පූූටින් චින්තනය සහ නිරවි යුධ සමයේ නිමාව

පූූටින් චින්තනය සහ නිරවි යුධ සමයේ නිමාව

ප්‍රබලයා විසින් දුබලයා පෙලීමේ න්‍යාය යම් තාක් තුලනය කරනු වස් පැවැති ජගත් සම්මුතීන් සියල්ල උඩුයටිකුරු කරමින් රුසියානු ජනාධිපති වැලැඩිමිර් පූටින් යුක්රේනය ආක්‍රමණය කොට යටත් කරගැනීමට තීරණය කරන ලදි. මෙම තීරණය මෙතෙක් පැවැති ජාත්‍යන්තර දේශපාලන බල අරගලය වෙනත් දිශානතියකට ගෙනයන බව අවිවාදයෙන් පිලිගැනීමට සිදුවේ. හැබෑවටම යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද යැයි, යන්න පූටින් චින්තනය උසි ගැන්නුවාද යැයි අනුමාන කිරීමට ඉක්මන් නොවෙමු. අධි මානසිකත්වය සහ උඩඟුකම විවිධ දේශපාලන නායකයින්ට අමතක නොවන පාඩම් උගන්වා ඇති අයුරු ඉතිහාසය පුරාම දැක ගත හැක.

විවිධ දේශපාලන අවශ්‍යතාවයන් සහ ආර්ථික ඔිනෑකම් පෙරදැරිකර ගනිමින් යුධ ශක්තියෙන් ප්‍රභල රාජ්‍යයන් සෙසු රටවල් ආක්‍රමණය කිරීම ඉතිහාසය පුරාම පැවැති ක්‍රියාදාමයකි. එකී ආක්‍රමණයන් විවිධාකාරයෙන් සධාරණීකරනය කිරීමට උත්සහ කලද, මානව ශිෂ්ඨාචාරයට අත් කරදුන් අමිහිරි වේදනාකාරී විනාශය කොපමනක්ද යන්න ගනණය කල නොහැක.

ජර්මානු භාෂා පරිශීලනය කරන්නන් එක්සත් කර අධිරාජ්‍යයක්  ගොඩනැගීමට නට්සි නායක ඇඩොල්ෆ් හිට්ලර් 1939 සැප්තැම්බර් 1 වැනි දින පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් ඇරඹි දෙවන ලෝක සංග්‍රාමය 1947 හමාර වූයේ ලෝකවාසී ජනගහණයෙන් මිලියන 75-80 කට මරුකැදවමිනි. මෙම තත්වයන් සැලකිල්ලට ගනිමින් වර්තමානයේ වැලැඩිමිර් පූටින් සැරසෙනුයේ කුමක් අරභයාද? එහි විපාක කෙබඳු තත්වයක් විසිඑක්වේනි ශතවර්ෂයට අත්කර දෙනු ඇත්ද, යන්න සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.

යුරෝපා මහද්වීපය බල සම්පන්න ආර්ථික කේන්ද්‍රයක් ලෙසට පරිවර්තනය වීමට මුල් වී ඇත්තේ ආක්‍රමණික යුධ මානසිකත්වය යැයි තර්ක කිරීමට ඓතිහාසික සාධක ඕනෑතරම් තිබේ.මැවුම් වාදය බොහෝ දුරට මෙම තත්වයන් සෙසු මහද්ධීවපයන් අභිබවමින් යුරෝපය තුල ප්‍රචලිත වීම, ‍ආක්‍රමණකාරී පාලන රාජ්‍ය තන්ත්‍රයන් කොකේසියානුවන් ගේ සංස්කෘතිය හැඩගැසීමට දායක වී ඇත. සෙසු මහද්ධීවප වල යුධ ගැටුම් අරගල සිදු නොවීය යන්න මින් අදහස් කර ගතයුතු නොවේ. පෘථුවිය සහ එහි අඩංගු සියළු ස්වාභාවික සම්පත් මවා ඇත්තේ හුදු මනුෂ්‍ය සංහතියේ යහපතට සහ ප්‍රයෝජනයට පමණක්ම යන විශ්වාසය පදනම් කරගනිමින් ප්‍රභලයා විසින් මෙකී සම්පත් අත්පත් කරගෙන ලෞකික සැප සම්පත් අත්විදීම යුරෝපීයන්ගේ සම්මත ශිෂ්ඨාචාරය වීය.

