තොරතුරු දැනගැනීමට පුරවැසියන්ට ඇති අයිතිය ගැන නිවැරදිව දැනගමු!

තොරතුරු දැනගැනීමට පුරවැසියන්ට ඇති අයිතිය ගැන නිවැරදිව දැනගමු!

අද අපි කතා කරන්නේ ලංකාවේ තියන ඉතාම වැදගත් පනතක් ගැන...

 තොරතුරු දැනගැනීමේ පනත

මුලින්ම බලමු මේ පනතින් තොරතුරු දෙන්න බැරි අවස්ථාවන්. ඒ කියන්නේ යම් පුද්ගලයකුගේ පුද්ගලික තොරතුරක් ඒ කියන්නේ ඔහුටම සීමාවුනු තොරතුරක් වගේ දෙයක් නොදී ඉන්න පුලුවන්. හැබැයි එතනත් අවස්ථා දෙකකදී දෙන්න බැඳී ඉන්නවා. ඒ අදාල පුද්ගලයා එම තොරතුර දෙන්න කැමැත්ත පලකර ඇති නම් හෝ අදාල තොරතුර ලබාදීම විශාල මහජන සුභ සිද්ධියක් වෙනවා නම් පමණයි.

ඊට අමතරව ඉල්ලන තොරතුර භෞමික අඛන්ඩතාවයට, රාජ්ය ආරක්ෂාවට බලපානවා නම් හෝ දේශීයව හෝ ජාත්‍යන්තර ගිවිසුම් හෝ ,වාණිජ රහස් හෝ බැංකු රහස් හෝ බුද්ධිමය දේපල රහස් හෝ වෙලඳ ගිවිසුම් හෝ එවැනි ආර්ථික වටිනාකමින් යුතු රහස් වලට බලපානවා නම් හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වන්නේ නම් හෝ අධිකරණයට අපහාස වන්නේ නම් එම අවස්ථාවලදී තොරතුරු නොදී සිටීමේ හැකියාව ඇත. සමහර වෙලාවට රහස් වසන් කොට එහි ඇති වෙනත් තොරතුරු දෙන්න පුලුවන්.

දැන් දැන් බොහෝ රජයේ ආයතන මේ වගන්ති ඒ කියන්නේ 5 වන වගන්තියේ තියන මේ තහංචි වලට මුවා වෙලා තොරතුරු නොදී ඉන්න බලනවා. එතකොට අපිට ඒ ගැන තීන්දුවක් ගන්න පුලුවන් තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් නැත්නම් අභීයාචනාධීකරනයෙන් .

හැම පොදු අධිකාරියක්ම මේ පනතින් බැඳී ඉන්නවා. ඒ කියන්නේ පොදු ජනතාවට සේවා සපයන රජයේ ආයතන, දේපාර්තමේන්තු, මංඩල , සංස්ථා , අධිකාරීන්, පාලාත්පාලන ආයතන, පලාත සභා, ඇමති මංඩලය පවා මෙයින් බැඳී ඉන්නවා. ඒ අයගේ ලේඛන අවුරුදු 10-12ක් දක්වා තබා ගන්න බැඳී ඉන්නවා. මේ ක්‍රියාවලියට මුල්‍ය ප්‍රතිපාදන සැපයීමටත් රජය බැදී ඉන්නවා. ඒ කියන්නේ සල්ලි නෑ කියල නොකර ඉන්න බෑ.

අපි මේ තොරතුරු ලේඛන වශයෙන් ඉල්ලන්නේ නම් ඒවා යම් මුදලක් ඒ කියන්නේ ෆොටෝ කොපි වලට යන වියදම වගේ වියදමක් අරගෙන ලබා දීය යුතුයි.

යම් රජයේ ව්‍යාපෘතියක් නම් එයට අදාල සියලු තොරතුරු තබා ගන්නත් ඒව ඉල්ල සීටීන මහජනයාට දෙන්නත් ඇමතීතුමාත් අදාල දෙපාර්තමේන්තුත් බැඳී ඉන්නවා.

