නිරෝධායන ඇඳිරිය දිගු කිරීම හා විද්‍යාත්මක ලොක්ඩවුන්ව ඉල්ලපු අය

නිරෝධායන ඇඳිරිය දිගු කිරීම හා විද්‍යාත්මක ලොක්ඩවුන්ව ඉල්ලපු අය

මෙය අවසන් වාරය නොවිය හැකි පසුගිය අගෝස්තු 20 වන දින සංචරණ සීමා සමග ආරම්භ කෙරුණු වසා තැබීම් සැප්තැම්බර මාසය අවසන් වන තෙක් ගත වන්නේ නිරෝධායන ඇඳිරි නීතිය යටතේය. සැප්තැම්බර 21 වන දින දක්වා මෙතෙක් පනවා තිබූ නිරෝධායන ඇඳිරිය ලබන ඔක්තෝම්බර 01 වන දින දක්වා දීර්ග කළ බවට නිවේදනය ගැන දැන ගත්තේ බෙල්ලන්විල සිට කි.මී. 10 ක පමණ දුර පාර්ලිමේන්තුව ආසන්නයේ ‘‘දියත උයන’’ එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත යන අතරතුරදී ය.

මෙතෙක් මේ නිරෝධායන ඇඳිරි නීතිය දීර්ග කරනු ලැබූයේ වසංගත පාලනය පිළිබඳ ඉතා හොඳින් දන්නා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ විද්වත් ඉල්ලීම් හා බලපෑම් සමගින්ය. සැප්තැම්බර 06 වන දින අවසන් වීමට තිබියදී එවැනි විශේෂඥ විද්වත් පිරිස් සහ සෞඛ්‍ය සේවාවේ වෙනත් වෘත්තිකයින් කීවේ කොරෝනා වසංගතයෙන් රට බේරා ගැනීමට අවශ්‍ය වන්නේ සංචරණ සීමා සමගින් කි‍්‍රයාත්මක කෙරෙන ආණ්ඩුවේ වසා දැමීම් නොව, නිසියාකාරව කි‍්‍රයාත්මක කෙරෙන ‘‘විද්‍යාත්මක ලොක්ඩවුන්’’ කිරීමක් යැයි කියා ය. එසේ නොකරන්නේ නම්, සැප්තැම්බර් මාසය අවසන් වනවිට කොරෝනාවෙන් මිය යා හැකි සංඛ්‍යා ඔවුන් ගණන් හැදුවේ දහස් ගණනින් ය. එළෙසින් ඉදිරි දෙසතියට මාසයට ඔවුහු අනාවැකි කීහ.

‘‘විද්‍යාත්මක ලොක්ඩවුන්’’ යනු කවරේදැයි කළ විමසීමට කිසිවකු උත්තර දුන්නේ නැත. එහෙත් ආණ්ඩුවේ නිරෝධායන ඇඳිරිය දීර්ග කිරීමත් සමග ඔවුන්ගේ ‘‘විද්‍යාත්මක ලොක්ඩවුන්’’ කතා නතර විය. මෙවර ඔක්තෝම්බර 01 වන දින දක්වා නිරෝධායන ඇඳිරිය දීර්ග කිරීමේදී වුව ඔවුන් ඉල්ලන්නේ මෙවැනි ‘‘අඩාලෙට විවෘත කෙරුණු’’ ඇඳිරි නීතියක් නොවේ යැයි කිසිවකු නොකියති. එයින් සිදුවිය හැකි විපත් ගැන අනාවැකි නොකියති. එබැවින් දැනට ආණ්ඩුව බලාත්මක කර ඇති ‘‘නිරෝධායන ඇඳිරි නීතිය’’ ඔවුන් ඉල්ලා සිටි ‘‘විද්‍යාත්මක ලොක්ඩවුන්’’ එක යැයි මම නිගමනය කරමි.

