ඔමික්‍රොන් රටට එන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි තීරණ නිසා. සාධක සහිතව යලි තහවුරු වෙයි

ඔමික්‍රොන් රටට එන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි තීරණ නිසා. සාධක සහිතව යලි තහවුරු වෙයි

ජනවාරි මස මුල් සති දෙක තුළදී රටට ඇතුළුවන සහ පිටවන ගුවන් මගීන්ගේ ආසාදිතයින් අතුරින් සිදු කල ප්‍රභේද පරීක්ෂණ 300කින් 130 දෙනෙකු ඔමික්‍රෝන් ආසාධිතයින් බව තහවුරු වී ඇත. ජනවාරි මුල් සති දෙක තුලදි රට තුල හදුනාගත් ආසාධිතයින් 182කින් සිදු කල ප්‍රභේද පරීක්ෂණ මගින් මේ බව තහවුරු වී ඇති ඇතර, එම අසාධිතයින් අතුරින් 160 දෙනෙකුම ඔමික්‍රෝන් ආසාදිතයින් බව තහවුරු වී ඇත.

එසේම, මෙම හදුනා ගැනීමට අදාලව ගුවන් මගීන් 5000 ක පමණ ප්‍රමාණයකින් සිදු කල පරීක්ෂණ 300ක් පමණ කොවිඩ් ආසාදිතයින් බවත්, එයින් 130ක ප්‍රමාණයක් ඔමික්‍රෝන් බවට පත් වීමත් හරහා, ආසාධිතයින් රටට ඇතුලුවීම වැලැක්වීම සදහා රටට ඇතුළු වීමට පෙර RT-PCR පරීක්ෂණ සිදු කිරිමේ අවශ්‍යතාවට සහ කොවිඩ් මර්ධනය සදහා එහි ඇති වටිනාකම ඉතා පැහැදිලිව තහවුරු වී ඇත.

ඒ අනූව ගුවන් මගීන්ගෙන් 6%කට පමණ කොවිඩ් ආසාධනය තිබිය හැකි බවත්, එයින් 4%කට වඩා වැඩි ප්‍රමාණයක් ඔමික්‍රෝන් බවත් අනුමාන කල හැකිවන අතර, රට ආරක්ෂා කිරීම සදහා ඔවුන් රටට ඇතුළුවීමට පෙර පරීක්ෂා කර නිරෝධායනය කිරීම අත්‍යාවශ්‍ය බව පැහැදිලිය.

Omicron Covid 19 sumary sl

මෙම ආසාදිතයින් බහුතරයක් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් හා ගුවන්ගත වීමට දින තුනකට කලින් කොවිඩ් නොමැති බවට වාර්ථා රැගෙන පැමිණි අය වුවත්, දින පහක් පමණ ඇතුලත යලි සිය රටට යෑම සදහා සිදු කරනු ලබන පරික්ෂාව මගින් ආසාධිතයින් බව තහවුරු කරගත් අය වෙති. ඒ හේතුවෙන් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සහතික රැගත් ගුවන් මගීන් වන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේෂ අනූව RT-PCR කිරීම අනවශ්‍ය බවට නිති පනවා, රටට ඇතුළු කරගත් ගුවන් මගීන් වේ. එනිසාම ඔවුන් ඔමික්‍රෝන් සහ අනෙකුත් ප්‍රභේද රැගෙන නිදහසේ රටට ඇතුලු වී, නිදහසේ රට තුල සංචරනය කල අය වෙති.

මෙම තහවුරු කිරීම් සිදුවන්නේ අසාධිතයින් හදුනා ගැනීම සදහා ජපුර රසායනාගාරය සිදු කරනු ලබන ඉතා සුළු පරීක්ෂණ ප්‍රමාණයකින් වන අතර, ප්‍රභේද පරීක්ෂණ සිදු කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය නම් කර ඇති රසායනාගාර කිසිවක් මෙතෙක් ඔවුන්ගේ වාර්ථා ඉදිරිපත් කර නොමැත.

ශ්‍රී ලංකාව තුල කොවිඩ් වසංගතයේ ප්‍රවණතාවය පුරෝකථනය කිරීම සදහා කිසිඳු විධිමත් පරීක්ෂණ ක්‍රියාවලියක් සිදු නොවන නමුත්, මෙලෙස අවිධිමත් ලෙස ලැබෙන දත්ත විමර්ෂණය කිරීමේදී, මේවන විට අසාධිතයින්ගෙන් 25%ක් පමණ ඔමික්‍රෝන් විය හැකි බවටත්, රටට ඇතුළුවීම පවා පාලනය නොකරන තත්වය හමුවේ පෙබරවාරී මාසය වන විට එය 50% ඉක්මවා යා හැකි බව අනුමාන කල හැක.

ravikumudesh photo

රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය  වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය