මේ සටහන පිටරට ඉන්න අපේ රටවිරුවන් ගැනයි -බලන්න නීති ලක්ෂාන් මහතා කියන දේ

මේ සටහන පිටරට ඉන්න අපේ රටවිරුවන් ගැනයි -බලන්න නීති ලක්ෂාන් මහතා කියන දේ

සංක්‍රමණික සේවකයන් ගැන ලියන්නේ අපි කාටත් ඒ ගැන උනන්දු වන්න අවශ්‍යයි කියල මම හිතන නිසා, සංක්‍රමණික සේවකයකු තෙරුම් ගන්න එහෙම වෙන තුරු අපට බැ , ඒ අසරණකම ඉතා අමාරු එකක්.

පිටරටක බොහෝ විට නොදන්න භාෂාවක් කථා කරන අය අතර තනී වීම , ගෙදර හාම්පුතා විසින් පමනක් පාලනය වීම ( මතක තියා ගන්න අපේ රටේ ගෘහ සේවකයකුට ඊට වඩා ගොඩාක් නිදහසක් තියනවා) පිටරටදී ලංකාවේ වගේ නිදහසක් නැ , සංන්නිවේදනය අමාරුයි , හිතුන වෙලාවට ගෙදර එක්ක කථා කරන්න බැ ,

ගෙවල් වල වැඩ හුරු නැ. මොකද පුහුණු වෙලා ගියත් මාලිගාවල් වගේ ගෙවල් වල තනි උනාම අසරණයි ( මේක බොහෝ විට බලපාන්නේ ගෘහ සේවයට යන අයට )

ඔබ අහන්න පුලුවන් ඇයි එහෙම යන්නේ කියලා. දුප්පත් කමට හසු උනාම අපිට කෙනෙක් එකෙන් මිදෙන විදිය තේරුම් කරල නොදුන්නොත් අපිට වෙන විකල්පයක් නොපෙනෙන විට තියන හොඳම විකල්පය තමයි මේක , කිසිම කෙනෙක් ජොලියට රට යන්නේ නැ යම් හෝ සිහිනයක් තියනවා, තනිකම , කැම වල තියන වෙනසත් , අධික වැඩ , නිවාඩු නැතිකම වගේ මහා ප්‍රශ්න ගොඩාක්.

මම එක්තරා කේබල් රුපවාහීනී චැනලයක රැ 11 සිට 12 සංක්‍රමණික සේවකයට වැඩසටහනක් කලා ඔවුනට තියන අයීතිවාසිකම් මොනවද කියලා කිව්වා , එක අයෙක් කථා කරා සෞදි අරාබියේ සිට. මේක උනේ 2016 විතර එයා කිව්වා එයාවයි එයාගේ බිරිඳවයි එයාගේ හාම්පුතා හෙට විකුණනවා කියලා. මම ඇහුවා ඇයි එහෙම විකුණන්නේ  කියලා. එයා කියනවා එයාට දැන් වැඩ කරන්න අමාරුයි. ඒ හින්දා එයාගේ හාම්පුතා ඒජන්සීයට ගෙවු මුදල අය කර ගන්න වෙනත් කෙනෙකුට තමන්ව බාරදීල තමන් ගෙවු මුදල ගන්නවා කියලා. මම එයාට කිව්වා එම්බස්සියට කථා කරන්න කියලා. ඒ වගේම මේක මම බොහෝ දෙනාට කිව්වා සහ එයාට එවලේම කිවා එයාගේ පවුලේ අයට කියන්න මට කථා කරන්න කියලා. බියුරෝවට පැමිනිලි කරන්න. එයලා කථා කරහම එහෙම කරනා හැටි කිව්වා. එම්බසියේ විස්තරත් දුන්න හැබැයි ඊට පස්සෙ මට කතා කරේ නැ.