මේ ව්‍යාපෘති විදේශාධාර ලබන ව්‍යාපෘති වන විට ඩොලර් ලක්ෂයක් හෝ ලංකාවේ සල්ලි වලින් කරන ව්‍යාපෘතිවන විට ලක්ෂ 5කට වැඩි සැම ව්‍යාපෘතියක්ම මීට අදාලයි.

ඒ විතරක් නෙමෙයි තොරතුරු දීම ගැන වාර්තාවකුත් තබා ගන්න අවශ්‍යයි. ඒවා විනිවිද වෙන්නත් අවශ්‍යයි. ඒවා ගැනත් අපිට අහන්න පුලුවන්. ඒ කියන්නේ මේ දෙපාර්තමේන්තුවට කොච්චර ඉල්ලීම් ආවද කොච්චර ප්‍රතික්ෂේප වුවාද වැනි තොරතුරු පවා.

මෙම තොරතුරු දීම ගැන තීරණ දෙන්න හොයා බලන්න තොරතුරු දැන ගැනීමේ කොමිසමක් තියනවා. ස්වාධීන අය විවිධ සිවිල් හා වෘත්තීය සංවීධානවලින් ලැබෙන නාම යෝජනා අනුව එයට පාර්ලිමේන්තු සභාව විසින් 5 දෙනෙක් නම් කරන්න අවශ්‍යයි.

මේ කොමිසමේ කටයුතු කරගෙන යන්න ලේකම් වරයෙක් ඇතුලු නිලධාරීන් පත්කරන අතර දැනට මේ සභාව බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රවයේ පිහිටා තිබේයි.

මේ පනත අනුව පොදු අධකාරීයක අනිවාර්යයෙන්ම තොරතුරු නිලධාරීයෙක් ඉන්න ඔනා මයී. එක්කෙනෙක්ට වැඩී වෙන්නත් පුලුවන් ඒවගෙම එයාට ඉහලින් නම්කල නිලධාරීයෙක් ඉන්නත් ඔනා.Designated officer තොරතුරු නිලධාරීයෙක් නැත්නම් ආයතනයේ ප්රාධානීයා නිල බලයෙන්ම තොරතුරු නිලධාරීයා වෙනවා

පොදු අධීකාරිය යන්නට රජයේ සියලුම ආයතන සංස්ථා , මංඩල දෙපාර්තමේන්තු හා රජයට කොටස් 25% වැඩි ඕනැම ආයතනයක් වේ. පාසල් පවා පලාත්පාලන අයතන ප්‍රාදේශීය සභා ප්‍රාදේශීය ලේකම් , මේ ඕනෑම ආයතනයක් උසාවි වලින් පවා තොරතුරු ඉල්ලා සීටින්නට පුලුවන් .

මොනවද ඉල්ලා සීටින්න පුලුවන් තොරතුරු

ඕනැම එකක්. ඒ කියන්නේ ඉහත සීමා කරලා නැති ඕනැම තොරතුරක්. මේ පාර ඉස්කෝල පලමු වසරට ලමයි කීයක් ගත්තද?  ඒ ගොල්ලන්ගේ ලිපින , අයදුම් කල ගනණ වගේ දේවල් වල සිට වැව ප්‍රතිසංස්කරණයට කොච්චර මුදල් පාස් උනාද ,ඉඩම දෙන්න ප්‍රාදේශීය ලේකම් භාවිත කල නිර්නායක , හෝ ඉඩම් දුන්නේ කාටද ? ගමේ පාර හදන්න කීයක් ගියාද ? කීයක් පාස් උනද ? කොච්චර දුරක් හදන්නද පාස් උනේ ? කොච්චර දුරක් හැදුවද ? වගේ හෝ පාර ප්‍රමිතිය පවා අහන්න පුලුවන්. උසස් වීම් දීම ගැන නිවාස සැලසුම් අනුමත කිරීම ගැන , රැකියාවට ගත්ත අය ගැන ඇත්තටම කියනවා නම් ඉහත සීමාවන් හැර මේ ලෝකේ ඕනැම තොරතුරක් රජය සතුව තියන ඉල්ලන්න පුලුවන්.