එහෙත් යුරෝපීය සටන්කාමය සවිබලගැන්වීමට සහ අවශ්‍ය පන්නරය නැඟෙනහිර සහ මධ්‍යම ආසියාවෙන් යුරෝපය වෙත ඇදීගිය වගටද සාධක ඇත. යුරෝපයට අශ්වයින් ගෙනයාම ඇරඹි ඇත්තේ  දොලොස්වෙනි සියවසේදී ගෙන්ගිස් කාන් චීන අධිරාජ්‍යා (1162-1227) සිය අශ්වාරෝහක හමුදා පෙරටුකරගත් වෙළදාම, සේද මාවත ඔස්සේ යුරෝපයට සේන්දු වීමත් සමඟය. එම සේද මාවත ඔස්සේම පෙරදිගට පැමිණි යුරෝපීයන් චීනය විසින් සොයාගනු ලැබූ වෙඩි බෙහෙත් සහ මාලිමා යන්ත්‍ර භාවිතය යුරෝපීයන්ට හඳුන්වාදෙනු ලැබුුවෙිද, සූක්ෂමව එම තාක්ෂණයන් චීනයෙන් සොරකම් කිරීමෙනි. ඉන් අනතුරුව යුරෝපය පොරපිටියක් බවට පරිවර්තනය කරවීමට අවශ්‍ය උපකරණ සහ තාක්ෂණය අනූනව සැපැයිනි. අශ්වාරෝහක (Horsepower) සහ ගිණිඅවි (Firepower) වලින් සන්නද්ධ වූ යුරෝපීය රාජ්‍යයන් සහ මුහුදු කොල්ලකරුවන් සෙසු මහද්වීපයන් ආක්‍රමණය කොට සිය අධිරාජ්‍යයන් ගොඩනගාගත් ආකාරය පසොලොස්වෙනි සියවසේ සිට ආරම්බවීය.

මෙම ක්‍රියාදාමයන් පුරා වසර 500 කාල පරිච්ඡේදයක් තුල යුරෝපය ආර්ථික සහ දේශපාලන බලයෙන්ද, යුධ ආක්‍රමණ ශක්තියෙන් බල සම්පන්න රාජ්‍ය තන්ත්‍රයක් තුලින් සෙසු මහද්වීප ආක්‍රමණය කරමින් සෙසු ශිෂ්ඨාචාරයන් විනාශ කරමින් සිය අධිරාජ්‍යවාදය ලොව පුරා දියත් කලහ. මෙම තරඟය යම්තාක් දුරට අවසන් වුයේ  මිලියන 80 ක පමණ ජීවිතද, මහා පරිසර විනාශයක් කල දෙවැනි ලෝක සංග්‍රාමයේ අවසානයත් සමඟය.

යුරේාපයේ අධිරාජ්‍යයන් අතර කරඟය උත්සන්න වුයේ පළමු සහ දෙවැනි ලෝක යුද්ධයන් දෙකකටම මුල පුරාය. පෘතුගීසි, ස්පාඤ්ඤ,ලන්දේසී,ඉංග්‍රීසී,ප්‍රංශ,ඉතාලි සහ ජර්මාණු යුරෝපීය අධිරාජ්‍යයන් බිහිවුයේ මෙම වපසරිය තුලය. මෙම තත්වය අනුගමනය කල ආසියාවේ ජපන් අධිරාජ්‍ය චීනය සහ ආසියානු රටවල් කිහිපයක්ම ආක්‍රමණය කරමින් යුද්ධය ආසියායවට ගෙන ආවේය. මෙම යුධ මානසිකත්වය සෙසු මහාද්වීපවල ජනයාට, පරිසරයට සහ ස්වාභාවික සම්පත් වලට සිදුකල හානිය අපමණය.