මැල්සිරි පුර පැත්තේ කෙනෙක් අදටත් මට කියනවා තමන්ගේ දුවව ගෙන්නලා දෙන්න කියල. කාට හරි පුලුවන් නම් කියන්න. සෞදියේ ඉන්නේ මේ වගේ බොහෝ වැඩසටහන් වලදී මම ඇහුවේ දුක හිතෙන කතන්දර. කරන්න පුලුවන් විදියට උදව් කරා. සමහර දෙවල් වලට මට තනියෙන් උත්තර හොයන්න අමාරුයි. අපි මිනිසුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙනවා. එත් පොදු උත්තර හොයා ගන්න වෙනවා. මම කැමතියි රජයට පුලුවන් නම් සංක්‍රමණිකයන්ට ඔම්බුඩ්ස්මන්වරයකු පත් කරන්න. දුක්ගන්න රාල කෙනෙකුට ගොඩක් වැඩ තියනවා.

සංක්‍රමණිකයින්ට උදව් කරන සංවිධානවලට පුලුවන් මේක කරන්න. හොට් ලයින් එකක් දාල ප්‍රශ්ණ කියන්න හා ඒවාට උත්තර හොයන එක ගොඩාක් ලොකු වැඩක් , මම කාලයක් ඔය වැඩේ කලා. ඒත් දැන් මට ධාරීතාවයක් නැ පුද්ගලිකව කරන්නත් බැ. කරනවා නම් උදව් කරන්නම් ලස්සන වැඩක්.

මම පිටරට සංවිධාන දෙකක වැඩ කලා කිව්වනේ ස්වෙච්චාවේන්. එකක් වීසා තියන අයට. අනෙක වීසා නැතී අයට. දෙගොල්ලෝම ලංකවේ සිංහල දෙමල මුස්ලිම් අය , හැබැයී වීසා තියන අය කැමති නැ වීසා නැති අයට උදව් කරනවට. වීසා නැති අයට ප්‍රශ්න වැඩියි. හිරේ යන දේවල් පොලීසී ගානේ යන දේවල් වැඩියි. ඒත් මේ දෙගොල්ලෝම කරන්න අපේ රටට සල්ලි එවන එක. හොංකොංවල ගැනු ළමයෙක් මැරුනා එයාට වීසා නැ එයාගේ මිනිය ලංකාවට එවන්න ගොඩාක් අමාරු උනා , අද උනත් ඒක ගැටලුවක් රජය ටිකක් බියුරෝවට තදීන් හිටියොත් හොඳයී.

අපේ රටේ පුරවැසියෙක් මියගිය විට වීසා තිබුනත් නොතිබුනත් ලියාපදිංචි වුනත් නොවුනත් එයාගේ මිනිය ගෙන්වා ගන්න එක ගැන පවුල් ගොඩාක් අසරන වෙනවා. මොකද ඒ දෙගොල්ලෝම කරන්නේ අපේ රටට විදේශ විනිමය එවන එක , රමදාන් මාසවල මිනිය ගේන එකක් ටිකක් අමාරුයි කල් යනවා, සමහර අය ලංකාවට එන්නේ ගොඩාක් වධ හිංසාවලට ලක්වෙලා රස්සාවලින් දොට්ට දාල. ඒ අයට වන්දි ගන්න පුලුවන් වුන අවස්ථා තියනවා. ඒත් එකට එක් එක් කෙනාට ක්‍රමවේද නැතුව එක්කෝ රක්ෂණයෙන් පිලිගත් මුදල හෝ වෙනත් රජයෙන් පිලිගත් මුදලක් දෙන්න වටිනවා. රුපියල් ලක්ශ දෙක තුනක් නම් වැඩක් නැ. අවම වශයෙන් මිලියන 1.5ක් වත දෙන්න ඔනා ගොඩාක් අය ජීවීත කාලයටම අසරණයි.

හොඳ වන්දි ලැබෙන්නේ ඒ රටේ හම්පුතා රක්ෂණය කලොත් විතරයි. එහෙම වෙලාවට තානාපති කාර්යාලය මැදිහත් වෙලා හොඳ වන්දි ලැබෙන අවස්ථා මම ඕනා තරම් අහල තියනවාත එත් කිසිම දෙයක් නොලැබෙන අයත් ඉන්නවා. එවාගේ අයට යම් වන්දියක් තිබුනොත් හොඳයි.

මගේ මිත්‍ර බිස්නස් ටයිම්ස් එකේ එඩිටර් ෆයීසාල් නිතරම සංක්‍රමණික සේවකයෝ ගැන එයාගෙ කොලම් එකේ ලියනව. ඇත්තටම එයා ඒ ගැන ගොඩාක් උනන්දු කෙනෙක්.සමහර විට ගෙවල් වල ඉන්න අයට උදව් ගන්නත් අමාරුයී. ගොඩාක් අසරන වෙනවා පවුල් පිටින්ම එකම ආදයම මාර්ගය අහිමි වීමෙන් .

හොංකොං වල ඉන්න අයට හොංකොංහි ජීවත්වන හැටි ගැන හොංකොං රජයෙන්ම මුද්‍රණය කල පොතක් දෙනවා. බියුරෝවත් මේක කරන්න උත්සාහ කලා. ඒත් තාම හරියට වෙනවා කියල පෙන්නේ නැ. තමන් යන රටේ භාෂාව හැසීරීම යන්න ඕනි තැන්වල ලිපින, දුරකථන අංක , ගෙවල් වල හෝ සමාජෙ හැසිරෙන හැටි මේ දෙවල් සියල්ලම ඒ පොතේ තිබුනා. මා ගාව ඒ පොත තාම තියනවා .  සමහර අයට රස්සාවෙන් අයින් වෙන්න වෙනවා.එතකොට එයාල එන්නේ පොදු තැන්වලට රටට යන්නේ නැතුව මොනවා හරි හොරෙන් රස්සාවක් කරලා ඉන්න බලනවා. මෙහෙම අයට උදව් කරන්න වැඩ පිලිවෙලක් තානාපති කර්යාලවලට තියෙන්න ඔනා , ඔවුන් සමහර විට බොහෝ ප්‍රශ්න පිටයි ලංකාවෙන් පිටරට එන්නේ , ඒ වගේම ලංකාවේ ගොඩාක් අය පිටරටවල් වල සිර ගෙවල් වල ඉන්න හොංකොං වගේ රටක හිර ගෙයක් උනත් හොඳ තැනක්. මම එහෙම සිරගෙවල් වලට ගිහින් තියනවා ලංකාවේ අය බලන්න.

ඒත් සෞදි අරාබියේ එහෙම වෙන්නේ නැ. එක වෙලාවක එහෙම වෙලාවල් වලට තමන්ගේ රටේ අය ගොඩාක් වැදගත්. අපේ රටේ අය එහේ හිර ගෙවල්වල ඉන්නවා නම් බලන්න යන්න වැඩ පිලිවෙලක් තියෙන්න අවශ්‍යයි.

සිරකරුවන් හුවමාරුව වගේ වැඩක් උනත් රජයට හිතන්න පුලුවන් නම් හොඳයි. මැද පෙරදිග බොහෝ අය කිව්වේ ඒක අපාගත වීම වගේ වැඩක් කියලා , අපේ අයට ගුරුහරුකම් දෙන්න කවුරුත් නැ හෝ ඉතාම අඩුයි. අපේ රටේ ඉන්න අයත් එහේ ගියාම විනෝදෙට බර වෙනව මිසක් සමාජ සත්කාර්යවල යෙදෙන්නේ නැ හෝ අඩුයි, අපේ රටේ මිනිසුන්ව බලා ගන්න එක අපිටම කරන්න පුලුවන්. මම නම් එක කලා ගොඩාක් වෙලාවල් වලට ස්වෙච්චාවෙන්ම කලේ මගේ වියදමින්.

සටහන -නීතිඥ ලක්ෂාන් ඩයස්