විදුලිය ඇන හිටීමෙන් ලෙබනන් වැසියෝ අර්බුදයක

විදුලිය ඇන හිටීමෙන්  ලෙබනන් වැසියෝ අර්බුදයක

ලෙබනන්  රාජ්‍යයේ  ප්‍රධාන විදුලි බලාගාර දෙක  මුළුමනින්ම අකර්මණ්‍ය වීමත් සමඟ  l ලෙබනන් වැසියෝ මහත් අසීරුතාවකට මුහුණ දී සිටින බව විදෙස් පුවත් වාර්තා කරයි.

 දීර් අම්මාර් සහ සහ්රානී  නැමැති  විදුලි බලාගාර දෙක  මෙලෙස මුළුමනින්ම අකර්මණ්‍ය වී  තිබෙන බවයි  සඳහන් වෙන්නේ.

 පසුගිය මාස කිහිපය තුළ මෙය බලාගාරවලින් ිදුලි ලබාදීම ඉතාමත් සීමිත ප්‍රමාණයකට සිදු වූ අතර ඒ හේතුවෙන් ද ලෙබනන් වැසියෝ අසීරුතා රැසකට මුහුණ දෙමින්  සිටි කාලයක ලාගාර මුළුමනින්ම අකර්මණ්‍ය වීම  එදිනෙදා ජන ජීවිතයට බරපතළ අර්බුදයක් වී ඇත.

 රට දේශපාලනික වශයෙන් අර්බුද රැසකට මුහුණ දී සිටින කාලයක සහ ආර්ථිකමය වශයෙන්ද  පසුබෑමකට ලක්වී තිබෙන කාලයක මෙලෙස විදුලිය මුළුමනින්ම ඇනහිටීම ද රට තව තවත් අර්බුද රැසකට ගොදුරු වීමේ පෙරනිමිති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

මෙම විදුලි බලාගාරය වීමට ප්‍රධාන හේතුවක් ව ඇත්තේ පසුගිය කාල වකවානුව තුළ ඇතිව තිබූ නිසයි හිඟවීම බවයි  ලැබෙන රාජ්‍ය බලධාරීන්  ප්‍රකාශ කර ඇත්තේ.