මේ ‘‘නිරෝධායන ඇඳිරිය’’ නරක නැත. මේ වසරටම පස්වන නැතිනම් සයවන වරට නිවසින් බැහැරට පැමිණි අද දින පස් වරුවේදී ‘‘දියත උයන’’ වෙත යන අතරේ මා දුටු කොළඹ, කොරෝනාවට පෙර පැවති කොළඹ තරම් ජනාකීර්ණ කලබලකාරී කොළඹක් නොවුනි. එවැනිම වාහන තද බදයක් නොවුනත් හැම වර්ගයේම වාහන පාරේ ධාවනය විය. හන්දිවල විදුලි සංඥා කි‍්‍රයාත්මකව තිබුණ අතර, අවශ්‍ය වුවහොත් මාර්ග පාලනයට පොලීසියේ මහත්වරුද ඒ අවට සිටියහ. මිනිසුන් තමන්ගේ අත්‍යාවශ්‍ය ගමන් බිමන් යැමත් ආර්ථික කි‍්‍රයාකාරකම්වල නිරතවීමත් දැකිය හැකි විය. පාර අයිනේ දෙතුන් පලක පලතුරු අලෙවි කරන වෙළඳුන් දුටිමි. අඩක් විවෘත කෙරුණු තේ කඩ සහ එළවළු හල් දුටිමි. සුපිරි වෙළඳහල් හැමකක්ම පාලනයක් සමගින් විවෘතව තිබෙණු දුටුවෙමි. එළෙසින්ම කෙටි කෑම, විවිධ පාන් වර්ග සහ රස කෑම අලෙවි කරන නාගරික මධ්‍යම පංතික සුව පහසු අවමන් හල්ද විවෘතව තිබිණ. ඇතැම් හන්දිවල පෙර මෙන් තී‍්‍රරෝද රථද නතරකර තිබිණ.

මේ නිරෝධායන ඇඳිරිය නම් වසරකට ආසන්න කාලයක් මා කියන්නාවූ කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීමට හැකි ප‍්‍රාදේශීය කලමනාකාරිත්වයට පෙරළාගත හැකිය. අවශ්‍ය වන්නේ මේ නිරෝධායන ඇඳිරිය දිස්ති‍්‍රක්ක මට්ටමින් ‘‘නිරෝධායන කලමනාකාරිත්ව ප‍්‍රදේශ’’ ලෙස සංවිධානය කිරීමය. දිස්ති‍්‍රක්ක මට්ටමින් නියාමනය කළ හැකි මේ ආකාරයේ සමාජ ආර්ථික කි‍්‍රයාකාරිත්වයකට ඉඩ තැබිය හැකිය.

ඉතිරිය මෙවැනිය. පළමු කොන්දේසිය වනුයේ දිනකට අවම 50,000 ක් කෝරෝනා ආසාදනය සඳහා පරීක්ෂා කිරීමය. එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (ඵධ්‍ය* කාර්යාල 370 මගින් ඔවුන්ගේ බල ප‍්‍රදේශයේ ජනගහනය අනුව දිනකට 100 සිට 150 දක්වා පී.සී.ආර් පරීක්ෂණ කිරීමෙන් ආවරණය කළ හැකිය. ඒ සඳහා අනෙක් අත්‍යාවශ්‍ය කාරණාව වන්නේ ආසාදනය වූවන්ගේ ආසන්න ආශී‍්‍රතයින් වහා හඳුනාගෙන ඔවුන්ද පී.සී.ආර් පරීක්ෂණයට එසැණින්ම ලක් කිරීමය. ඔවුන් අතරින් ඒ වනවිට ආසාදනයවී නොමැති අය සීමිත නිරෝධායනකට ලක් කර සතියකින් නැවත පරීක්ෂණයට ලක් කළ යුතු වන්නේය. අවශ්‍ය වන්නේ ආසාදනය වූ සියල්ලන් ඔවුන්ගේ නිවෙස්වල හුදකලා නිරෝධායනට ලක් කිරීමෙන් සමාජ අවදානම නොපමාව හැකි උපරිමයෙන් අවම කිරීම ය.

