ඔබ ඉන්නේ ඕමානයේ නම් අතපසුවීමකින්වත් මේ වැරැද්ද කරන්න එපා

ඔබ ඉන්නේ ඕමානයේ නම් අතපසුවීමකින්වත් මේ වැරැද්ද කරන්න එපා
ඕමානයේ මස්කට් නුවර ඇති නිවාසවල උඩුමහලේ (බැල්කනිය) රෙදි එල්ලා තැබීම,රෙදි වියලීම සිර දඬුවම් ලැබිය හැකි වරදක් වට එරට රජය විසින් නිවේදනය කර තිබේ.
 
ඒ අනුව, මෙම වැරැද්ද සඳහා පැය 24ක සිට මාස හයක සිර දඬුවමක් හෝ ඕමාන් රියාල් 50 සිට 5,000ක් දක්වා දඩයක් නියම කරන බවත් ඕමානයේ මස්කට් නගර සභාව නිවේදනය කර ඇථ.
 
මස්කට් මහ නගර සභා නීතියේ අංක 14 වගන්තිය අනුව, උඩුමහල්වල බැල්කනියේ රෙදි එල්ලීම වරදක් ලෙස සලකනු ලබන බවත් නීති කඩ කරමින් එම වරද සිදුකරන්නන්හට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මස්කට් නගර සභාව වැඩිදුරටත් නිවේදනය කර තිබෙන බවයි විදෙස් පුවත් සේවා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
 
ඔබ ඕමානයේ සේවය කරන ලාංකිකයෙකු නම් ඔබටත් මෙම නීති වැදගත් වෙන අතර තවත් අයගේ දැනුවත්භාවයට මේ තොරතුරු බෙදා හරින්න.