාජිකයන් ලෙස කැලණිය සහ කොළඹ විශ්ව විද්‍යාලයන්හි බාහිර කථිකාචාර්ය නිලුකා ගුණවර්ධන මහත්මිය, ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා සහ UNFPA ආසියා පැසිෆික් කලාපයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ කලාපීය උපදේශිකා උපලා දේවි මහත්මිය සහභාගී වූහ.
 
මෙම සාකච්ඡාව්දී අදහස් දක්වමින් විද්වත් කමිටු සාමාජිකා නිලූකා ගුණවර්ධන මහත්මිය මෙසේ කියා සිටියාය.
“දැනට පවත්නා මවට දොස්පැවරීමේ සහ වරද පැවරීමේ සංස්කෘතිය නිසා නිතරම ආබාධිත තත්වයන්ගෙන් පෙළන ළදරුවන් සහ ළමුන්ගේ මව්වරුන් අවමානයටත් ප්‍රචණ්ඩත්වයටත් (ප්‍රසිද්දියේ සහ අප්‍රසිද්ධියේ) ලක්වෙනවා. මිත්‍යාමත දුරලීම සහ අවමානයට ලක්නොකිරීම ඇතුලුව මව්වරුන්ගේ යහපැවැත්ම සහ ආරක්ෂාව තහවුරු කිරීම මෙහිදී ඉතාමත් වැදගත්වනවා” යැයි පැවසුවාය.  
 
මෙම විද්වත් සාකච්ඡාවේදී 2030 තිරසර සංවර්ධන අරමුණු වල මූුලික සිද්ධාන්තයන් වන සියලුම දෙනාගේ අයිතීන් වලට හා තෝරාගැනීම වලට ගරුකිරීම පිළිබඳව නයිරෝබී සමුළුවේදී සිදුකරන ලද කරුණු දැක්වීම් අවධාරණය කරනු ලැබිණි.
 
 
 
පී.ඩබ් මුතුකුඩආරච්චි