සුසුම් හෝ හුස්ම. ස්වසනය හෝ ආශ්වාසය , ජීවය ප්‍රාණවායුව, පණනල හෝ මඳනල වන, අපට වායු ද, දහමින් වායෝ ද වූ වාතය අවසානයේ දූෂණය වී ඇත.
ජගත් පාරිසරික අර්බුද අතර වායු දූෂණය ඉපැරණිතම පරිසර ව්‍යසනයයි. ආදි මිනිසා ගින්දර සොයාගත් මොහොතේ සිටම වායුගෝලය දූෂණය කරයි. කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් වන අහිතකර වායු විමෝචන විෂ දුමාරයට තිරසර විසඳුම් සොයා ගැනීමට නොහැකියාව නිසා සොබාදහම සේම ලෝක මානව සෞඛ්‍ය ද දරුණු පිරිහීමකට ලක් වී ඇත.
අධි පරිභෝජනය පිරිහී අවමතා (Minimalist) ජීවිත පිළිබඳව නූතන ලෝකයම අවධානය යොමු කිරීම විස දුමට වැදගත් විසඳුමකි.
යුනෙස්කෝ ලෝක උරුම නගරයක් වන මහනුවර, මූලික වශයෙන් විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වායු දූෂණයට සම්බන්ධ සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙයි.
යම් කිසි සංඝටකයක් හෝ සංඝටක කිහිපයක් සාමාන්‍ය වායුගෝලයේ පවතින සංයුතිය ඉක්මවා පැවතීම, එමගින් ජීවීන්ට හෝ පරිසරයට හානියක් සිදුවේනම් එය අප වායු දූෂණය ලෙස හඳුන්වමු. වායූ දූෂණය එක ප්‍රදේශයකට රටකට සීමාවූ දෙයක් නොවන අතර වායු දූෂක වලාකුළු සමග මුසුවී සුලඟ මගින් දේශසීමා ඉක්මවා ගමන් කරයි.
වායු දූෂණයට ප්‍රධාන දායකයන් වන්නේ රථ වාහන විමෝචනය, කර්මාන්තශාලා, ඉදිකිරීම් කටයුතු කෘෂිකාර්මික කටයුතු සහ ගෘහස්ථ වායු දූෂණයයි.
නාගරික ප්‍රදේශවල වායු දූෂණයේ ප්‍රධාන ප්‍රභවයන් වන. දෙකකි එනම් විෂ වායුන් හා කුඩා අංශු වේ.
විෂ වායූන් ලෙස නයිට්රජන්ඩයොක්සයිඩ්( NO2 ), කාබන් ඩයොක්සයිඩ්(CO2), කාබන් මොනොක්සයිඩ්(CO)හා සල්ෆර් ඩයොක්සයිඩ්(SO2) ලෙසත් කුඩා අංශු ඛනිජ ඉන්ධන හා ගල් අඟුරු දහනයෙන් නිකුත්වන කුඩා අංශු යනුවෙනි. තවද දූවිලි සාම්පලවල කැල්සියම් (Ca), සින්ක් (Zn) සහ තඹ (Cu) වැනි මූලද්‍රව්‍යවල ඉහළ සාන්ද්‍රණ වායු පරිසරයේ ජීවයට අහිතකරව බලපෑම් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්තයන්ට අනුව වසරකට මිලියන 07ක් මිනිස් ජීවිත වායු දූෂණය නිසා අපට අහිමි වේ. බොහෝවිට දියුණු වෙමින් පවතින රටවල මිනිසුන් මේ ඉරණමට ගොදුරු වේ. 31% හදවත් රෝගද, 21% නිව්මෝනියාව ද, 20% ආඝාතය ද, 19% පෙණහළු ආශ්රිත රෝග සහ 07% පිළිකා නිසා මියයයි.
| මහාචාර්ය ඕ.ඒ ඉලේපෙරුම
මේ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඕ.ඒ ඉලේපෙරුම මහතා, ප්‍රධාන වශයෙන්ම රථවාහන තදබදය වැඩි වීම නිසා නගරය, උදෑසන සහ සවස් කාලයේ ඉහළ පරිසර දූෂණයක් අත්විඳියි. දවසේ පැය 5-6ක් නාගරික පාසල් හා පෙරපාසල් තුල කාලය ගෙවන දරුවන් සහ වැඩිහිටියන් සේම නූපන් බිලිඳුන් මේ විස වායූ අවශෝෂණය කිරීමෙන් රෝගී වීමෙන් වලක්වා ගැනීමට වහා පියවර ගත යුතුය. අධික දුම්පානය නිසා ඇතිවන්නාවූ (OCPD) කල්ගත පුප්ඵුශීය පෙනහළු රෝගී දරුවන් වැඩිවීමක් දක්නට හැකි බව මහනුවර ලය රෝග වෛද්‍ය වාර්තා වලින් සනාථ වෙනවා.
