අපි අධීක්ෂණයට විරැද්ධ නෑ - විරැද්ධ ක්‍රියාවලියටයි - PHI සංගමය

අපි අධීක්ෂණයට විරැද්ධ නෑ - විරැද්ධ ක්‍රියාවලියටයි - PHI සංගමය
  • මෙන්න හේතු

ලංකාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධීක්ෂණය කිරීම සඳහා නව තනතුරැ ඇති කරමින් එකී තනතුරු ස්වභාවය හා රැකියා විස්තරයක් ඉදිරිපත් කිරීම්මෙන් පසුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එළඹිමට සිදුව ඇත. විවිධාකාරව චෝදනා ගොනු කරමින් විවිධාකාරයේ පුද්ගලයින් ලවා  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩ නොකරන පිරිසක් බවත් ඊට අධීක්ෂණය එකම විසදුම බවට පෙන්වමින් විවිධාකාරයේ වෘත්තිය සංගම් විසින් කරුණු දැක්වීම හේතුකොටගෙන මෙවැනි වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවයක් මතු විය. ඒ සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාවේ මහජනතාවට සහ රජයේ සියලුම නිල නිලධාරීන් වෙත දැනුවත් කිරීම් වගකීමක් කොට සලකන බැවින් මෙසේ ඒ අදාල තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කරමි.

ප්‍රතිකාර සේවා සඳහාහා යොමු විය යුතු වෛද්‍ය නිලධාරීන් කිසිදු  අවශ්‍යතාවයක් නැති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට යොමු කරමින් එම කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හෝ වෙනත් නිලධාරීන් අධීක්ෂණය වැනි සරල කාරණා වලට වසර ගණනාවක් තිස්සේ ලංකාවේ බදු මුදලින් වෛද්‍යවරයෙකු බවට පත් කිරීම සඳහා කැප කරන ලද මුදලට සාධාරණ රාජකාරියක් ඉටු නොකරමින් වෙනත් නිල නිලධාරීන් හෝ රජයේ සේවකයන් අධීක්ෂණය සඳහා යයි පත් කිරීම අතිශය අසාධාරණය. ප්‍රතිකාර  සඳහා පමණක් පුහුණුව ලද වෛද්‍යවරුන් කිසිදු සුදුසුකම්ක් නොමැති වූ රාජකාරි සදහා පත් කිරීමෙන් මෙම ගැටළලුව නිර්මාණය වී ඇති බව ඉතා පැහැදිලිය.

ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාමේ දැඩි අසීරුතාවයට පත්ව ඇතැයි කියන අතරේම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම කිසිදු ආකාරයෙන් නොකළ යුතු ක්‍රියාවකි. ප්‍රතිකාර සේවා කිසිවක් සිදු නොකරන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල මගින් වෛද්‍යවරුන් සිදු කරනුයේ ක්ශේත්‍රගත ළමා හා මාතෘ සෞඛ්‍ය කටයුතු පමණක් වන අතර එම කාර්යයන් සඳහා පුහුණුව ලත් වෛද්‍යවරුන් නොවන විශේෂිත කණ්ඩායමක් සෞඛ්‍යය නිලධාරී කාර්යාල සේවයේ යෙදී සිටි.  

එවන් අවස්ථාවක ඔවුන් අධීක්ෂණය කරන මුවාවෙන් තම රැකියා ස්ථානයේ සිට වෙනත් කාර්යයන් වල යෙදීමේ අවශ්‍යතාවය සහ එම නිලධාරීන් අධීක්ෂණය කරන්නේ යැයි කියමින් වෙනත් පුද්ගලික අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට වෛද්‍ය නිලධාරීන් පත් කිරීම ඉතා අසා අසාධාරණය.

