එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහසේවය සඳහා බඳවා ගැනීමේදී නව නීති පනවයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහසේවය සඳහා බඳවා ගැනීමේදී නව නීති පනවයි

දෙසැම්බර් 15 දින සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලාත්මක වීමට නියමිත ගෘහ සේවිකාවන් පිළිබඳ නව නීතිය යටතේ, සේවා යෝජකයන්ට බලපත්‍රයක් නොමැති නම් ගෘහ සේවිකාවන් සේවය සඳහා බඳවා ගැනීම තහනම් කර ඇති බව එරට මානව සම්පත් අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

“අමාත්‍යාංශයෙන් බලපත්‍රයක් ලබා ගැනීමෙන් පසුව මිස ගෘහ සේවිකාවන් බඳවා ගැනීම හෝ තාවකාලික රැකියා සඳහා ඉඩ නොදිය යුතු බව නව නීතියෙන් නියම කර ඇත” යනුවෙන් එම අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්.

ගෘහ සේවිකාවන් බඳවා ගනු ලබන බලපත්‍රලාභී නියෝජිතයින්ට සහ කාර්යාලවලට ගෘහ සේවිකාවන්ගේ සුබසාධනය සහ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සකස් කරන ලද දැඩි නීති මාලාවකට යටත් වීමට සහ අනුගමනය කිරීමට සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

පනවා ඇති නව නීති අනුව, සේවා යෝජකයන් විසින් ගෘහ සේවා සඳහා රැකියා ලබා දෙන පුද්ගලයින්ට සුදුසු නවාතැන් සැපයිය යුතුය. එමෙන්ම සේවකයින් තාවකාලික කොන්ත්‍රාත්තු මත නොව පූර්ණ කාලීන පදනමින් බඳවා ගන්නා තාක් කල් ආහාර සහ සුදුසු ඇඳුම් ලබා දීම සිදුකළ යුතුය.

සේවයට බඳවා ගන්නා පුද්ගලයින් අන් අය වෙනුවෙන් හෝ ඔවුන්ගේ වැඩ බලපත්‍රයේ සඳහන් රැකියාවේ ස්වභාවයට වඩා වෙනස් වෘත්තියක වැඩ කරන ලෙස ඉල්ලා නොසිටිය යුතුයි ලෙස කොන්දේසි පනවා ඇත.

(නිව්ස් වයර්)