විද්‍යාත්මකව PM2.5 අංශුවල දායකත්වය සැලකිය යුතු ය. මයික්‍රොමීටර 2.5ක් හෝ ඊට අඩු විෂ්කම්භයක් සහිත සියුම් අංශු ද්‍රව්‍ය වන PM2.5, පෙනහළුවල ගැඹුරට විනිවිද ගොස් රුධිරයට ඇතුළු විය හැකි අතර එමඟින් බරපතළ සෞඛ්‍ය අවදානම් ඇති කරයි. මෙම කුඩා අංශු, සුළං හමන දූවිලි සහ ඉදිකිරීම් ආශ්රිත දෛනික ක්‍රියාකාරකම් ඇතුළු විවිධ මූලාශ්‍රවලින් පැමිණේ.මේවා මිනිස් හිසකෙස්වලට වඩා දළ වශයෙන් 30 ගුණයකින් කුඩා වන අතර, වාතයේ ගුණාත්මක භාවය දැඩිව විනාශ කරයි.
මෙම දූෂණ ප්‍රභවයන් ඵලදායී ලෙස හඳුනා ගැනීම සහ පාලනය කිරීම වායුගෝලයේ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා ඉතා වැදගත් වේ.
ශ්‍රී ලංකාවේ මහනුවර නගරය භූ පිහිටීම අනුව කඳු වලල්ලකින් වටවී තිබීම හේතුවෙන් හා කාලගුණික දත්ත විචලනය මත වාතය දූෂ්‍ය වීමට බලපෑමක් පෙන්නුම් කරයි. පසුගිය අධ්‍යයනයන් පෙන්වා දෙන පරිදි පළමු අන්තර් මෝසම් කාලගුණ තත්වයේ බලපෑම අනුව, මාර්තු සහ අප්‍රේල් මාසයන්හී මහනුවර නගර සීමාවේ PM2.5 මට්ටම් සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී. ඉන්දියානු උප මහාද්වීපයේ සුළං රටා අනුව, දකුණු ඉන්දීය කලාපයේ ඉහළ දූෂණ මට්ටම් වල ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර කිහිපය තුල, විශේෂයෙන්ම නොවැම්බර් මාසයේ මහනුවර නගරයේ ද දරුණු වායු දූෂණ තත්වයන් දැකගත හැකි විය. නාගරික වනාන්තර දෙකක් (උඩවත්ත හා දුණුමඬලාව) වා පවිත්රකාරක ලෙස ක්‍රියාත්මක වුවද, අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ PM2.5 සහ PM10 වැනි අංශු ද්‍රව්‍යවලට නිරාවරණය වීම ස්වසන රෝග සඳහා රෝහල්ගත වීම් වැඩිවීමට දැඩිව සම්බන්ධ බවයි. ඉහළ වායු දූෂණයක් පැවැති කාලව විශේෂයෙන් 2019 දී, වාතයේ ගුණාත්මකභාවය සහ සෞඛ්‍ය දත්ත අතර සෘජු සහසම්බන්ධය පෙන්නුම් කරමින්, ශ්වසන රෝග රෝහල්ගතවීම්වල කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණි.
නිදන්ගත ශ්වසන රෝග ඇදුම, බ්රොන්කයිටිස් සහ අනෙකුත් ශ්වසන ආසාදන වැනි තත්වයන් වර්ධනය වීමේ අවදානමක් මෙන්ම
නිරන්තර කැස්ස, හුස්ම හිරවීම, පපුවේ තද ගතිය සහ ශ්ලේෂ්මල නිෂ්පාදනය වැඩි වීම ඇතුළත් විය හැකි මෙම තත්ත්වයන්ගේ මුල් රෝග ලක්ෂණ මහජනතාව හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. කලින් හඳුනා ගැනීම සහ මැදිහත් වීම වායු දූෂණයේ සෞඛ්‍ය බලපෑම් අවම කිරීමට සහ කලාපයේ සමස්ත මහජන සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට උපකාරී වේ.
