ලාංකිකයින්ගේ ඊශ්‍රායල් රැකියා සිහිනයට මාවත විවර වෙයි

ලාංකිකයින්ගේ ඊශ්‍රායල් රැකියා සිහිනයට මාවත විවර වෙයි
ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් 27 දෙනෙක්ට අමාත්‍යවරයා ගුවන් ටිකට්පත් ප්‍රදානය කරනු ලැබුවා.
 
කාන්තා ශ්‍රමිකයින් 21 දෙනෙක්ට සහ පිරිමි ශ්‍රමිකයින් 6 දෙනෙක්ට මෙසේ පසුගිය සිකුරාදා ගුවන් ටිකට්පත් ලබාදුන් අතර එයින් 11 දෙනෙක් ඊයේ දිනයේදී ඊශ්‍රායලය බලා පිටත්ව යන ලදී. තවත් 16 දෙනෙක් අගහරුවාදා පිටත්ව යාමට නියමිතයි.
 
අමාත්‍යවරයා, සිය අමාත්‍යධූරයේ වැඩ ආරම්භ කිරීමත් සමග අඩපනව පැවති ඊශ්‍රායල් රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම වේගවත් කිරීම සදහා කටයුතු කරනු  ලැබුවා. ඒ අනුව මේ වන විට ශ්‍රමිකයින් 555 දෙනෙක් ඊශ්‍රායල් රැකියා සදහා පිටත් කර යවා තිබෙනවා.
 
1