දැනට ලංකාවේ සමහර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රමාණයටත් වඩා වෛද්‍ය නිළධාරීන් පත් කොට ඇති අතර ඔවුන්ගෙන් සිදුවන සේවාවක් දැක්වීමට නොහැකි වීම මත ඔවුන්ව අධීක්ෂණ නිළධාරීන් බවට පත් කිරීම අතිශය වැරදි සහගත පරිපාලන තීන්දුවකි. එසේම එම වෛද්‍ය නිළධාරීන් අධීක්ෂණය කිරීමට ඇත්තේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයෙකු පමණි. දිස්ත්‍රික්කයක් තුල විශාල වෛද්‍ය නිළධාරීන් සංඛ්‍යාවක් අධීක්ෂණයටඑක් වෛද්‍ය නිළධාරියෙකු පත් කර සියලු වෛද්‍ය නිළධාරීන් සදහා අධීක්ෂණය පැවරීම ඉතා වැරදි සහගත තීරණයකි.

මීට අමතරව න සෞඛ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණ කටයුතු කිරීම සඳහා එවන් වෛද්‍ය නිලධාරීන්ටද කිසිදු සුදුසුකමක් ඇති නොවන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඔවුන්ගේ රාජකාරි අධීක්ෂණය කළ හැක්කේ එම රාජකාරි සම්බන්ධ පූර්ණ පුහුණුවක් දැනුමක් සහ පළපුරුද්දක් ඇති නිලධාරීන් පිරිසකට පමණිග මක්නිසාදයත් ඔවුන් සිදු කරනුයේ වෛද්‍ය නිලධාරීන්ගේ සහ වෙනත් වෛද්‍යමය නොවන කාරණා වලට අදාල රාජකාරි වේ. ඒ අතර ආහාර සෞඛ්‍ය කටයුතු ආහාර සම්බන්ධ නීතිමය කටයුතු පරිසර සෞඛ්‍ය කටයුතු පරිසර සෞඛ්‍ය සම්බන්ධ නීතිමය කටයුතු සහ බෝවන රෝග පාලනය ක්ෂේත්‍රය තුළ සිදු කිරීමේ කටයුතු විශේෂයෙන්ම දමා යන කටයුතු රෝග ආවේක්ෂණ කටයුතු ආදී සියල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වෛද්‍යමය නොවන කාරණා මත පදනම්ව සිදු කරනු ලබන සුවිශේෂී කාර්යයන් රැසක් වූ කාර්යයක් අධීක්ෂණය කිරීමට නම් ඒත් සම්බන්ධ සුවිශේෂී වූ පුහුණුවක් හා පළපුරුද්දක් අත්දැකීමක් සහිත  නිලධාරින් සිටීම අත්‍යවශ්‍ය වේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යනු එම කාර්යාලයේ ඒකක ප්‍රධානියා වන අතර ඔහුගේ අධීක්ෂණයට යටත් විම සම්බන්ධයෙන්යෙන් කිසිදු ගැටලුවක් ඇති නොකරන අතර එසේ වුවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධීක්ෂණය කිරීමේ බලතල නොමැති බව මෙයට පෙර නිකුත්කර ඇති චක්‍රලේඛණ වල පැහැදිලිව දක්වා ඇත. එම තම තත්ත්වය කෙසේ වුවද එවන් අධීක්ෂණයක් සම්බන්ධයෙන් ගැටලුවක් මේ වන විට ඇති කර නොමැති අතර මෙම ගැටලුව පැන නැගි ඇත්තේ අතිරේඛ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සඳහා රාජකාරි ලැයිස්තුවක් ඉදිරිපත් කොට එම අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් යටතට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල වල සියලුම ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය යටත් කොට තිබීමයි.

