ඕමානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගක්

ඕමානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගක්

ඕමාන් සුල්තාන් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැඩි සත්කාර ඒකක ඇඳන් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළේය. රෝහල්වලට බෙදාහැරීමට නියමිත මෙම පරිත්‍යාගය සඳහා ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන්ගේ සහෝදරත්වය, බැංකුකරුවන් හා ඕමානයේ වෙසෙන අනෙකුත් වෘත්තිකයන්‍ විසින් දායකත්වය ලබා දෙන ලදී.

ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ මෙම පරිත්‍යාගය කොළඹ විදේශ අමාත්‍යංශයේ පැවැති උත්සවයක දී භාර දෙන ලදී. අනතුරුව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා එම පරිත්‍යාගය ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමාට සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය ආර්. එම්. එස්. කේ. රත්නායක මහතාට භාර දුන්නේ ය.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මැතිතුමා සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය මෙම පරිත්‍යාග කටයුත්ත සම්බන්ධීකරණය කර එය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු සම්පාදනය කළහ.