දෙවන ලෝක සංග්‍රාමය අවසන් වුයේ යලිත් මෙවැනි විනාශකාරී යුද්ධයන් ඇතිනොවන්නට ලෝක සාමය ස්ථාපනය කරනුවස් සියළු රටවල් වල ‍ජාතික අනන්‍යතාවන් සුරැකෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ පිලිගත් ප්‍රඥප්තීන් මත පිහිටුවාගත් ‍ජගත් පාලන තන්ත්‍රයකි. තත්වය එසේ වූවද, අධිරාජ්‍යවාදී සහ දේශපාලනික මතවාද ඔස්සේ බල කඳවුරු දෙකකට බෙදුණු බටහිර රටවල් තමන්ටම ආවේණික ආක්‍රමණශීලී මානසිකත්වයෙන් අනෙකා පරයා සිටීමට සීතල යුද්ධයක් 1990 දක්වාම දියත් කලහ. මෙය අවසන් වුයේ 1990 සෝවියට් දේශ බල කඳවුර  බිදවැටී එහි කොටස් වූ රාජ්‍යයන් ස්වාධීන රාජ්‍යයන් හැටියට පිලිගැනීමෙන් පසුය. යුක්ක්‍රේනයද සෝවියට් දේශයින් බිඳී ආ රුසියාවට යාබඳ ශක්තිමත් ආර්තිකයකට සහ බුද්ධිමත් මානව සහ ස්භාවික සම්පත් වලට උරුම කම් කියන රාජ්‍යයකි.

අවි ගත්තෝ අවියෙන්ම නසිති යන පිලිගත් සින්ධාන්තය අනුව, න්‍යෂ්ටික අවි දරන්නන් සිය ප්‍රතිවාදීන්ගේ යුධ උපක්‍රම සහ නවීණ අවි ආයුධ අත්හදා බැලීම් සම්බන්දයෙන් නිරතුරු විමසිලිමත් වෙති. මෙම නිරවි, සීතල යුධ සමයේදී පවා න්‍යෂ්ටික අවි ආයුධ වලින් සන්නද්ධ රවවල් වැඩි වූ අතර ඒ අතර අපගේ අසල් වාසී ඉන්දියාව සහ පාකිස්ථානයත් සිටී. උතුරු කොරියාව මෙම තත්වයට ඒමට බඩ පිණුම් ගසමින් සිටී.

දෙවැනි ලෝක සංග්‍රාමයේදී ජර්මාණුවන්ගේ යුදෙව් විරෝධී ජන සංහාරයට ඒරෙහි වූ රුසියාව, ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇතුලත් මිත්‍ර පාක්ෂික පෙරමුණ කඳවුරු දෙකකට වෙන්වීය. එක කඳවුරක් ඇමෙරිකාව පෙරමුණ ගත් වෙළඳ පොල සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයට හුරු වූ බටහිර පිලත්, කොමියුනිස්ට් වාදී මාක්ස්වාදී න්‍යාය පිලිගත් සෝවියට් දේශය අනෙක් පිලවීය. සෝවියට් දේශය රුසියාව මුල්කරගත් සමූහාණ්ඩු රාශියක එකතුවක් වීය. මෙම සමූහාණ්ඩු වල රටවල් රුසියාවේ යුධ ශක්තිය යටතේ බලහත්කාරයෙන් අල්ලාගත් රටවල්ය. මෙම රටවල් වලින් යුරෝපයේ මධ්‍යයේ ම පැවැති රට එවකට දෙකඩ කර තිබූ නැඟෙනහිර ජර්මණිය විය. 1989 බර්ලින් තාප්පය බිඳ වැටීමත් සමග ජර්මණිය ඒක් දේශයක් බවට පත්වී එතෙක් පැවැති කොමියුනිස්ට් ඒකාධිපති පාලනයෙන් නිදහස් වීය. ජර්මණියේ වෙනස්වීමත් සමඟම සෝවියට් සමූහාණ්ඩුවේ සෙසු රටවල්ද සිය ස්වාධීනත්වය දිනා ප්‍රජාතන්ත්‍රවාදී බටහිර කඳවුරට ලැදි රටවල් ගොන්නට ඒක් වීය. රුසියාවට ආසන්නයේම ඇති යුක්ක්‍රේනයද තවත් එක් ස්වාධීනත්වය දිනාගත් රාජ්‍යයකි. නිරවි යුධ සමයේදී මෙම බල කඳවුරු සිය ආරක්ෂක අවශ්‍යතාවන් උදෙසා බටහිර ඇමෙරිකාව ප්‍රමුඛ NATO උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයත්, සෝවියට් දේශයට හිතැති WARSAW සංවිධානයත් ශීතල ‍යුද්ධයක නිරත වෙමින් අවි ආයුධ කරඟයක යෙදුනහ. ආර්ථිකව බෙලහීනවූ සෝවියට් දේශයෙන් ඉවත් වූ ස්වාධීන රාජ්‍යයන් WARSAW සංවිධානය අතහැර NATO සංවිධානය සමග එක් වූහ. මෙම තත්වය රුසියාවේ බලපරාක්‍රමයට පහරක් වීම ඔවුන්ගේ කනස්සල්ලට හේතුවීය.

රුසියාවේ ස්ථාවරය වූයේ NATO සංවිධානය තව දුරටත් ව්‍යාප්ත නොවන ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් නොවන මට්මක පවත්වාගෙනයන එකඟතාවක් තිබූ වගයි. යුරෝපයේ රුසියාවට ආසන්න පින්ලන්තය සහ ස්වීඩනය මේ වනතුරු NATO සංවිධානයේ සමාජිකයින් නොවෙමින් රුසියාව සමඟ අනවශ්‍ය ගැටුම් වලක්වා ගනිමින් ස්වාධීනව කටයුතු කලහ.

ආක්‍රමණකාරී යුධ මානසිකත්වය කොකේසියානුන්ගේ ජානවල හොඳින් පැලපදියම්ව ඇත්තේ යුරෝපීය රටවල දේශසීමාවන් තීරණයව ඇත්තේ විනාශකාරී සංග්‍රාමවල අතුරු ඵලයක් ලෙසය.එමනිසා අසල්වාසී රටවල් තම ආරක්ෂාවට තර්ජනයක් යන අවිශ්වාසය නිතර පැවැති අතර, අවි ආයුධ කර්මාන්ත මේ සඳහා නිතරම සූදානමින් නව නිර්මාණ තනමින් සුපිරි ලාබ උපැයීය. න්‍යෂ්ඨික අවි වැඩිම ප්‍රමාණයක් සහිත රුසියාවෙන් එල්ල විය හැකි තර්ජනයන් අවම කිරීමට මිසයිල ආවරණ සහ මිසයිල ප්‍රහාරක කට්ටල රුසියාවට යාබඳ කලින් WARSAW සංවිධානයේ සිටි රටවල් තුල ස්ථාපනය කිරීමට බටහිර රටවල් ක්‍රියාත්මක වූහ. මෙම තත්වය රුසියාවට තර්ජනයක් වීය. මෙම තත්වය සමනය කිරීමට වැලැඩිමිර් පූටින් ඉතාමත් සූක්ෂමව NATOව දෙකඩ කිරීමට තමන්ට ලැදි යුරෝපා විරෝධී ඇමෙරිකානු ජනාධිපති වරයෙකු තෝරාපත් කරගැනීමට අවශ්‍ය සියළු කටයුතු කල බවට දැන් ඕනෑතරම් සාක්ෂි ඇත. ප්‍රභල ඇමෙරිකාණු බුද්ධි සේවාවන් අභිිබවා කටයුතු කර ඇත්තේ බින් ලාඩීන් පමණක් නොවන බවට පිලිගැනීමට තවමත් බටහිර රටවල් සූදානම් නැත.  රුසියාවට යාබද යුක්ක්‍රේණයේ NATO මිසයිල, මිසයිල ආවරණ ස්ථාපනයට සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීම වැලැඩිමිර් පූටින්ගේ පාලන තන්ත්‍රයට තර්ජනයක් නොවීමට ඔහු අමිහිරි කටුක විනාශකාරී යුද්ධය තෝරාගැනීම අනුමත කල නොහැක.

පසුගිය ඇමෙරිකාණු ජනාධිතිවරණයේදී  වැලැඩිමිර් පූටින් ඔට්ටු ඇල්ලූ අපේක්ෂකයා 2014 දී ලබාගත් ඡන්ද වලට වඩා 69 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලබාගෙන 2020 පරාජයට පත්වීය. වැරදි අස්පයාට ඔට්ටු ඇල්ලූ පූටින්ට ද සිදුවුයේ 2019 ශ්‍රී ලාංකේය ඡන්ද දායකයින්ට සිදුවූදේය. එවකට ජනාධිපති පදවිය හෙබවු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා යුක්ක්‍රේණයට අවි ආයුධ සැපැයීමට කොන්දේසී දමමින් ප්‍රමාද කලේ කාගේ වුවමනාවකටද යන්න සොයා බැලීම දැන් නුවණට හුරුය. රුසියාණු ජනාධිපති වැලැඩිමිර් පූටින් ඉතාමත් සූක්ෂමව සිය සැළසුම් ක්‍රියාත්මක කලද, අනපේක්ෂිත ලෙසට බටහිර බල කඳවුර ශක්තිමත්වීම ඔහුට අවාසියට සිටින බව තේරුමි ගත යුතුය.

ජයශ්‍රී ප්‍රියලාල්