ජෝර්දානය ශ්‍රී ලාංකිකයින්ගෙන් වැටුප් නොමැතිව වැඩ ගනියි

ජෝර්දානය ශ්‍රී ලාංකිකයින්ගෙන් වැටුප් නොමැතිව වැඩ ගනියි

වීසා බලපත්‍ර කාලය අවසන්වූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 100කට ආසන්න පිරිසක් ජෝර්දානයේ බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින බවට වාර්තා පළවී තිබේ.

එරට ඇඟලුම් කාර්මාන්ත ශාලාවක සේවය කරන මෙම ශ්‍රි ලාංකික පිරිසගේ වීසා බලපත්‍ර කාලය අවසන් වුවද, ඔවුන්ව යළි මෙරටට යොමුකිරීමට බලධාරීන් කටයුතු කර නොමැති බව සඳහන්ය.

මේ වනවිට වැටුප් ගෙවීමකින් තොරව සිය සේවය ලබාගැනීමට අදාළ ආයතනය කටයුතු කර ඇති අතර යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වී ඇති බවද එහි සේවය කරන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු මෙරට මාධ්‍ය අමතා ප්‍රකාශ කර තිබේ.