උදාහරණයක් සහිතව පැහැදිලි කළහොත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වල් සිටින දන්ත චිකිත්සිකාවන් ධූමායනූමායනය ක්‍රියාකරුවන් ස්ප්‍රේ යන්ත්‍ර ක්‍රියාකරුවන් සහ ඩෙංගු මර්දන සහයකයන් වැනි නිලධාරීන් අධීක්ෂණය කිරීම නම් ඔවුන්ගේ රාජකාරි ක්‍රියාවලිය තුළ ඔවුන් ඉටු කරන කාර්යයන් පිළිබඳ මනා අවබෝධයක් දැනුමක් සහ අත් දැකීමක් තිබිය යුතුය දූමායන  යන්ත්‍රයක දුම නිෂ්පාදනයේ සිට කෙතරම් දුරකට විහිදී යා යුතුද යන්න පිළිබඳ තාක්ෂණික දැනුම්ක් හෝ spray යන්ත්‍රයක දැමිය යුතු රසායනික ද්‍රව්‍යවල ප්‍රමාණය හෝ එය කොතරම් ප්‍රමාණයකින්කට විහිද යා යුතුද යන්න පිළිබඳ අහු අවබෝධයක් වෛද්‍ය නිලධාරීන් සතුව නොමැති අතර ඒ අත්දැකීමෙන් සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන පිරිසක් මගින් ඔවුන් අධීක්ෂණය වඩා සුදුසු වේග එසේ නොමැති නම් යම් ලේඛනයකට අධීක්ෂණය කරනවා යැයි සටහන් තැබීම විනා එම නිලධාරීන් හෝ සේවකයන්ගේ රාජකාරිය අධීක්ෂණය කොට ඊට උපදෙස් ලබාදීමේ කිසිදු හැකියාවක් අත්දැකීමක් හෝ පළපුරුද්දක් වෛද්‍ය නිලධාරීන් තුළ නොවීම නිසා එම අධීක්ෂණය නිකම් පුහු අධීක්ෂණ කාර්යයක් පමණක් වනු ඇත.

මෙම කාර්යයන් හඳුනා ගෙන රජයේ නිලධාරීන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය සඳහා කැපවිය යුතු වුවත් වෛද්‍යවරුන්ගේ අමාත්‍යාංශයක් බවට පත් වෙමින් පවතින තත්ත්වයක් තුළ ඊට නතු වීමට ඉඩ හැරීම වෛද්‍ය පරිපාලනය තුළ පවතින ප්‍රබල ගැටලුවක්ව පවතී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තුළ පවතින සියලු සේවාවන් teamwork එනම් කණ්ඩායම් වැඩක්වැඩක් වන අතර එහි එක් එක් අධික්ෂණ නිලධාරීන් පමණක් සිටීමෙන් සිදුවන්නේ අදාළ රාජකාරී නිසි පරිදි නියාමනය කිරීම හෝ ක්‍රියාත්මක කරවා ගැනීමට බාධා පැමිණීම පමණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධීක්ෂණය සඳහා නිසි ක්‍රමවේදයක් වලින් පත්විය යුතු පරි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පළාත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ලංකාව සඳහාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රධානියා වන ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් පත් කිරීම් කළ යුතුව ඇත. මෙම සියලු පත්කිරීම් නිසි පරිදි සිදු නොකරන ලද අතර ඒ සඳහා වන පුහුණුව ද 2016 සිට මේ දක්වා වසර අටක කාලයක් සිදු කරනු නොමැති අතර දෙදහස් 2016 ද සිදුකර ඇත්තේ එක් කණ්ඩායමකට පුහුණුව ලබා දීමක් පමණි.

