මේ තොරතුරු සයිප්‍රස් යන්න බලාපොරොත්තුවෙන් සිටින ලාංකිකයින්ටයි

මේ තොරතුරු සයිප්‍රස් යන්න බලාපොරොත්තුවෙන් සිටින ලාංකිකයින්ටයි

ශ්‍රී ලංකාවේ සිට සයිප්‍රස් ජනරජය බලා පැමිණීමට බලාපොරොත්තු වන  ශ්‍රී ලාංකිකයන්ගෙන් සයිප්‍රසයේ ක්‍රියාත්මක වන නිරෝධායන ක්‍රියාවලිය  පිළිබඳව විස්තර ඉල්ලා  විමසීම් සිදුකිරීම නිසා ශ්‍රී ලකා සයිප්‍රස් කොන්සල් කාර්යාලය විසින් වැදගත්වෙන විස්තර රැසක් නිල ෆෙස්බුක් පිටුව හරහා නිකුත්කර තිබේ.

ඒ සම්බන්ධයෙන් නිකුත්කළ සම්පූර්ණ තොරතුරු පහතින් දැක්වෙයි. ඔබ සයිප්‍රස් රාජ්‍යයේ රැකියාවකට යන්න අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයෙකු නම් මේ තොරතුරු ඔබට වැදගත්.

සියළුම මගීන් සයිප්රසයට පැමිණීමට පෙර සයිප්රස් ෆයිට් පාස් (Cyprus Flight Pass) වෙබ් අඩවියට ගොස් ලියාපදිංචි වී අවසර පතක් ලබා ගත යුතුය:
 
 
පළමු වරට පැමිණෙන්නන් අදාල රැකියා ඒජන්සියේ හෝ රැකියා යෝජකයා මගින් නිරෝධායන ක්රියාවලිය පිළිබඳව විස්තර ලබාගෙන ඒ අනුව නිරෝධායන ක්රියාවලියේ නිරතවිය යුතුය.
අනෙකුත් මගින් සඳහා වූ නිරෝධායන ක්රියාවලිය පිළිබඳව සයිප්රස් රජය විසින් නිකුත් කර ඇති නිල නිවේදනය පහත දැක්වේ.
 
"2021 පෙබරවාරි 6 වන සෙනසුරාදා සිට බලාත්මක වන අමාත්ය මණ්ඩලයේ තීරණය අනුව, ඒ සහ බී කාණ්ඩවලට අයත් රටවල් වලින් පැමිණෙන සියලුම මගීන් පැය 72 ක ස්වයං හුදකලාවකට භාජනය වී ඔවුන්ගේම වියදමින් නිරෝධායන කටයුතු ඉටු කිරීමට බැඳී සිටී. මගීන් පැමිණ පැය 72 කට පසුවය .PCR රසායනාගාර පරීක්ෂණයක් සිදු කරනු ලැබේ. ,
 
කෝවිඩ් -19 සඳහා රසායනාගාර පරීක්ෂණයේ (ආර්ටී-පීසීආර්), සයිප්රසයට පැමිණි පසු COVID-19 පරීක්ෂණයට භාජනය කිරීමේ අවශ්යතා සපුරාලන මගීන් සඳහා, ලර්නාකා ගුවන් තොටුපලේ යුරෝ 30 ක් සහ පැෆොස් ගුවන් තොටුපලේ යුරෝ 32 ක් වේ."
 
අනවශ්ය බාධාවන් මගහැරීම සඳහා දී ඇති උපදෙස් පිළිපදින්න.