උතුරු හා නැගෙනහිර පැවති ජනවාර්ගික අර්බුදයට පිළියමක් වශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ලෙස 1987 අංක 42 දරණ පළාත් සභා පනත සම්මත වීමත් සමඟ ශ‍්‍රී ලංකාව පළාත් 9 කට බෙදා එහි නීති සම්පාදනය හා පරිපාලන කටයුතු ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයෙකු වෙත පවරන ලදි. උතුරු හා උතුරු නැගෙනහිර එක් පරිපාලන ඒකකයක් වශයෙන් ගෙන එක් ආණ්ඩුකාරවරයෙකු පත්කරන ලදි. ඒ අනුව පළාත් රාජ්‍ය සේවයේ පරිපාලන කටයුතු 1990 වර්ෂයේ සිට ක‍්‍රියාත්මක විය. ඉන් පසු එවකට මධ්‍යම රජයේ සිටි රාජ්‍ය සේවකයින්ගෙන් සිය මනාපය මත පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග‍්‍රහනය කරන ලදි.
පළාත් සභාවල ආණ්ඩුකාරවරයා යටතේ පළාත් රාජ්‍ය සේවයේ පත් කිරීම්, මාරු කිරීම්, සේවයෙන් පහකිරීම් හා ඔවුන්ගේ විනය බලතල ක‍්‍රියාත්මක වේ. මෙම බලතල කලින් කලට ආණ්ඩුකාර වරයා විසින් පත් කරන පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා දෙනු ලැබිය හැකිය. රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ආයතන අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ බලතල හා වගකීම් පළාත් ආණ්ඩුකාරවරයාට හිමි වේ.
පළාත් සභාවක ධූර කාලය වසර 5කි. පළාත් සභා මැතිවරණයකින් තෝරාපත් කර ගනු ලබන ආණ්ඩුවකට එකී ධුර කාලය සඳහා බලය හිමිවේ. පළාත් සභාවක් සඳහා ඇමති ධුර 5ක් සඳහා පළාත් අමාත්‍යාංශ හිමි වේ. පළාත් සභා ඡුන්ද විමසීමේ දී වැඩිම මනාප ලබා ගන්නා ආණ්ඩුපක්ෂ මන්ත‍්‍රිවරයාට පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ධුරය හිමිවේ. පළාතේ සිදුකරණ මහාමාර්ග, කෘෂීකර්ම, පළාත් පාලන, අධ්‍යාපන හා සෞඛ්‍ය යන විෂයන් සඳහා මධ්‍යම රජයේ විෂය පථයට නොගැනෙන ආයතන, දෙපාර්තමේන්තු හා පළාත් පාලන ආයතන සඳහා ප‍්‍රතිපත්ති සම්පාදනය කිරිම, අය-වැය සම්පාදනය, ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය හා වැඩිදියුණු කිරීම ආදී සංවර්ධන වැඩ සටහන් ක‍්‍රියාවට නැංවීම පළාත් සභාවල මූලික පරමාර්ථය වේ. පළාත් සභා පාලනයේ නීති සම්පාදනය පළාත් සභා ප‍්‍රඥප්ති අනුමත කිරීම මගින් සිදු කෙරේ. පළාත් සභාවක ප‍්‍රඥප්තියක් පළාත් සභාව මගින් සම්මත කිරීමෙන් අනතුරුව පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු එය ප‍්‍රඥප්තියක් බවට පත්වේ.
