ලිංගික ශ‍්‍රමිකයින්ද මනුෂ්‍යයෝ ය

ලිංගික ශ‍්‍රමිකයින්ද මනුෂ්‍යයෝ ය

මෑත ඉතිහාසය දෙස බලන විට සාමාජීය වශයෙන්, සමාජ සාරධර්මයන්හි, හොද හා නරක යන සංදර්භයන් තුළ ලිංගික ශ‍්‍රමය සදාචාර පදනමකින්, ‘නරක’ ලෙස පිටු දැකීම අප සමාජයට ආවේණික ලක්ෂනයකි. එමෙන්ම සාමාජීය කාරණාවෙන් එහා යමින් ආගමිකව, පිං සහ පව් යන කථිකාව තුළ මෙම ශ‍්‍රමය සැපයීම පව්කාර කටයුත්තන් බව දැඩි කථාබහක් පවතින අතර ඒ තුළ ලිංගික ශ‍්‍රමය ශාපලත් රැකියාවක් බවට ආගමිකව පිළිගනී.

අනෙක් අතින් සංස්කෘතිකව, එම තත්වය යන එසෙත් නැතිනම්, ‘ශිෂ්ට බව’ යන අර්ථයන් ‘හොද තත්වය’ ‘නරක තත්වය’ එසේත් නැතිනම් ශිෂ්ට, අශිෂ්ට යන තර්කයන් තුල පහත් තත්වයකින් හා අශිෂ්ට බවකින් යුතු රැකියාවක් ලෙස ලිංගික ශ‍්‍රමය අර්ථ දක්වයි.

එමෙන්ම වර්ථමානය වන විට ලෙඩ රෝග පතුරවමින් හුදෙක් මානව වර්ගයාගේ සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් ඇති කරන්නන් ලෙස අර්ථ දැක්වීමක් මෙම ශ‍්‍රමිකයින් මත පටවා ඇත.

ඒ අනුව සමාජ ආචාරධර්මයන්ට පටහැනි, ආගමිකව පව්කාර හා ශාපලත්, සංස්කෘතිකව අශිෂ්ට හා තත්වයෙන් ඉතාම පහත්, ලෙඩරෝග බෝ කරනු ලබන මෙම ශ‍්‍රමිකයින් අපරාධ ක‍්‍රියාවලියක නිරත වන්නන් හා සාපරාධි ක‍්‍රියාවක නියැලෙන්නන් බවට අර්ථ දක්වා ඇත.

පවතින තත්වය අනුව නීතිමය රාමුව සකස් වූයේ ලිංගික ශ‍්‍රමිකයින් දැඩි ලෙස හෙළා දකිමින් අපරාධ පාලනය කිරීමේ ප‍්‍රවේශයකිනි. ඒ අනුව ඒවා ක‍්‍රියාත්මක වනුයේ සමාජයේ වැඩිහිටියන්, ආගමික නායකයින්, සෞඛ්‍ය කේෂ්ත‍්‍රයේ නියැලෙන්නන් ආදී බහුතර කොටස් සතුටු කිරීමට පමණක් වන අතර සිවිල් නීතීන් අභිබවා යමින් අපරාධ නීතීන් ලෙසයි. එම නිසා පවතින නීතීන් අළු පාට, අපැහැදිලි ඒවා වන අතර නීතිය පසිදලන්නන් හිතු මනාපය අනුව මෙය නීති විරෝධි ක‍්‍රියාවක් ලෙස පෙන්වා දී ඇත.

ස්ත‍්‍රිවාදී සාකච්ඡාවන් තළ ද, මෙම ලිංගික ශ‍්‍රමය පැවතීම කාන්තාවන් සූරාකෑමක් ලෙස විග‍්‍රහ කල අතර එහිදී සිදුවන හිංසනය පිලිබද බරපතල ලෙස සාකච්ඡාව බදුන් විය. අනතුරුව ගොඩ නැගෙන ලද ස්ත‍්‍රිවාදී සාකච්ඡාව තම ශරීරයට හා කැමැත්ත පිලිබද සාකච්ඡාවට බදුන් කල අතර එහිදී ශරීරයට ඇති අයිතිය හා ඒ පිලිබද තීන්දු තීරණ ගැනීමට ඇති අයිතිය පිලිබද මතවාදයක් ගොඩ නැගිනි. තෙවන සංවාදය තුල ලිංගික හැසිරීමි පිලිබද ඉතා ධනාත්මක විග‍්‍රහයන් ඉදිරිපත් වු අතර එහිදී ලිංගික තෘප්තිය අයිතියක් ලෙස සාකච්ඡාවට බදුන් විය. අනතුරුව පැමිණි සාකච්ඡාව, විශේෂයෙන් බටහිර ලෝකය තුලින් ගලා ආ අතර එහිදී ලිිංගික ශ‍්‍රමය සැපයීම, කැමැත්ත හා තෝරා ගැනීම ලෙස ගෙන මතවාදයක් ගොඩ නැගිනි. කෙසේ වුවද අවසාන වශයෙන් වර්ථමානය වන විට බහුතර පිරිස විසින් ලිංගික ශ‍්‍රමිකයින් හදුනා ගනු ලබන්ගේ වින්දිතයින් ලෙසත් ඔවුන් ගලවා ගතයුතු හා මුදාගතයුතු කණ්ඩායමක් ලෙසයි.

කෙසේ නමුත්, මෙම කාල පරිච්ඡේදය වන විට ඇදිරි නීති තත්වය ඉවත්කර තිබුන ද කොරෝනා පිලිබදව පවතින බිය මෙන්ම ඒ හා සම්බන්ද නිරෝධායන විධි විධාන ඉතා තදින්ම බල පැවැත්වෙන කාල වකවානුවකි. වර්තමානය වන විට මෙම ප‍්‍රජාව අතිෂය දුෂ්කරතාවයන්ට මුහුන දෙමින් සිටින වකවානුවක මෙම පිරිසට ජීවිතය ගැටගසා ගැනීම අතිශය අභියෝගාත්මක තත්ත්වයක් පවට පරිවර්තනය වී ඇත.

මීට අමතරව කොවිඩ් වසංගතය හා ඒ හා සමිබන්ධ බිය හේතුවෙන් පහු ගිය කාලය පුරාම මෙම පිරිස නවාතැන්ගෙන සිටි ස්ථාන වලින් ඔවුන් එලියට ඇද දැමීමත්, ඒ අනුව ඔවුනට නේවාසික පහසුකම් සොයා ගැනීමට ඇති දුෂ්කරතාවයත් නිරෝධායන ඇදිරිනීතිය පැනවු කාළය තුල රජය හා අනෙකුත් සමාජ සේවා ආයතන විසින් ලබා දුන් විවිධාකාරයේ සහන සැලසීමේ ක‍්‍රියාවලීන් හිදී මෙම කාන්තාවන් නොසලකා හැරීමත්, දෛනික මූළික අවශ්‍යතා සපුරා ලීමටද ලිංගික ශ‍්‍රමය සැපයීමට සිදු වීමත්, පවතින නීතීන් පිලිබද නොදන්නා කම නිසාම බරපතල ලෙස වෙනස්කොට සැලකීම් වලට භාජනය වීමත්, මෙම කාන්තාවන් මේ වන විටත් මුහුණ දෙන අනෙකුත් සමාජ ආර්ථික ගැටළු ය.

