කානන්තාවන්ට එරෙහිව අසීමිතව වැඩි වර්ධනය වන ලිංගික ප‍්‍රචන්ඩත්වය මේ වන විට මෝස්තරයක් ආකාරයට ව්‍යාප්ත වෙමින් පැවතීම බරපලත තත්ත්වයකි. විශේෂයෙන් කෝවිඩ් වසංගත තත්වයත් සමඟ කාන්තාවනට මුහුණපෑමට සිදු වූ හිංසනයන්ගේ ස්වරූපයන් ඉතා සෝචනීය වන අතර වැඩ බිම තුළ සිදු වන කායික, මානසික, වාචික හා ආර්ථික ප‍්‍රචන්ඩන්වය කාන්තාවන් රැකියාවන් සදහා යොමු වීම වැලක්වීමට තරමි ප‍්‍රබලව සිදු වීම අතිශය සෝචනීයයි.
දේශසීමා අභිබවා විවිධ ස්වරූපයන්ගෙන් මෙසේ සිදු වෙමින් පවතින හිංසනයන්ට එරෙහිව ලෝකය පුරා ප‍්‍රගතීශිලී ස්ත‍්‍රින් හා පුරුෂයින් මේ වන විට විවිධ මටිටමින් පෙළ ගැසෙමින් සිටී. එය දින 16 ක වැඩ සටහනක් ලෙස ක‍්‍රියාවය නැගෙන අතර වාර්ෂිකව මෙසේ සිදු වන පෙළ ගැසීම වෙනුවෙන් පොදු තේමාවන් තෝරා ගනී. වැඩ ලෝකය තුල ප‍්‍රචන්ඩත්වය හා හිංසනට වලක්වමු යන්න මෙවර තේමාවයි. එහීදී 2019 වසර දී එක්සත් ජාතීන්ගේ කම්කරු සංවිධානය විසින් ගෙන එන ලද සී190 සම්මුතිය අපරානුමත කර වැඩ ඩිම තුළ සිදු වන හිංසනයන් නවතා දැමීම වෙනුවෙන් ප‍්‍රායෝගික භාවිතාවක් දක්වා ගෙන එන ලෙස තම රජයන්ට බල කිරීම වෙන්වෙන් මෙවර දින 16 වැඩ පිළිවෙල පෙල ගැසෙයි.
මේ අනුව වැඩ කරන කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය වෙන්වෙන් ක්‍රියා කරන අප ආයතනයද මෙවර අපගේ දින 16 ක‍්‍රියාකාරීත්වය #16Days16Actions, #16Days16Women'sVoice යටතේ ක‍්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.
ඒ අනුව නොවැම්බර් 25 න් ආරම්භ වී දෙසැම්බර් 10 වන දිනින් අවසන් වීමට
අශීලා දන්දෙනිය, ස්ටැන්ඩ්අප් වෘත්තීය සමිතිය
