ඊශ්‍රායලයේ රැකියාවකට යන්න ඉන්න අයට මේ ආරංචිය නම් සුබයි

ඊශ්‍රායලයේ රැකියාවකට යන්න ඉන්න අයට මේ ආරංචිය නම් සුබයි

ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර සෘජු  ගුවන් සේවා මෙහෙයුම් ආරම්භ කිරීමට දෙරට අතර එකඟතාවය පළ කර තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ වසා දැමුණු රට සංචාරකයින් සඳහා යළි විවෘත කිරීමත් සමග ගුවන්සේවා ආරම්භ කිරීම සම්බන්ධයෙන් තානාපති කාර්යාල හා සංචාරක අමාත්‍යාංශය අතර සාකච්ඡා ආරම්භ වී ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් සේවා කඩිනමින් ආරම්භ කිරීමට තීරණය වී තිබේ.

දෙරටේ සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමෙන් පසුව එළඹෙන මැයි මස සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුළ ඊශ්‍රායල සංචාරකයින් 2000ත් 5000ත් අතර පිරිසක් මෙරට සංචාරය කරනු ඇති බවට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

ඊශ්‍රායලයේ රැකියාවකට යන්න අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ටත් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවෙන අයටත් දෙරට අතර සෘජු ගුවන් ගමන් ඇරඹීම නිසා පහසු ගුවන් ගමනක් සැලසෙනු ඇත.