තිරසාර විසඳුම්
මහනුවර වායු දූෂණය පිළිබඳ දැවෙන ගැටලුව විසඳීම සඳහා පොදු ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය උපාය මාර්ගයකි. ලෝක ජනගහනයෙන් සියයට 56ක් දැනටමත් නගරවල පදිංචිව සිටින අතර නාගරික ජනගහනය අඛණ්ඩව ඉහළ යාමත් සමඟ මෙම අගය 2050 වන විට සියයට 70කට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, නාගරික ප්‍රවාහන යටිතල පහසුකම් මත ඇති බර වඩ වඩාත් දරුණු වේ.
මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය, ලෝක බැංකුවේ ඩොලර් මිලියන 69.33 ක ණය ආධාර යටතේ ආරම්භ වූවක්. විවිධ ප්‍රවාහන ක්‍රම ඒකාබද්ධ කිරීම සහ පොදු ප්‍රවාහනයේ කාර්යක්ෂමතාව, මගී ආරක්ෂාව වැඩිදියුණු කිරීම, වගේම පොසිල ඉන්ධන දහනයට විකල්ප ලෙස පරිසර හිතකාමී (eco) බලශක්ති හඳුනාගැනීම වාහන විමෝචනය අඩු කළ හැකි තිරසර සැලසුමකි.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සඳහා ප්‍රවාහන ක්ෂේත්රයේ සැලකිය යුතු දායකත්වයට ආමන්ත්‍රණය කිරීම සඳහා "අඩු කිරීම, නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම (Reduced, Reused, Recycled") වැනි සාම්ප්‍රදායික පාරිසරික වැඩසටහන් වලින් ඔබ්බට ගොස් කාබන් විමෝචනය අඩු කිරීම සඳහා රජයන් සහ ප්‍රාදේශීය මහ නගර සභා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ යුතුයි.
ප්‍රවාහනයට ලෝකයේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන් 23% ක්, සියලු බලශක්ති පරිභෝජනයෙන් 27% ක් සහ ගෝලීය තෙල් පරිභෝජනයෙන් 50% ක් වැය වන අතර, වඩාත් තිරසාර ප්‍රවාහන විසඳුම් අනුගමනය කිරීම අවශ්‍ය වේ. නගර තුල ගමනාගමන සඳහා පාපැදි ප්‍රවර්ධනය කිරීම හරිත නගර නිර්මාණයේ නවීනතම විසඳුමකි. මෙවැනි නව්‍ය හරිත නගර සංකල්ප සාක්ෂාත් කරගැනීමට පොදුජන ආකල්ප ද සංවර්ධන විය යුතුය.ඊට නිදසුන් ලෙස කසළ දහනය නතරකිරීම, ගෘහස්ථ දර උදුන් වෙනුවට විකල්ප බලශක්ති යොදාගැනීම යෝග්‍ය වේ.
මෙම අභියෝග හමුවේ, මහනුවර පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලට වාහන විමෝචනය අවම කිරීම සහ නාගරික ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා පරිසර හිතකාමී විසඳුම් ඒකාබද්ධ කිරීම ඇතුළත් වේ.
සමාන මුලපිරීම් ක්‍රියාත්මක කිරීමෙන්, මහනුවරට පොදු ප්‍රවාහනය නිතර භාවිතා කිරීමට නිවැසියන් දිරිමත් කළ හැකි අතර එමඟින් හරිත හා වඩා තිරසාර නාගරික පරිසරයක් නිර්මාණය කිරීමට දායක විය හැකිය. හරිත යටිතල පහසුකම් දූෂක පෙරීමට සහ වාතයේ ඇති අංශු ද්‍රව්‍ය ග්‍රහණය කර ගැනීමට උපකාරී වන අතර එමඟින් නාගරික ප්‍රදේශවල බහුලව පවතින වාහන විමෝචනයේ බලපෑම සැලකිය යුතු ලෙස අඩු කරයි.
මධ්‍යම පරිසර අධිකාරිය (CEA) ශ්‍රී ලංකාවේ පරිසරය ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීමේ වගකීම දරන අතර, වාතයේ ගුණාත්මක ප්රමිතීන් පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරයි. මහනුවර වායු දූෂණය පිළිබඳ ගැටළු විසඳීමට සහ එහි අහිතකර සෞඛ්‍ය බලපෑම් අවම කිරීම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමට ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් මාලාවක් හඳුන්වා දී ඇත. මෙම ගෝලීය පාරිසරික අභියෝග ජයගැනීමට රටක පාලන අධිකාරිය සේම පොදුජනතාව ඊට දක්වන සහයෝගයද පිවිතුරු වායූගෝලයක් අනාගතයේ නිර්මාණය කීරීමට සුවිශාල දායකත්වයක් සපයයි.
(සටහන හා ඡායාරූප රුවන් මීගම්මන)