යම් වෘතියක අධීක්ෂණ කටයුතු නිසියාකාරව සිදු නොවන්නේ නම් එම අධි අධීක්ෂණය සඳහා ඊට පරිබාහිර වෙනත් පුද්ගලයෙකු පත් කිරීම නොව අදාළ අධීක්ෂණ ක්‍රියාවලිය සඳහා ඇති හිඩැස් වසා ඒ වෙනුවෙන් වූ අධීක්ෂණ නිලධාරීන් පත් කිරීම වන අතර ඔවුන්ට නිසි පුහුණුවක් ලබාදීම තුළින් ඒ අදාල රැකියා කාණ්ඩයේ අධීක්ෂණය සහධීක්ෂණය සහ රාජකාරී නිසි පරිදි ලබා ගැනීමට හැකිවනු ඇත. එසේ නොමැතිව ඒ රාජකාරි සම්බන්ධව කිසිදු අවබෝධයක් දැනුමක් හෝ පළපුරුද්දක් නොමැති වෛද්‍යමය කාරණා සඳහා පමණක් පුහුණු නිලධාරීන් ඊට පරිබාහිර වෙනත් රාජකාරියක අධීක්ෂණ කටයුතු සඳහා යොදාගැනීම කිසිදු ප්‍රතිඵල දායක තත්ත්වයක් ඇති නොවේ.

ඊටත් පරිබාහිර ව කරුණු ඉදිරිපත් කරන්නේ නම් ලංකාව තුළ  ස්ථාපිත රාජ්‍යය ආයතන තුළ අධීක්ෂණය කළ යුත්තේ කුමන නිල නිලධාරීන් දැයි ව්‍යවස්ථාපිතව දක්වා ඇත එහි කිසිම අවස්ථාවක අධීක්ෂණය සඳහා අතිරේක නිලධාරීන් සඳහා පත්කිරීමක් සිදු නොවන අතර අතිරේකව පත් කරන පුද්ගලයින් සඳහා සිදු කිරීමට සිදු කළ යුතුව ඇත්තේ ප්‍රධාන නිලධාරියා නොමැති අවස්ථාවක අතිරේක නිලධාරියා විසින් එකී කාර්යයන් තාවකාලිකව ඉටු ඉටු කිරීම පමණකි. එහිදී අධීක්ෂණ බලතල ඔහුට ඔහු සතු නොවන අතර ඒ සඳහා කිසිඳු න්‍යායක ක්‍රමවේදයක් ද සකස් කොට නැත. එවන් අවස්ථාවක ලංකාවේ ව්‍යවස්ථාපිතව පත් කර ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා සමානවම එම බලතල සහිතව ම එකී රාජකාරි ලයිස්තුව සහිතව තවත් වෛද්‍ය නිලධාරීන් ගණනාවක් එම කාර්යාලයට පත් කිරීම පරිපාලනමය දෝශයකි. එම දෝෂය රාජ්‍ය සේවය තුල ඉදිරියේ දී නිවැරදි කිරීමට නොහැකි බරපතළ ගැටලු රැසක් ඇති කරනු ඇත. එසේම දැනට ලංකාව තුළ ක්ෂේත්‍රයේ ක්‍රියා ක්‍රියාත්මක වන මහජන සෞඛ්‍ය පරීක්ෂක උන් සංඛ්‍යාව 2830  ආසන්න සංඛ්‍යාවක් වන අතර දැනට පවතින පරිපාලනමය ක්‍රියාවලිය තුලද එම නිලධාරීන් 1830 ක පමණ ප්‍රමාණය අධීක්ෂණය සඳහා එක් දහස් අටසිය පනහකට (1850) වැඩි නිලධාරීන් සංඛ්‍යාවක් ක්‍රියාත්මකව පවතී. එවන් තත්ත්වයක් තුළ තවදුරටත් අධීක්ෂණය සඳහා තව තවත් වෛද්‍ය නිලධාරීන් පත් කිරීම තුළින් මෙම ගැටලුව සංකීර්ණ වීම සිදු වීම හැරවෙනත් දෙයකි සිදු නොවනු ඇත. එමගින් මහජන සෞඛ්‍ය පරීක්ෂක වෘත්තීය  දියුණුවක් ලබා ගැනීම්ට හෝ මඟ පෙන්වීමක් ලබා ගැනීමට කිසිදු ආකාරයක හැකියාවක් ඇති නොවනු ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යනු ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් සහ රජයේ වෙනුවෙන් අධිකරණ කටයුතු සිදුකරන ලංකාවේම ප්‍රධාන නිලධාරීන් කොටසකි නමුත් ඔවුන් වෙත නෛතික කාරණා සම්බන්ධයෙන් හෝ අදාල පාරිසරික ගැටළුවක් සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා නෛතික මෙන්ම ප්‍රායෝගික උපදෙසක් ලබා ගැනීම් සඳහා කිසිදු වැඩ වැඩපිළිවෙළක් අමාත්‍යාංශය තුළ ඇති කර නොමැති අතර තම තමන්ගේ හැකි පමණ ශක්තියෙන් ඔවුන් ගොඩනගාගත් ක්‍රියාවලියක් තුළ පමණක් මේ වන විට නෛතික ක්‍රියා මෙන්ම වෙනත් රාජකාරි සියල්ල ගොඩ නැංවී ඇත. දෙපාර්තමේන්තු වගකීමක් වන මඟ පෙන්වීම සහ නෛතික කාරණා සම්බන්ධයෙන් මැදිහත් වීමක් මේ වන විට කිසිදු ආකාරයකින් ඇති නොවේග ඒ නිසා ම විවිධාකාර වූ වාචාල පුද්ගලයින්ගේ ගැරහීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පත්වී ඇත්තේ මෙවැනි අදූරදර්ශී පරිපාලනයලනය තුළ ඔවුන්ට රාජකාරි කිරීමට සිදුවී තිබීම නිසාමය. මේ නිසාම එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නැයි සාක්ෂි සහිතව අමාත්‍යාංශයේ ලේකම්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ වෙනත් වගකිවයුතු නිලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කළද එවන් කිසිදු ඉල්ලීමකට මේ දක්වා සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැත.

