සෞදි වැසියන්ට පමණක් වෙන්වූ හජ් වන්දනා සමය ඇරඹෙයි

සෞදි වැසියන්ට පමණක් වෙන්වූ හජ් වන්දනා සමය ඇරඹෙයි

කොරෝනා වසංගතය හමුවේ සෞදියේ වැසියන් පමණක් සහභාගිවීමෙන් පැවැත්වෙන මෙවර හජ් වන්දනාව ඊයේ දිනයේ (17) ආරම්භ වුනා.

හජ් වන්දනාව සඳහා බැතුමතුන් පැමිණීම ඊයේ දිනයෙන් මෙලෙස ආරම්භ වූ අතර සෞදි රජය ප්‍රකාශ කර ඇත්තේ පූර්ණ එන්නත්කරණය කළ සෞදියේ පදිංචි 60,000කට පමණක් හජ් වන්දනාව සඳහා පැමිණීමේ අවසරය හිමිවෙන බවයි.
 
තවද,එම බැතුමතුන් පිරිස තෝරා ගැනීම සිදුකර ඇත්තේද ලොතරැයි ක්‍රමයකට අනුවයි.
 
මෙවර සේම පසුගිය වසරේදීත් කොරෝනා වසංගතය සැලකිල්ලට ගනිමින් හජ් වන්දනාව සඳහා බැතුමතුන් පැමිණීම සීමාකර තිබූ අතර ,ඉන් පෙර වර්ෂයේ එනම් 2019 වසරේදී හජ් වන්දනාව සඳහා බැතිමතුන් විසිපන්ලක්ෂයකට අධික පිරිසක් පැමිණ ඇති බවත් සඳහන්.