තොරතුරු නොදී හිටියෝත් මොකද කරන්නේ

ඒතකොට ඒයට විරුද්ධව හිතාමතා තොරතුරු නොදී හිටියට හෝ සැඟවුවා කියා කොමිසමට පැමිනිලී කරන්න පුලුවන්. කොමිසම වහාම විනය පරීක්ෂනයක් තියලා මාසයකින් උත්තර එවන්න කියල ආයතන ප්‍රධානියාට ලිඛිතව යවන්න අවශ්‍යයි. ඊට පසුව හිතාමතා කරලා නම් මහෙස්ත්‍රාත් අධීකරණයකින් 50000 ක් දඩ ගහනවා ලඝු ක්‍රමයට නඩු අහල තොරතුරු සඟවන අයට ඒ විදීයටම 10,000 දඩයක් පැමිණුවිය හැකියි.

ඒහින්දා තොරතුරු දෙන්න බෑ කියන කොට මේහෙම නීතීයක් තියන බවත් නීතිය තමන් දන්නා බවත් කියන්න.

ඒවගේම නොදී ඉන්නවා නම් නොදී ඉන්න ලිඛිතවම හේතු දක්වන්න අවශ්‍යයි .

ලිඛිතවම ඉල්ලන්නේ කොහොමද?

තොරතුරු නිලධාරියාට ඊමේල් මාර්ගයෙන් , ලිඛිතවම හෝ එහි ඇති ආකෘතිය පුරවා හෝ ඉල්ලීම කරන්න අවශ්‍යයි. එහෙම ඉල්ලීමක් ලැබුනම වැඩ කරන දින 14ක් තුල උත්තර දෙන්න අවශ්‍යයි. සියලු සහය දෙන්න අවශ්‍යයි. දෙන්න බැරී සාධාරන හේතුවක් තිබේ නම් එය ලිඛිතව කියන්නත් අවශ්‍යයි. තවත් දීන 21කට කල් ඉල්ලන්න පුලුවන්. එම කාලවල් දෙකම ඉක්මවා ගිය විට ඉල්ලපු කෙනාට පුලුවන් නම්කල නිලධාරීයාටම ඒ කියන්නේ බොහෝ විට අයතනයේ ප්‍රධානියාට ඒ ඉල්ලීමම කරන්න. ඒයත් ප්‍රතික්ෂේප උනොත් තොරතුරු දැනගැනීමේ කොමිසමට අභියාචනය කරන්න අවශ්‍යයි. ඒකත් තොරතුරු ඉල්ලන කෙනාට තෘප්තීමත් නැත්නම් අභියාචනාධීකරනයට නඩුවක් දාන්න හැකියාව තිබෙනවා ඒ තොරතුර ඉල්ලලා.

ඒ කියන්නේ තොරතුරු නොදී ඉන්න එක අමාරුමයි. සමහර කාර්යාලවලට ගියාම තොරතුරු නිලධාරීය හමුවෙන්න පැයක් විතර හොයන්න ඕනි. කවුරුත් දන්නේ නැ එයා කවුද කියල එහෙම බෑ. කවුද කියල කාර්යාලයට ඇතුලුවෙන තැනම පේන්න තියෙන්න ඕනි කියලා පනතේ පැහැදිලිවම තියනවා. එහෙම හොයා ගන්න අමාරු උනොත් ප්‍රධානියාට කියන්න මම ආයේ එන්න කලින් ඒක පැහැදිලිවම දර්ශනය වන ලෙස ලියලා තියන්න කියලා. නැත්නම් කොමිසමට පැමිනිලි කරනවා කියන්න.

මේක මාර පනතක් මාර බලතල තියන සුපිරි පනතක්. ඉල්ලන්න ඕනැම දෙයක් දෙන්න බැඳිලා ඉන්නවා. ඉහත කිව්ව ඒවා හැර වෙනත් ඒවා බොරුවට අදාල කර ගන්නවා නම් ඉහලට පැමිණිලිකරන්න පුලුවන්.

කරලා බලන්න හරිම සාර්ථක දෙයක් ඔබ සාර්ථක වන තරමට රටේ දුෂණය අඩු වෙනවා

සටහන - නීතීඥ ලක්ෂාන් ඩයස්