ඒ සඳහා ඔවුන් කරන එකම කාර්යය වන්නේ අලුතින් පත්වන වෛද්‍ය නිලධාරින් සඳහා එම මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇතුළු අනෙකුත් නිලධාරීන් අධීක්ෂණයට බලතල ලබාදීම පමණක් විය එවන් ලබාදුන් බලතලවලින් අධි අධීක්ෂණය කිරීම තුළින් සහායක් නොදෙන රාජකාරිය කරවා ගැනීමට හැකි හැකියාවක් ලැබේ යැයි කිසිදු ආකාරයකින් විශ්වාස කළ නොහැක. මේ හේතුව නිසාම මෙම කාර්යයන් වලට දැඩි ලෙස විරෝධය පාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලා සිටින ප්‍රධාන කාරණාව වන්නේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු ඉහලට පිහිටි පරිපාලන ක්‍රියාවලිය සකස් කර ගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පුහුණුව සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පුහුණුව ආරම්භ කොට එම ක්‍රියාවලිය තුළ සිටිය යුතු අධීක්ෂණ නිලධාරීන් බලාත්මක කිරීම සහ ඔවුන් සතු බලතල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමයි. එසේ නොමැතිව අදාළ අධීක්ෂණය නිලධාරීන් පත් නොකර ඒ වෙනුවට වෛද්‍ය නිලධාරින් පත් කිරීම තුළින් මෙවන් කාල සීමාවක් තුළ වෛද්‍ය නිලධාරීන් නොමැතිව රෝහල් වැසී යන්නේයයි කියමින් විශාල හඬක් නගන වෘත්තීය සංගම් වෛද්‍ය නිලධාරියෙකු සතුව කළ යුතු රාජකාරී වලින් ඉතා අල්ප ප්‍රමාණයක් පමණක් රැඳුණු ප්‍රථිකාරමය වගකීවෙන් බැහැර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාල තුළට වෛද්‍ය නිළධාරීන් පත්කර ඔවුන් අධීක්ශණ නිළධාරීන් කිරිමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය අමාත්‍යාංශයක් බවට පත් කිරීමේ උපාය මාර්ග පරාජය කල යුතුය.

| ඩබ්. ඩී. රෝෂන් කුමාර

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය