ගුවන්තොටුපොළ සේවකයෝ වැටුප් වැඩිවීමක් ඉල්ලති

ගුවන්තොටුපොළ සේවකයෝ වැටුප් වැඩිවීමක් ඉල්ලති

කටුනායක ගුවන්තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය අද (11) සේවක හමුවක් පවත්වමින් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

එහිදී රු 25,000ක වැටුප් වැඩිකිරීමක් ඇතුළුව කරුණු 11ක් පිළිබඳ සාකච්ඡා කර ඇති අතර, එම කරුණු ගුවන්තොටුපොළ පාලන අධිකාරිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

එම ඉල්ලීම් සඳහා නිසි පිළිතුරක් ලබන සතිය තුළ නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ද එම සංගමයේ, සභාපති එම් ඩබ් ඩී මුහන්දිරම් මහතා පැවසීය.

ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලීම් අතර මත්තල ගුවන්තොටුපොළ පිරවුම් හල් රැක ගැනීම, ගුවන්තොටුපොළ රථගාල යළි ලබාගැනීම වැනි කරුණු කිහිපයක් ද වේ.