දෙවැන්න, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ ඇති ප‍්‍රදේශය නිරන්තර නියාමනයට ලක් කිරීමය. හුදකලා නිරෝධායනයට ලක් කෙරුණු පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පමණක් නොව, ඔවුන්ගේ නිවසේ සෙසු සාමාජිකයින්ගේ තත්ත්වයත් ඔවුන්ගේ ආසන්න ආශී‍්‍රතයින්ගේ සෞඛ්‍ය තත්ත්වයත් නිරන්තරව සෝදිසි කළ යුතුව ඇත. වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය අයට වහා වෛද්‍යවරයෙකුට යොමු කිරීමේ ප‍්‍රාදේශීය යාන්ත‍්‍රණයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කේන්ද්‍රකර තහවුරු කළ යුතුව ඇත.

මෙය මා මීට ඉහතින් කිහිප වර අවධාරණය කර ඇත. එවැනි ප‍්‍රජා සෞඛ්‍ය සේවා පවත්වා ගත හැක්කේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප‍්‍රමුඛ එහි ක්ෂේත‍්‍ර සෞඛ්‍ය සේවා නිලධාරීන් හා නිලධාරිනියන් සමගින් පමණි. ඒ වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට අවශ්‍ය සියලූ පහසුකම්, සම්පත් හා සහාය ලබා දිය යුතුය.

එවගේම දිස්ති‍්‍රක්ක මට්ටමින් සමාජ ආර්ථික ජීවිත මේ නිරෝධායන ඇඳිරිය යටතේ මේ දිනවල පවතින තත්ත්වයෙන් වූවත් ඊට වඩා හොඳින් කලමනාකරණය කර නියාමනය කිරීමට පහසු වන අයුරු දිස්ති‍්‍රක්කයෙන් පිට සේවා ස්ථාන වෙත රැුකියාවට යන රජයේ සේවක සේවිකාවන් සියල්ලන් ඔවුන්ගේ පදිංචි දිස්ති‍්‍රක්කයෙහි අදාල රජයේ කාර්යාල වලට තාවකාලිකව අන්‍යුක්ත කළ යුතු ය. එළෙසින්ම පාසල් ළමුන් හා ගුරුවර ගුරුවරියන්ද දිස්ති‍්‍රක්කයේ පදිංචියට ආසන්න පාසල් වලට තාවකාලිකව ස්ථාන මාරු කළ යුතුය. ප‍්‍රධාන මහ නගර වලට දෛනිකව ඇදෙන පාසල් සිසු සිසුවියන් සහ ගුරුවර ගුරුවරියන් ඔවුන්ගේ පදිංචියට අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප‍්‍රදේශයේ පාසල් වලට තාවකාලිකව අන්‍යුක්ත කිරීමෙන් ප‍්‍රවාහනයේ කලබලයද අවම කරගත හැකිය. එවගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප‍්‍රදේශයේ ජනගහනය නිසි නියාමනයකට ලක් කිරීමටද එය වාසියක් වනු ඇත.

ආණ්ඩුව දැනට කි‍්‍රයාත්මක කරන නිරෝධායන ඇඳිරි නීතිය ඉහත ආකාරයෙන් කලමනාකරණය කිරීමට පසුගිය සති කිහිපයේ ‘‘විද්‍යාත්මක ලොක්ඩවුන්’’ ඉල්ලා ආණ්ඩුවට බලපෑම් කර දැන් නිහ`ඩව ඉන්නා පිරිස ඔවුන්ගේ හඩ අවදි කරන්නේ නම්, ඔවුන්ගේ දායකත්වය වඩා යහපත් වනු ඇතැයි සිතමි. ඒ කෙසේ වෙතත් මා ආණ්ඩුවට කරන අවම ඉල්ලීම නම්, මේ නිරෝධායන ඇඳරි නීතිය යැයි යොදා ගන්නා හැඳින්වීම, ‘‘කෝවිඞ්-19 වසංගත කලමනාකරණය’’ යැයි අලූතින් නම් කරන්නේ නම් මැනවය යන්නය.

කුසල් පෙරේරා