එමෙන්ම කොරෝනා මත සිදු වු ඇත්ත සමාජ ආර්ථික වෙනස අභිබවා යමින් රට විවෘත වීමත් සමග ආණ්ඩු මාරුව හරහා ඇති වූ පරිවර්ථනයද කෝරෝනා මුවාවෙන් අත්තනෝමතිකත්වයේ උපරිමයට ගමන් කරමින් සිටී. ඒ අනුව අයිතිවාසිකම් පාගා දමමින් කොන්දේසි විරහිතව රට පෙරට ගැනීමේ ව්‍යාපෘති ඉදිරියට පැමිණ ඇත. ඒ අතරින් මේ වන විට ක‍්‍රියාවට නංවමින් පවතින අංක 2178/ 18 දරන අති විශේෂ ගැසට් නිවේදනයෙන් පිහිටවනු ලැබූ, ‘විනයගරුක ගුණවත් හා නීතී ගරුක සමාජයක් සදහා වු ජනාධිපති කාර්යසාධන බලකාය’ සුවිශේෂී වේ. මෙම කාර්යසාධන බලකාය සම්පූර්ණ වශයෙන් ත‍්‍රිවිධ හමුදාව හා පොලිසිය සමිබන්ධ කර පිහිටුවා ඇති අතර එය තනි පුද්ගලයෙක් යටතේ එනම් ජනාධිපති යටතේ පවතින අතර, එය යම් කිසි නීතිමය රාමුවකට හෝ ආයතනයකට අනුබද්ධ නොවේ. ඒ අනුව එම කාර්යසාධන බලකාය සතු බලතල මොනවාද යන්න බරපතල ප‍්‍රශ්නයකි. එමෙන්ම මෙහි මූලික අරමුණ ගුණවත්, විනයගරුක නීතී ගරුක රටක් ගොඩ නැගීම වන අතර එහීදී ගුණවත්, විනය ගරුක නීතී ගරුක නොවන දෑ මොනවාද යන්නත් එහි තීරකයන් කවුරුන්ද යන්නත් පිළිබදව ඇත්තේත් බරපතල ගැටළුවකි. ඒ අනුව මිලිටරි කණ්ඩායමක් වූ මොවුන්ට ඔවුනගේ ක‍්‍රියාකාරීත්වය සදහා වූ බලතල ඉතා පුළුල් බව පැහැදිලි වන ප්‍රධාන කරුණකි.

අනෙක් අතින් මත් ද්‍රව්‍ය, සිර මැදිරි තුලට ගෙනයාම වැලැක්වීම යන ජනප‍්‍රිය මාතෘකාවක් උපයෝගි කරගනිමින් මෙය පිහිටුවා ඇති නමුත් දැනට පවතින නීතිය ඇතුලේත් එම අරමුණ වඩා හොදින් සඵල කරගත හැකි පසුබිමක් තුලත් නැවත බපතල සහිත ආයතනයක් පිහිටු වීම සත්‍ය වශයෙන්ම සැක සහිතය.

එමෙන්ම මෙම සංධර්භය දෙස විමසිලිමත්ව බැලූකල කාර්යසාධන බලකාය මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය ද පවතින්නේ ජනාධිපතිවරයා යටතේය. මත්ද්‍රව්‍යය නිවාරණ වැඩපිළිවෙල වැඩි වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය හෝ ඒ හා බැදි වෙනත් ආයතන සම්බන්ධ වැඩපිලිවෙලකි. එය ජනාධිපතිවරයාට අයත් නොවන අමාත්‍යාංශයකි. ඒ අනුව මෙම කාර්යසාධන බලකාය සියළු ආයතන වලට ඉහලින් පිහිටුවා ඇති බව පැහැදිලි වන අතර, මෙම කණ්ඩායමට අනෙක් අමාත්‍යාංශ සදහා උපදෙස් දීමට, මැදිහත් වීමට හැකියාව ඇත. එම තත්වය නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් සදහා ඉතා සෘජුවම බලපා හැක.

එමෙන්ම රජය විසින් මාධ්‍ය යොදා ගනිමින් දැඩි මත්ද්‍රව්‍ය විරෝධි මතයක් ගොඩ නගමින් හා සමාජ ගත කරමින් සිටින අතර ඒ තුල මත්ද්‍රව්‍ය සදහා සමිබන්ධ වන්නන් මරා දැමිය යුතු බවට පොදු මහජනයා හරහා නිගමනයක් ලබා ගනිමින් සිටී. ඒ අනුව තමන්ට අවශ්‍ය ඕනෑම කෙනෙකු, මත්ද්‍රව්‍ය චෝදනා දමමින් වුවත් ඉවත් කිරීමට කිසිදු බාධාවක් නොමැත.

මන්ද මෙහි ව්‍යුහයය හා ක‍්‍රියාකාරීත්වය පිලිබද කිසිදු පැහැදිලි භාවයක් නැති නිසාය. එක් අතනික් ආරක්ෂක අමාත්‍යාංශය මේ සදහා නායකත්වය දෙනු ලබන අතර ප‍්‍රවෘත්ති මවන්නේද ඔවුන්ය. වර්ථමානය වන විට මෙම මවා පෙන්වීම් හරහා, මෙම මත්ද්‍රව්‍ය බරපතල ලෙස ව්‍යාප්ත වී ඇති බවත්, තම නිවෙස් වටා පවා මේවා තිබිය හැකි බවට සාමාන්‍ය මිනිසුන් තුල ප‍්‍රත්‍යක්ෂ කර ඇති අතර තම තමන්ගේ ආරක්ෂාව සදහා ඉහත වැඩපිලිවෙල අවශ්‍ය බවට ඔවුන් තුල තහවුරු කර ඇත. අනෙක් අතින් මෙම වැඩලිපිවෙලට විරුද්ධව මත දැක්වීමක් හෝ පැමිණිලි කිරීම් සදහා ආයතනයක් හෝ පුද්ගලයෙක් නැත.

මේ වන විටත්, ‘කුඩු දාලා උඹලා ඇතුලට යවනවා’ යනුවෙන් පොළිසිය විසින්, අප ඉලක්ක ප‍්‍රජාව වෙත බරපතල ලෙස තර්ජනයන් එල්ල කරමින් සිටී. මෙහිදී ඇති වී ඇති බරපතලම තත්වය වනුයේ මෙම නව වැඩපිලිවෙල මත ලිංගික ශ‍්‍රමිකයින් මත ගොඩනැගී තිබූ ප‍්‍රතිවිරෝධය සමාජීය වශයෙන් ඉතා තීවර කිරීමත්, හිංසනයට බදුන් කිරීම සදහා ඔවුන් මත මුදාහල බලය තව තවත් වැඩි වීම හරහා මෙම ප‍්‍රජාව මුදල් හා ලිංගික අල්ලස් ලබා ගැනීම සදහා යොදා ගැනීම් උපරිමයකට පැමිණීම හා ඒවාට විරුද්ධ වීමටත් තිබු සියළු අවකාශ ඇහිරෙමින් පැවතීමත්ය.

එමෙන්ම ලිංගික ශ‍්‍රමික කාන්තාවන්ගේ අයිතීන් පිළිබද සාකච්ඡා කීරිමට ඇති ඉඩ ප‍්‍රස්ථා ඉතා පටු වීමත්ය. එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේ සිට මේ දක්වා කාළය තුළ සෞඛ්‍ය, අධ්‍යාපන, සංවර්ධන සහ පරිපාලන යන අංශ යම්කිසි මට්ටමකින් හමුදාකරණයට ලක් වී ඇති බව පැහැදිලිය. එමෙන්ම රෙජිස්ටාර් දෙපාර්තෙමින්තුව, ආපදා කළමනාකරන, ආපදා සහන මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවද, මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඇත. මෙම තත්වය තුල ලිංගික ශ‍්‍රමික ප‍්‍රජාවට රජයේ සුභ සාධන සේවා වලට ප‍්‍රවේශවීමට අසීරු වන අතර, මෙම මත් ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩලිපිවෙල යටතේ, අසත්‍ය චෝදනා නගමින් අත්අඩංතුවට පත් වීමේ බරපතල අවදානමකට මුහුණ දෙමින් සිටී

අශීලා දංදෙණිය