දැනට ඉහත කී පළාත් සභා සියල්ල විසුරුවා හැර වසර 6 ක වැඩි කාලයක් ගත වී ඇත. නමුත් පළාත් සභා මගින් ඉටු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති කිසිදු අඩුවක් නොමැතිව අදටත් ක‍්‍රියාත්මක වේ. මේ නිසා රජයට විශාල මුදල් ප‍්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වී තිබේ. පළාත් සභා මන්ත‍්‍රවරුන්ගේ/අමාත්‍යවරුන්ගේ හා පළාත් සභා කාර්යාල වල නඩත්තු, සංග‍්‍රහ වියදම්, වාහන හා ඉන්ධන වියදම් ඉතිරි කර ගැනීමට හැකිව තිබේ. එසේ නම් විශාල මහජන මුදලක් වියදම් කරමින් පළාත් සභාවක් නඩත්තු කරන්නේ කුමකට ද යන්න මෙහි දී පැන නගින ගැටළුවකි.
පළාත් රාජ්‍ය සේවයට බදවා ගැනීම් කරනුයේ මධ්‍යම රජයේ බඳවා ගැනීම් පරිපාටිය හා අදාල සේවා ව්‍යවස්ථාවන්ට අනුරූපවය. මෙහිදී බොහෝ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා බඳවා ගැනීම් තරඟ විභාග, මධ්‍යම රජයේ බඳවා ගැනීම් සඳහා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන අවස්ථාවන්හීදීම අයදුම්පත් කැදවීම් කරනු ලැබේ. මේ නිසා රාජ්‍ය කළමනාකරණ සේවයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා බොහෝ කාලයක් ගතවේ. දැනට සෑම පළාත් රාජ්‍ය සේවයකම පාහේ කළමණාකරණ සේවා නිලධාරීන්ගේ සැලකිය යුතු පුරප්පාඩු ප‍්‍රමාණයක් පවතින නමුත් බඳවා ගැනීම් ඇනහිට ඇත. ලබන වසරතුල බදවා ගැනීම් නොකරන ලෙස රජය විසින් නිකුත් කර ඇති නියෝගය මගින් කළමනාකරණ සේවා නිලධාරී සේවයට දැඩි බලපෑමක් එල්ලවේ.
2022 අය-වැය යෝජනා යටතේ දැනට රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතන හා පළාත් සභාවල පුහුණුව ලබන උපාධිධාරී අභ්‍යාස ලාභීන්ට ස්ථිර පත්වීම් ලබා දීමට ලහිලහියේ කටයුතු කෙරෙමින් පවති. මෙම උපාධිධාරීන් අනුයුක්ත කරනු ලබනේ පළාත් සභාවල අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන වලටය. ඔවුන් සඳහා සුදුසු රැුකියා ලබා දීමට යෝජිත වුවත් බඳවා ගැනීමට අපේක්ෂිත ප‍්‍රමාණය සැලකිල්ලට ගැනීමේ දී එවැනි රැුකියා ප‍්‍රමාණයක් සංඛ්‍යාත්මකව නොමැති බව කවුරුත් දන්නා කරුණකි. එබැවින් කළමනාකරණ සේවා නිලධාරී සේවයට අයත් රාජකාරී ඔවුන්ට නොපවරන්නේ යැයි අනුමාන කළ නොහැක. දැනටමත් බොහෝ කාර්යාලවල කළමනාකරණ සේවා නිලධාරී සේවයට අයත් රාජකාරී උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ට පවරා ඇත. ඒ අනුව එකම රාජකාරී කරන නිලධාරීන් දෙකොටසකට වැටුප් තල දෙකක් යටතේ වැටුප් ගෙවනු ලැබේ. රාජ්‍ය සේවයේ එකම රාජකාරී හා වගකීම් ඉටු කරන නිලධාරීන්ට වැටුප්තල දෙකක් ලබා දී ඇති වෙනත් සේවාවන් මා දන්නා තරමින් නොමැත. මේ සම්බන්ධයෙන් අප සේවයේ වෘත්තීය සමිති අදාල බලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කළත් රාජ්‍ය ප‍්‍රතිපත්තිය විකෘති වීම හා රාජ්‍ය සේවය දෙශපාලනීකරණය වීම නිසා ඒවාට විසදුම් සෙවීම බීරි අලියන්ට වීනා ගායනා කිරිමක් වැනිය.
නාලින්ද අත්තනායක